Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Randoli Sports Club

88, Kirula Road, Colombo 05


A good drink, bites and lively conversation all tucked away in Colombo 5 – this is really the club for Colombo’s gentlemen of class and distinction.



රන්දෝලි කියන්නෙ සෑහෙන ඉතිහාසයක් තියෙන බාර් එකක්. ප්‍රේමකීර්ති ‘බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ’ සිංදුව ලියල තියෙන්නෙත් රන්දෝලි එකේ බීෆ් ඩෙවල් එකක් කකා ෂොට් එකක් දාන අතර කියල කතාවක් තියනවා.

අරක්කු සහ බාර් කියන්නේ ඇමරිකාවෙ හිටපු බුකොවුස්කිගේ ඉඳල 70-80 දශකවල ලංකාවේ හිටපු ජෝතිපාලලා ප්‍රේමකීර්තිලා දක්වා හැමෝගෙම වගේ ජීවිතවලට ගොඩක් කිට්ටු දේවල්. ඩොමීනියන් (දැන් වහලා),  රන්දෝලි වගේ බාර් පිරිල තියෙන්න අරක්කු, බියර් සුවඳින් විතරක් නෙවෙයි; නොස්තැල්ජික් මතයනුත් පිරිලා. අරක්කුයි කියන්නෙ කොහොමත් හරි ඉමෝෂනල් බීමක් නිසා බොන තැන් කියන්නේ මතක සටහන් උතුරන තැන්.

රන්දෝලි එක දැන් තියෙන්නෙ ඒක ඉස්සර තිබුණු ෆයිෆ් රෝඩ් එකේ තැන නෙවෙයි; කිරුළ පාරේ අලුත් තැනක. ඒත්  අර 70-80 බාර්වල ගතිය එහෙමම තියනවා.

කෑමයි බීමයි

අපි යද්දි හයටවත් නැති නිසා වැඩි සෙනගක් හිටියේ නෑ. ඒක නිසා අපට උඩ තට්ටුවේ එළිමහනේ තියන මේසයක් සෙට් වුණා. ඇතුලේ මේසයක් සෙට් වුණොත් නම් ඉතින් වැඩි හැඩක් නැති බිත්ති ටිකක් මැද ඉඳගෙන තමයි බොන්න වෙන්නේ. හැබැයි ඉතින් ඒක තමයි මේ ජාතියේ බාර්වල අනන්‍යතාවය.

වැට් 9 බෝතලයක් ඕඩර් කරන ගමන් අපි වේටර් අයියගෙන් ඇහුවේ රන්දෝලි එකේ සුප්‍රසිද්ධ නයිමිරිස් සෝස් එක ගැන. ඒක සාමාන්‍යයෙන් එන්නෙ මාළු එකත් එක්ක වුණත් අපිට ඒ වෙලාවෙ කන්න හිතුණේ චිකන්. අවුලක් නෑ; මෙනු එකේ තිබුණත් නැතත් අපට ඕන දේ කියල ඉල්ලගන්න පුළුවන්.

ක්‍රිස්පි චිකන් එක (රු. 825) බැලූබැල්මට වේළිලා වගේ තිබුණත් ලුණු ගම්මිරිස් පදමට වැටිලා තියෙනවා. ගොඩක් සැර නෑ; ඒත් ඒකට හරියන්න තමයි ඔළුවෙන් දුම් දාන තරම් සැර නයි මිරිස් සෝස් එක එන්නේ. හැබැයි කොච්චර ඔළුවෙන් දුම් දැම්මත් සෝස් එක මේසෙ උඩ තියනකල්, හැම බයිට් එකක්ම ඒකේ ඔබලා අරන් කන එක නවත්තගන්න නම් අමාරුයි.

ඉර බැහැගෙන යද්දි අනිත් මේසත් එකින් එක පිරෙන්න ගත්තා. හිස් වෙන බෝතලුයි, බාර් එක පිරෙන හිනා කතා සද්දත් එක්ක දැන් නම් නියම බාර් එකක මූඩ් එක තියනවා.

අපි ඊළගට බයිට් එකට ඕඩර් කළේ ලංකාවේ ජාතික බයිට් එක කියල කියන්න තරම් ප්‍රසිද්ධ හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 730). කියන්න තරම් විශේෂයක් නෑ; සාමාන්‍ය හොට් බටර් කට්ල්ෆිෂ් ම තමයි. (ඒක නරකක් නෙවෙයි)  සමහර තැන්වල හොට් බටර්ඩ් කට්ල්ෆිෂ් එක පොඩි සැර සෝස් එකක් වගේ එක්ක කලවම්කරලා දුන්නත් මේක නම් ඔරිජිනල් විදියට ක්‍රිස්පියට හැපෙන්න තමයි හදලා තියෙන්නෙ. අපි නම් මේකත් කෑවේ ඉතිරිවෙලා තිබුණු නයි මිරිස් සෝස්  එක්ක ;)

අපි තුන්දෙනෙක් ඉඳලත් කලින් බයිට් දෙක තාම ඉවර කරගන්න බැරි වුණා. ඒත් මොනව කෑවත් බත් කෑවෙ නැත්නම් කෑවෙ නෑ වගේ හිතෙන ලාංකික ගතිය අපටත් තියෙන නිසා අපි තායි ෆ්‍රයිඩ්රයිස් (රු. 798) එකකුත් ඕඩර් කළා.

සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල තායි කීවත්, සිංගප්පූරු කීවත්, කොරියන් කීවත් ලැබෙන්නේ එක ම වගේ ශ්‍රී ලංකන් ප්‍රයිඩ්රයිස් එකක් කියල අපි අත්දැකිමෙන් දන්නවා. රන්දෝලි එකේ තායි රයිස් එක ඔරිජිනල් තායි ම කියල කියන්න බැරි වුණත් නිකම් ම නිකං චයිනීස් රයිස් එකකට වඩා පොඩි තායි ගතියක් ගන්න ට්‍රයි කරලා තියනවා. 

සර්විස් එක්

මෙතනට එන සෙනග ප්රමාණයත් එක්ක බලද්දි සර්විස් එක සෑහෙන ඉක්මන් කියන්න පුළුවන්. අපට සම්බු වුණු වේටර් අයියා නම් සෑහෙන හොඳයි. කලිනුත් කීව වගේ මෙනු එක බලනවට වඩා එයා එක්ක කතාකරලා මොනවද හොඳ කියල අහන එක තමයි ලේසි.

ටොයිලට් එහෙමත් සෑහෙන හොඳ මට්ටමක  (බාර් ස්ටෑන්ඩඩ් එකෙන්) තියනවා. අපි එළියෙ හිටියට ඕන නම් ඇතුලේ ඒසී කරපු තැනුත් තියනවා.

අවසාන වශයෙන්

කණ සාක්කුවේ වැටෙන ගාණට බොන එක සාමාන්‍යයෙන් මේ බගේ බාර්වල සම්ප්‍රදාය නිසා අපිත් ඒ සම්ප්‍රදාය කඩකරන්න හිතුවෙ නෑ. වැට්9 බෝතල් 1 ½ ක් එක්ක මේ බයිට් ජාති තුනට රුපියල් අටදාස් ගාණක් කියන්නේ ගාණ පැත්තෙන් බලපුවම නම් සූරාකෑමක් කියලම කියන්න බැරි වුණත් ටිකක් වැඩියි. හැබැයි ඉතින් ඒකෙන් පන්දාහක් විතර අරක්කුවලට. ලංකාවෙ ආණ්ඩුවෙන් බාගයක් විතර දුවන්නෙ අරක්කුවලට ගහන බද්දෙන් නිසා ඒකට නම් ඉතිං රන්දෝලි එකට මුකුත් කියන්න බෑ.


TIP

Do not order the wine.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

88, Kirula Road, Colombo 05

Directions

Randoli is on Kirula Road, just a few meters passed Chitra Lane, just before the Department of Survey.

Contacts

Report Inaccuracy

Open 10.00 AM - 11.00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
W
1

5/5

0

WarunaS

What's their contact no?

B
1

5/5

0

BrianCP

The best is their deviled kadala and pork!!! Best part of 1999 of mine was spent there with equal minded friends. Thanks for this post guys.

W
1

5/5

0

WarunaS

What's their contact no?

B
1

5/5

0

BrianCP

The best is their deviled kadala and pork!!! Best part of 1999 of mine was spent there with equal minded friends. Thanks for this post guys.

See 20 Comments