Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Ranjan's Family Restaurant

402/4, Samagi Mawatha., Hokandara South


Superb place to have delicious meals, bites in a chilled surround and.. they charge no corkage for your booze!



හදිස්සි අවස්ථාවක්! පරණ යාළුවො ඔක්කොම එකට එකතුවෙන්න ඕන වෙලාවක්...

ආයෙ ඉතින් අපි බෑ කියයිද ඒ වගේ වෙලාවක. සනික ගැහුව කෝල් ටිකක් හතර වටේට. ගහල එක එක්කෙනා බාරගත්ත, ඒ ඒ ගේන්න ඕන දේවල්.

කේක්, අරක්කු, බයිට්... ඔක්කොම ඉතින්. ඊටත් එකෙක් ට්‍රාන්ස්පෝටුත් බාරගත්ත එකනෙ වැඩේ වුණේ. කොහොමහරි ඔන්න, මේ ප්ලෑන් එක නම් අපේ අදාළ යාළුව දන්නෙ නෑ. එහෙමයි කියල අපි එයාට කියන්න ගියෙත් නෑ. මොකද එහෙම වුණොත් ඒකෙ ගතියකුත් නැති වෙනවනෙ.

ඒත් ටයිම් එක අල්ලලා... කේක් සමඟ තුනදෙනෙක් ගාණට, එයාගෙ ගෙදරට. ඒ අතරෙ මායි තව යාළුවො දෙන්නෙකුයි ගියා රෙස්ටුරන්ට් එකට. මොකද සප්‍රයිස් සීන් එක දීලා, කොල්ලව එක්කගෙන එද්දි එතනත් තියෙන්න එපැයි ‘හෑක්’ ගෑවෙන්න. ඒ නිසා මග එන ගමන් ඉඳපු කට්ටියට තමයි සැර ජාති, අඩුමකුඩුම ටික ගේන එක බාර වුණේ.

කිව්වට විශ්වාස කරන්න යාළු... වයසත් එක්ක ආපු පරිණතබාවය නිසාම වෙන්න ඕන, පළවෙනි වතාවට අපේ කට්ටිය වෙලාවට වැඩක් කළා කියන්නකො. සියල්ලම, මං කියන්නෙ සියල්ලම... ගාණට, නූලට මේසෙට! කොටින්ම කියතොත් බයිට්, ඩයට් ටික පවා.

සත්තයි, එක්කෙනෙක්ටවත් හිතාගන්න බෑ ඇත්තටම එහෙම කොහොමද වුණේ කියල. 

හැබැයි ඉතින් එහෙමයි කියල කට්ටිය, නිකම් බලබල හිටියෙත් නෑ. සුපිරි සුවපහසු, අඩියක් ගහන්නම කියාපු බැක්ග්‍රවුන්ඩ් එකේ... හොඳ හැටි ඇහෙන සිංහල සිංදු තාලෙයි, සේවක මිත්‍රයන්ගෙ සුහදශීලි සේවාවෙයි ගැම්මෙන්, පටන් ගත්ත ඔන්න ‘චියර්ස්’ කියල.

“30ට ජයවේවා බච්චෝ...” එකෙක්.

“බැඳපංකො භළ්ළො” තව එකෙක්.

“මෙහ්, ඇත්තටම උබට ලැජ්ජ නැද්ද බං, වටේට ……... ඉන්නෙ. එකක් ගෙනෙන්කො ගෙදට්ට”

ඒ අතරෙ තව එකෙක් පටන් ගත්තා... “මේ ඒක නෙවෙයි බං, දැං මේ පාර ඡන්…”

“තොගෙ …...

කට වහපිය! අවුරුදු ගාණකට පස්සෙ සෙට්වෙලත් ඔය කුණුහරුපෙද ඇදල ගන්න හදන්නෙ. ගහනව තොට බෝතලෙන් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව”

එච්චරයි, ඒ කතාව එතනින් ම ඉවරයි.

ඊට පස්සෙ ඉතින් ෂොටෙන් දෙකෙන් තුනෙන්... පළවෙනි බෝතලේ අග හරියට. අනේ මංදා, මාත් පිස්සුවෙන් වගේ බයිටුත් කාගෙන කාගෙන ගිහින්...

ඇයි ඉතින් රස සුප්පෙට තියෙනවනෙ.

ඇත්තටම ඒ බ්ලැක් පෙපර් මට්න් එක (රු. 1020) නම්...

පොඩි පොඩියට කපල, හොඳ හැටි ගම්මිරිස්, අමු මිරිස්, මාළු මිරිස්, සෝස් අඩුමකුඩුමවල ගලපල... මගෙ හිතේ මට්න් කෑලිත් ළාවට ෆ්‍රයි කරල වෙන්න ඕන. කෑල්ලක් කෑවාම මුලින්ම සැර ගතිය ඇවිල්ල, ඊට පස්සෙ අර හපහප ඉන්න ගතියට සෙට්වෙලා, අන්තිමට ටොප් ම මට්න් රස!

ඊටත්... දෙවනි නැති හොට් බටර් කට්ල්ෆිෂ් එකනෙ (රු. 1130). සත්තයි ඒක නම් ආවා... වාෂ්පයි. ඇයි ඉතින් පට්ට ෆ්‍රෙෂ්නෙ. හැරත් අවංකව හිතන්න යාළු කවදද හොට් බටර් කට්ල් ෆිෂ් එකකින් හරි හැටි කට්ල්ෆිෂ් රසක් ආවෙ කියල. ඒකට මෙයාලගෙ එක. අන්න තියෙනව, ගිහින් කාලා බලන්න... මුලින්ම කරස් ගාලා හැපෙන බැටර් එකේ රසෙන් පස්සෙ නියම දැල්ලො රසක්. අනික ඒ අතරට බැදපු රතු මිරිස් කරලකුත් හැපුවාම, බයිට් එකටත් නොම්මර එකක්!

ඔක්කොමත් හරි ඒ ස්පෙෂල් රයිස් එකට (රු. 1490) නම් ඇඬුණ කිව්වොත් තවත් හරි. මගෙ අප්පෝ යාළු ඒකෙ තිබ්බ දේවල්. ගැඹුරු තෙලේ බැදපු, මාළු, චිකන්, පෝර්ක්, ඉස්සො, දැල්ලො ටික. ඊට පස්සෙ කැරලි වෙන්න දාපු බිත්තර, කැරට් ලීක්ස් ගෝවා අඩුමකුඩුම ටික. ඒ මදිවට තව බුල්සායි එකකුත් උඩින්. අර නාසිගුරාන්, මොන්ගෝලියන්වලට දාන සෝස් මොනවහරිත් දාලා... 

කටක් කද්දි යාළු ඊළඟ කට, ඉබේටම ගානයි.

නොකියන්න හැදුවත් කියන්න ම කියල හිතෙන තඩි සුදුලූනු, ෆ්‍රයිස් ප්ලේට් එකත් (රු. 890) ඇත්තටම හරිම විශේෂයි. මොකද ඒකෙ ගාණත් එක්ක බලද්දි, සාමාන්‍ය බීමකට කියාපු ම නෙ. හිතන්නකො තඩි සුදුලූනු බික් තොගයක් හොඳ හැටි මිරිස්, ගම්මිරිස්, ලුණුවල දවටල, තෙල් ටිකක් දාලා පෑන් ෆ්‍රයි කරල. අර කරවෙච්ච වගේ ඒවා හැපෙද්දී... ෂොට දෙක නතින්ග්, ඉතින්.

ඒ වගේ ම තමයි, 

නතින්ග්, නතින්ග් කියල ගැහුව අපේ කට්ටිය බෝතල් 2-3 වෙනකම්. ඊට පස්සෙ...

අමාරුවෙන් අමාරුවෙන්... ඕං!

මතකෙ හැටියට එකෙක්, දෙන්නෙක්ගෙ කර මතින්...

හී... දන්නැද්ද ඉතින්,

මාත් බිත්තිවල හැපි හැපි... බඩගාමින්!


TIP

Try Mutton

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment