Artwork for Sampath Top - November
Artwork for Kingsbury Sunday

2/5

Rasembula

Kimbulawala junction,Pitakotte road Madiwela


Rasembula gives the vibes of a rural cottage, but their food didn't live up to the expectations.



“ඒ…අන්න චයිනීස් එකක් පහුවුණා බං, අයියෝ!”

“ඒ,..ආං තව කඩයක්, අපෝ ඒකෙ සෙනඟ නෑ”

“ඕ.. ඕං ඉස්සරහ දකුණු පැත්තෙ තව එකක්...! දේශානිගෙ මළ කන්කරච්චලේ.

සිද්ධිය වුණේ මේකනෙ. ගෙදර යන ගමන් මොනව හරි පොඩ්ඩක් කමු කිව්ව විතරයි, වීල් එකට නැගපු වෙලේ ඉඳන් දේශානි දෙපැත්ත බලබල කඩවල් හොයනව. ඒකත් බලල විතරක් නම් බැරියැ, බලබල බෙරිහන් දෙනවත් එක්කනෙ. බැරිම තැන තමයි මම, “මේ @#$%^&* පොඩ්ඩක් කට වහගෙන ඉඳහන්කො. මම කඩයක් බලල නවත්තන්නං. අතේ තියෙන්නෙ රු. 500යි, මූ හයිෆයි තැන් අල්ලන්න කතා කරනව” කියල පොඩ්ඩක් සැර කළේ.

ඔන්න ඊට පස්සෙ ඉන්නව මූණ එල්ලගෙන. මටත් ඉතින් හෙන අවුල්. මොනව කරන්නද, ඊට පස්සෙ මමත් පටන් ගත්තා වටේපිටේ කඩ බලන්න. ඔය අතරෙ තමයි මට හම්බවුණේ කිඹුලවල හංදියෙ දකුණු පැත්තට වෙන්න තනි මැටියෙන් හදල තිබුණ කඩයක්. ඇතුළෙ කහ පාට ලයිට් දාලා, හරියට ලන්තෑරුම් එළි වගේ. කොටින්ම කියනව නම් දැක්කාම යන්න හිතෙන සීන් එකක් තිබුණේ.

අායෙ මොනවද ඉතින්, ගමේ ටයිප් කඩවලට මම කොහොමත් ආස නිසා, සෙනිකව හැරෙව්වා වීල් එක. හරවල ගියා කඩේ පැත්තට.

ෂහ්! මාර නමක්නෙ තියෙන්නෙ. ‘රසැඹුල’. මේක නම් අනිවා සුපිරි ප්ලේස් එකක් වෙන්න ඕන. පටස් ගාලා වීල් එකට සල්ලි දීලා දේශානිත් එක්ක අඩියට දෙකට කඩේට ගොඩ වුණ මම ඉස්සෙල්ලම දැක්කෙ මැටි ඇතිලි තොගයක් තියෙන බුෆේ ප්ලේස් එක. ඒ මදිවට ඊට මෙහායින් නෙළුම් කොළ මිටියකුත් තියෙනව. ඒත් ෂෝ කේස් එකේ නම් ඒ හැටි කෑම තිබ්බෙ නෑ. නූඩ්ල්ස් වගයකුයි, තව ෂෝටීඊට්ස්, චිකන් ඩෙවල් වගේකුයි විතරයි තිබ්බෙ. ඒත් මුල්ලට වෙන්න තිබ්බ කුස්සියෙන් ඇහෙන කොත්තු සද්දෙන් නම් හොඳට තේරෙනව කොත්තු, රයිස් ටික මෙයාලා එවෙලෙ දාලා දෙන්නෙ කියල.

කොහොම හරි ඉස්සරහ තිබුණ නූඩ්ල්ස් (රු. 240)එක දැක්ක විතරයි මෙන්න දේශානිටත් නූඩ්ල්ස්ම ඕන වුණා. මට ඉතින් තුන් වේලටම බත්නෙ. ඒ නිසා මම ඕඩර් කළේ චිකන් කෑම එකක් (රු. 180). දෙයියනේ කියල කෑම ටික එන්න නම් ඒ හැටි වෙලාවක් ගියේ නෑ. නූල්ඩ්ල්ස් එක විනාඩි 2න් මේසෙ උඩ. අනික බත් එකට මට ඕන එළවළු බෙදා ගන්න චාන්ස් තියෙන නිසා, මම උඩ පැනල ගියේ.

ඒත් ඉතින් මෙයාලගෙ සර්විස් එක නම් අන්තිම සවුත්තුයි. කොටින්ම කියනව නම් කස්ටමර්ස්ලට අඬගහන්නෙ චූස් චූස් ගාලා. ඒකත් කොහොම හරි ඉවසගත්ත කියමුකො, බෙදල දුන්න කෑම ටික කන්න පටන් ගත්තමනෙ මුළු හදවතින්ම කඳුළු පනින්නෙ. ෂික්, කියල හිතෙන තරම්. කොටින්ම කියනව නම් ‘පිටින් ඔපේ යටින් හපේවත්’ නැති තරම්.

අනේ නූඩ්ල්ස් එක එහෙම පිටින්ම පැණි රසයි කියන්නකො. මොන ජරාවක් දාලාද මන්දා චිලී පේස්ට් එකත් පැණි රසයි. ඒ වුනාට මදි නොකියන්න කැරට්, ලීක්ස්, බෝංචි නම් දාලා තිබුණා. හප්පේ! තව පොඩ්ඩෙන් මම කුණු බැණුම් අහගන්නව, නූඩ්ල්ස් එකට ආපු චිකන් කෑල්ල පොඩියි කියල. ඇත්ත තමයි, ඒක ඇඟිලි පුරුකක් සයිස් ඇති. “මට මේ මඟුල කන්න බෑ බං” දේශානිට හොඳටම මළ පැනල. ඊට පස්සෙ මම ගිහින් තව ඩෙවිල් චිකන් එකක් (රු. 180) ඕඩර් කළා. ඒක මේසෙට ආපු වෙලාවෙ තමයි මට @#$%^&* හිනා ගියේ. ඇයි කියන්නෙ, ආවෙ කුකුල් කකුලක්, ඒකෙත් මැද නෑ කියන්නකො. අර ගෙඩිය වගේ ටිකේ විතරයි මස් තියෙන්නෙ. මම මුකූ..ත් නොකියා, දේශානිගෙ පැත්තවත් නොබල, පන් වට්ටියට ආපු මගේ බත් එක අතට ගත්තා.

ෂහ්! අන්න බත්. යකෝ ඊට වැඩිය හොඳයි පුන්නක්කු ටිකකට තුනපහයි වතුරයි දාගෙන කනව. අනේ චිකන් හොද්දෙ තනිකර වතුරයි, තුනපහයි විතරයි. හැබැයි නූඩ්ල්ස් එක වගේ නෙවෙයි මේකෙ චිකන් කෑලි දෙක නම් තඩි සයිස්. අනික පරිප්පු එක එහෙමත් හොඳ සීතලට තිබ්බ. එතකොට, පොලොස් එක! ඒක හොඳයි ජීවිතේට පොලොස් නොකාපු කෙනෙක්ට. පොඩි පොලොස් කෑලි හරියට තැම්බිලාවත් නෑ. ඒ මදිවට දාපු තුනපහත් අමුයි. තව මොනවද වැටකොළුයි, සෝයාමීට් තෙල් දාපු එකකුයිත් තිබ්බා. ඒව ගැන ඉතින් කියල වැඩක් නෑ. අවංකයෙන්ම, ගන්න කියල දේකට තිබ්බෙ අඹ මාළුව විතරයි.

අන්තිමට කොහොම හරි එදා දවසෙ රාත්‍රී ආහාර වේල, කොහෙදෝ යන රසැඹුලක් නිසා බල්ලටම ගියා කියන්න තමයි තියෙන්නෙ. අනේ මන්දා, එක්කො එදා දවස විතරක් අවුල් වෙන්න ඇති?, නැත්නම් ලොක්කා නිවාඩු ගිහින් වෙන්නත් පුළුවන්?

ඇයි අප්පා, අච්චර ලස්සනට හදපු කඩේක කෑම එච්චර අවුල් කියල හිතන්නවත් පුළුවන්ද කියන්නකො?


TIP

Try pork curry.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment