Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

3/5

Rasembula

Kimbulawala junction,Pitakotte road, Madiwela


Rasembula gives the vibes of a rural cottage.



‘මං කිව්වෙ...

එදා ඒකෙ එක්කො මොකක් හරි අවුලක් ගියා, නැත්නම් ලියපු ලිවිල්ල දැකල අයිතිකාරයට ඇස් ඇරුණ.’

ඒකට දැන් බලන්න එපැයි,

හප්පේ...

මම අද වැඩට එන ගමන් නිකමට ගොඩවුණේ ඒ පැත්තට. තැන දැකල අවදිවෙච්ච පරණ මතකයත් එක්ක, කඩෙත් මොකක්හරි වෙනසක් වෙලාද කියල බලන්න.

වැඩේ කියන්නෙ එහෙම කියල ගොඩවුණා, ගොඩවුණාමයි කියන්නකො. අඩියයි දෙකයි ඉස්සරහට තියන්න හම්බවුණේ යාළු... මම ෆුල් හොල්මන්. ඇයි ඉතින් එහෙම පිටින් ම, මුලු කඩේ ම වෙනස්කරලනෙ. බුෆේ එක, ඩයිනින්ග් එක වෙනවෙනම, එතකොට පුටු මේසත් අලුත් කරල, ඩිම් ලයිට් වෙනුවට හොඳ ලයිට් දාලා, සුපිරි ඈ... ඊටත් සර්විස් එකත් නොම්මර එකට. සේවක මිත්‍රයො දෙන්නයි ඉන්නෙ. හැබැයි දෙන්න වැඩ කඩියො වගේ. මම ගිහින් නිකම් හිටගත්ත විතරයි ඇහුව කියන්නකො, “මහත්තය මොනවද ඕන කියල?”

ඇත්තටම මම කල්පනා කරල තිබ්බෙත් නෑ අඩුම තරමෙ මොනවහරි ගන්නවද කියලවත්.

“ආ... මේ... මෙන්න මේ ෆ්‍රයිඩ් රයිස් එකක් දෙන්නකො”

“සර් මේක මික්ස් රයිස් (රු. 400) හොඳේ හැබැයි”

“ආ කමක් නෑ දෙන්නකො” කියල,

ඊට පස්සෙනෙ බැලුවෙ රයිස් ඇන්ඩ් කරි බුෆේ පැත්ත.

අයියෝ අපරාදෙ හදිස්සිවුණේ කියල හිතුණ ඒ පාර නම්. ඇයි යාළු උණු උණු පෝක් හැළියක් බුෆේ එක මැද්දෙම. මොනව කරන්නද ඉතින් නේ... කියල, ඔන්න ඔහෙ ඔෆිස් එකේ යාළුවෙක්ට හරි දෙන්න බැරියැ!

“දාන්න මල්ලි මෙන්න මේ පෝක් රයිස් ඇන්ඩ් කරි එකකුත් (රු. 300) කහබත්වලින්. එළවළු... අඹයි, කොළ මැල්ලුනුයි, මෑ කරලුයි, පො‌ළොසුයි හොඳේ. ආ... මේ... බැදපු මාළුවෙකුත් (රු. 150) තියන්න වෙනම ම...”

“හරි සර්” කිව්ව, එච්චරයි. කෑම ටික ලස්සනට පාර්සල් කරල මගේ අතට ම.

ආයෙ ඉතින් ඊටපස්සෙ...

දුවල ගියේ වීල් එකට. ගිහිල්ල හිටං ඔන්න සනික ඇද්ද ඔෆිස් එකට. ඒකත් යන ගමන් ම පල්ලෙහා ඉන්න යාළුවෙක්ට ටෝක් කරගෙනමයි ගියේ.

“පැය බාගෙන් එන්න ඈ... ලන්ච් රූම් එක පැත්තට. පෝක් තියෙනව පෝක්, ඒකයි”

“හෑ... සිරාවට! ආයෙ ඉතින්, ලෙවකෑවා වගේ. මම ඇති ටයිම් එකටම එතන හොඳේ”

පෝක් කිව්වොත්? නැතත් ඉතින් කෑම මොනව තියනව කිව්වත්... අපේවුන් ෂාප් ඇට් ටයිම් එතනනෙ.

බත් දෙකම දිග ඇරුණෙ එක පාර ම.

හප්පේ... සුවඳ! ඒකට නම් කටට කෙල උනනව. සත්තයි ඒ පෝක් කරියට නම්... තරු පහයි හොඳේ. ආයෙ මේන් කියල අඩුවක් නෑ යාළු. ලුණු, මිරිස්, තුනපහ ටිකේ ඉඳන්, මසට තුනපහ රස අල්ලපු ගානයි, හොද්ද හිඳුණු ගානයි... පදමටම. වැඩිය ඕන නෑ කටක් දෙකක් කද්දි මට හිතුණෙම, ‘පෝරණු පාන් බාගයක්වත් තිබ්බ නම්’ කියල.

හැරත් ඊට දෙවනි නැති අඹ එක. ෂප්පේ... තනිකරම ගමේ රහට. පැහුණු අඹ මිරිස්, තුනපහ අඩුමකුඩුම ටිකත් නූලට තියෙන්න දාලා, ගානට හින්දල හදල. රතුබත තිබ්බ නම් දනී කන විදිය.

හැබැයි ඔක්කොමත් හරි පො‌ළොස් එකත්... හප්පේ කටේ තියන්න බෑ, පජාතයි! ඒක නම් බිංදුවයි අප්ප. තැම්බිලත් නෑ, මිරිස් තුනපහත් නෑ... කොටින්ම කියතොත් කතාකරල වැඩකුත් නෑ. ම්ම්... කොළමැල්ලුම නම් හොඳයි ආ... පොල් ටිකක් එහෙම දාලා, ළාවට මලවල හරිම රසයි.

වැඩේ කියන්නෙ රයිස් ඇන්ඩ් කරිය කාලා මේ පැත්ත බලද්දිනෙ, මික්ස් රයිස් එක වාෂ්පවෙලා... ඉවර වෙන්න ඔන්න මෙන්න. ඇයි ඉතින් ඒකෙ හීනියට ඉරපු ෆ්‍රයිඩ් චිකන්, ඉස්සො, දැල්ලො, මාළු... සොසේජසුත් තිබිලද කොහෙද. කොහොමහරි කැරට්, ලීක්ස්, කැරලි බිත්තර ටිකත් මදි නොකියන්න ම. ලාවට සැර ගතිය වගේම, චිලිපේස්ට් ටිකක් එකතු වුණාම අඩුපාඩු නෑ කියන ගානට රස හොඳේ...

වැඩිය ඕන නෑ, අපේ එකා කාපු කෑමක් කියන්නෙ, අන්තිමට ඉස්මුරුත්තාවෙ හුස්ම අල්ල අල්ල මගෙන් අහනව...

කෙහෙන්ද බං මේවා?

මාත් ඉතින්

ආඩම්බරෙන්...

කට ඇරල කිව්වෙ,

අපේ ගෙවල් පැත්තෙන් බං, රසැඹුල කියල ප්ලේස් එකකින්!


TIP

Try pork curry.

Have you visited this place?

Write your own review!
Leave a comment