Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Nana's (Galle Face)

Galle Face Drive, Colombo 3


Nana's is the premier dining venue on Colombo’s premier public space, the Galle Face Green. This tented kade is a favourite for kottu and BBQed seafood.



“නානගේ කඩේ වහලා හින්දා ඒකෙ කොත්තු නෑ

ඔය ෆොරීන් කෑම කාලා මට නං ගෙදර යන්න බෑ”

“ආ ගෝල්ෆේස් බහින්න, ගෝල්ෆේස් බහින්න”

බස් එකේ රේඩියෝ එක කොච්චර සද්දයිද කිව්වොත්, මං හිතුවේ තව ටික වෙලාවකින් රේඩියෝ එක පලාගෙන ඉරාජ් අයියා එළියට ඒවි කියල. ඔය අස්සේ කොන්දොස්තර මල්ලිගේ කෑගැහිල්ලත් ඇහෙන්නේ අර සින්දුවේ ම රැප් කෑල්ලක් වගේ. ඔයින් මෙයින් බස් එකෙන් බැහැගත්ත මං වටපිට බැලුවේ අපේ අතිජාති මිත්‍රයෝ රැළ කොහෙද කියල බලන්න. අහ්! ඔය ඇවිල්ලා ඉන්නේ. උන් දැනට ම ඉස්සෝ වඩේ කරත්ත වන්දනාව පටන් අරගෙන. මාත් ශේප් එකේ ඒ ලයින් එකට ම සෙට් වුණේ පරණ ආ ගිය තොරතුරු ටිකක් කතා කරන ගමන්මයි.

පැයක් දෙකක් ගෙවිලා යද්දී ඉරත් හෙමීට බැහැගෙන ගියේ, ගෝල්ෆේස් අද්දර තියෙන නානගේ කඩවල් ටිකේ ලයිට් එක දෙක පත්තු කරන ගමන්. ගෝල්ෆේස් ඇවිදින් නානගේ කඩෙන් කෑවේ නෑ කියන්නේ ඒ ගමනත් අසම්පූර්ණයි. අපි කට්ටියත් හෙමීට මේ පැත්තට කිට්ටු වුණේ කොත්තුවක් කාල ම ගමරටවල් බලා යන්න හිතාගෙන.

තැන  

ගෝල්ෆේස් පිට්ටනියේ තියෙන නානගේ කඩේ, ජීවිතේට හෝ ගාන පොකුණ දැකලා නැති උදවිය අතරත් ප්‍රසිද්ධ එකක්. ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියේ එක්තරා පැතිකඩක් මේකෙන් පෙන්නුම් කරනවා. ඒසී කරපු කාමරවල දාපු සැප පහසු වාතාවරණයක් මෙහෙ නෑ. ඒ වුණාට ප්ලාස්ටික් පුටුවේ වාඩිවෙලා මුහුදු හුළං වැදිවැදී කන එකෙත් ආතල් එකක් තියෙනවා.

කෑම බීම 

අපි ඕඩර් කළේ “ඩෙවිල්ඩ් ප්‍රෝන්ස්” (රු.300) පිඟානකුයි, “බාබෙකියු චිකන්" (රු.250) එකකුයි, රවුෆ් නානාටත් (මේකේ අයිතිකරු) වඩා ප්‍රසිද්ධ නානාගේ කඩේ චිකන් කොත්තුවකුයි (රු.350). බීම වර්ග කියලා විශේෂ දෙයක් මෙහෙ නැති නිසා කොකාකෝලා බෝතලයක් ගත්තා.

විනාඩි 5ක් යන්නැති. මෙන්න ඩෙවිල්ඩ් ප්‍රෝන්ස් පිඟාන අපේ මූණ ඉස්සරහ. ඉස්සෝ එක නම් රසයි, යහමින් ලුණු ගම්මිරිස් එහෙමත් දාලා තිබුණා. ඒ වුණාට ඉස්සර තරම් ම ගතියක් නැහැ. ඉස්සන්ට වඩා වැඩිය තිබුණේ ලූණුයි, මාළු මිරිස් කෑලියි. අනික ඉස්සන්ගේ සයිස් එකත් පොඩියි.

බාබෙකියු චිකන් එක නම් පට්ට. තව සෝස් තිබුණානම් ගමකට කන්න තිබුණා. කටට සැරට පදමත් නියම ගානට හදලා නිසා දුන්නු ගාණට කිසිම පාඩුවක් නැහැ. කොහොමත් කොළඹ පැත්තෙන් අඩු ගාණට හොඳ බාබෙකියු කන්න පුළුවන් තැන්වලින් එකක් තමයි නානාගේ කඩේ. ගම්මිරිස්, ලුණු ටිකක් එහෙම උඩින් ඉහලා, රවුමට කපපු රට ලූණු එක්ක සලාද කොළයක් වගේම, තක්කාලි සෝස් ටිකක් එහෙමත් මේකත් එක්ක ලැබෙනවනේ.

හප්පච්චියේ! චිකන් කොත්තුවේ  තිබ්බ චිකන් තොගේ! නිකන් ඒවත් නෙවෙයි රෝස්ට් කරපුවා. ඔය සමහර කඩවල්වල වගේ එළවළු වැඩියෙන් දාලා, අනිත්වා අඩුවෙන් දාලා ප්‍රෝඩාව කරන සිරිතක් නානගේ කඩේ නැහැනේ. සැර ගතිය ගළපගන්න ඕනේ නම් ඔය පැත්තකින් තියෙන චිලී පේස්ට් එකෙනුත් ඩිංගක් දාගන්නකෝ. පංකාදු පහට රස එනවා.  

සර්විස් එක

ලෝකල්, ෆොරීන් කියලා නෑ, ජාති භේද කුල මළ නෑ, මෙහෙ සේවක මිත්‍රයන් ඕනේ කස්ටමර් කෙනෙක්ට ෆුල් සපෝට්. පටපට ගාලා කෑම මේසෙට එවන්නේ. වාඩිවෙන්න ඉඩ නැත්තන් අලුතෙන් පුටු මේස වුණත් ඇදලා දෙනවා.

අවසාන වශයෙන්

ගෝල්ෆේස් පැත්තේ ඇවිදින් වටේ තියෙන ලොකු හෝටල් හැම එකෙන් ම කෑවත් වැඩක් නැහැ, නානගේ කඩේට ගොඩවෙලා නැත්තන්. අපි දුන්නේ රුපියල් 900යි. ඒ වුණාට කෑවා බඩ කට පිරෙන්න. ඒ විතරක්යැ, යාළුවොත් එක්ක අවුරුදු ගාණක වතගොත හුවමාරු කරගත්තා.


TIP

Pour the devilled cuttlefish over the the prawn and chicken combo kottu, works every time.

Address

Galle Face Drive, Colombo 3

Directions

Galle Face Green is towards the Fort end of Kollpity, opposite the Taj hotel. Walk down the rampart for a few minutes and you'll see Nana's tent.

Contacts

Report Inaccuracy

Open 4.00PM to 2.00AM

Cuisine

Street Food

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Kottu Shawarma

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments