Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

4/5

Nana's (Galle Face)

Galle Face Drive, Colombo 3


Nana's is the premier dining venue on Colombo’s premier public space, the Galle Face Green. This tented kade is a favourite for kottu and BBQed seafood.



ගාලු මුවදොර පිටියට ඉන්න හොඳ කෝකියෙක් තමයි රවුෆ් නානා. බොහොම සුන්දර පරිසරයක, මිල අඩු, මඳක් ආවරණ වූ මෙම අවන් හල කරදිය පිස එන සුළඟ එක්ක ආහාර ගන්න කැමති කෙනෙකුට නම් හරිම අපූරු තැනක්. රැල්ල ටිකක් පාගලා, මුහුදෙ නාලා එහෙ එන ඔබට මුස්ලිම් ක්‍රමයට හදපු, ආහාරයක් රසවිඳින්න ඕනෙ නම් ගොඩ වදින්න කියාපු තැන තමයි. රවුෆ් නානාගේ හට් එක. ග්‍රිල්ඩ් චිකන්, හාෆ් ටෙරියාකි, හාෆ් තන්දූරි බොහොම රසට මෙතනින් මිලට ගන්න පුළුවනි.

ඉස්සො සමඟ කුකුලු මස් කොත්තුව රුපියල් 350කට ගන්න පුළුවන්. දෙන්නෙකුට වුණත් සෑහෙන මේ කොත්තුව නගරයේ තියෙන හොඳ කොත්තුව කියලා අපි බය නැතිව කියනවා. බැදපු මාලු රුපියල් 300 යි. ජින්ජර් බීර බෝතලයක් එක්ක එකතු වුණාම එහි රස නම් කියලා නිමක් නැහැ. නොයෙක් වර්ගයෙ කෑම තියෙන රවුෆ් නානාගෙ කොත්තු කඩයට ඔබට ගොඩ වැදිලාම කැමති දෙයක් තෝරාගන්න පුළුවන් කම තියෙනවා.

කොළඹ වීදියෙ දුවන ගිරියකින් ආහාර ගන්න කැමති අයට, මුහුදෙ ටිකක් නාලා වෙරළෙ විඩා නිවන අයට, වාඩි ගහගෙන සිංදු කියන අයට, මේ කාලෙ සරුංගල් අරින්න ඇවිත් නොදැනිම හවස් වුණ පවුල් වල ගෙදර ගිහින් උයන්න පිහන්න අකමැති අම්මලාට, රාත්‍රී ආහාරය එළිමහනේම ගන්න රස බලන්න හැකි නියම තැනක් විදිහට රවුෆ් නානා ගෙ හට් එක නිර්දේශ කරන්න පුළුවන්.

කොළඹ නගරයේ හදවත බඳු ගාලු මුවදොරෙන් මේ අලුත් අත්දැකීම විඳගන්න. හැම රාත්‍රියකම විවෘත මේ පුංචි අවන් හලට ගොඩ වැදිලා හිතේ හැටියට කොත්තුවක් කන්න. එවිට ඔබට දැනගන්න පුළුවන් රවුෆ් නානා මිනිත්තුවකින් දෙකකින් ලබා දුන් ඒ රසය ගෝල් ෆේස් හෝටලයේ ආහාර වේලක තරු ගණනට කොයිතරම් කිට්ටුද කියලා.

පරිවර්තනය කළේ නෙරංජි

TIP

Pour the devilled cuttlefish over the the prawn and chicken combo kottu, works every time.

Address

Galle Face Drive, Colombo 3

Directions

Galle Face Green is towards the Fort end of Kollpity, opposite the Taj hotel. Walk down the rampart for a few minutes and you'll see Nana's tent.

Contacts

Report Inaccuracy

Open 4.00PM to 2.00AM

Cuisine

Street Food

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Kottu Shawarma

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments