16th Mile Post Junction, Ella, Uva Province
Open until 04:00 PM
රාවණ රජ සමයෙහි ඉදිවූ විශිෂ්ඨ ශෛලමය නිර්මාණයක මෑත යුගයේ පිබිදීමක් ලෙසින් මෙම බොල් ස්වභාවය හැඳින්විය හැකිය.
රාවණා ඇල්ල සිට ඇල්ල නගරය දෙසට කිලෝමීටර 8ක් පමණ ගිය තැන්හි 16 කණුව හංදිය මුණ ගැසේ. එතැන් සිට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ගමන් කිරීමට ඇති කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයෙහි, කිලෝමීටරයකට ආසන්න දුරින් වන ගමනාන්තය 'පුරාණ රාවණා ගුහාව විහාරස්ථානය' පිහිටා ඇත. විහාරස්ථානයට මදක් මෙපිටින් කන්දට වන්නට නිර්මාණය කොට ඇති කොන්කී‍්‍රට් පඩි යෙදු පිය ගැට පෙළ රාවණා ගුහාවෙහි පිවිසුම් මං පෙත වෙයි. එම පිය ගැට පෙළ ඔස්සේ කිලෝමීටර් භාගයකට අධික දුරක් පාගමනෙහි යෙදෙන ඔබට එහි අවසානය 'රාවණා ගුහාව' දැක බලා ගත හැකිය.
කඳු මුදුනකට ඉතාම ආසන්නව මුහුදු මට්ටමෙහි සිට මීටර 1370 (අඩි 4470)ක් උසින් පිහිටා ඇති රාවණා ගුහාව අතර මැදි දේශගුණික කළාපයන් හි පිහිටි ගල් ගුහා අතර විශාලත්වයෙන් ඉහළ ස්ථානයකට හිමිකම් කියයි. ලෙන් මුඛය උසින් අඩි 15කට වැඩි අතර පළලින් අඩි 20කට ආසන්නය. දිගින් අඩි 40කට අධික මෙම ගුහාවෙහි අභ්‍යන්තර භූමියත් ලෙන් වහළය සහ බිත්තිත් ඉතා අවම ලෙස දක්ෂිණාවර්තව වක්‍ර වූ අඩ කේතු ආකාර හැඩයක් ගනී. ගුහාවෙහි අවසානය අඩි 5කට අධික පළලක සිට අඩියකට ආසන්න පළලක් දක්වා අඩි 5ක පමණ දිගක් ඔස්සේ එක් වරම අවසාන වන මුල්ලක් දක්නට ඇත.
එම මුල්ල ස්වාභාවිකව නිර්මාණය නොවූවක් බැව් බැලූ බැල්මට වැටහේ. ඇතැම් විට භූගෝලීය විපර්යාසයන් හේතු කොට ගෙන ලෙන් බිත්තියෙහි කොටසක් කඩා වැටීමක් සිදුවූවා වන්නටද පුළුවන. නමුදු සුවිශේෂී කාරණය වන්නේ ලෙන් මුල්ලෙහි භූමිය මත තරමක් විශාල විවධ හැඩයෙන් යුත් ගල් පතුරු දක්නට ලැබීමත් ඉන් ඔබ්බට ලෙන් මුල්ලෙහි අවසානය තෙක් වන කුඩා ඉඩෙහි ඇති බොල් ස්වභාවයත්ය. රාවණ රජ සමයෙහි ඉදිවූ විශිෂ්ඨ ශෛලමය නිර්මාණයක මෑත යුගයේ පිබිදීමක් ලෙසින් මෙම බොල් ස්වභාවය හැඳින්විය හැකිය. බොහෝ විද්වතුන්ගේ මතය පරිදි එම ස්ථානයෙහි සැඟව ඇත්තේ රාවණ රජුගේ භූගත රජ මාළිගාවක පිවිසුම් මං පෙතකි.
ලෙන් මුල්ලට මෙපිටින් වන ලෙන් භූමිය අඩි 10කට ආසන්න උසකින් යුත් කුඩා කඳු ගැටයක ස්වරූපය ගනී. පළලින් අඩි 5කට වැඩි සහ දිගින් අඩි 2කට ආසන්න ද්විතීයික ලෙන් මුල්ල හමුවනුයේ මෙතැනය. මෙම ස්ථානයත් ප්‍රධාන ලෙන් මුල්ලත් සංසන්දනය කළ පසු ලෙන් බිත්තිය සහ භූමිය අතර වන උසෙහි වෙනස හැරුණු කොට අනෙක් සියළු භූගෝලීය පිහිටීම් බොහෝ දුරට සමාන බැව් නිගමනයකට එළඹිය හැකිය. ද්විතීක ලෙන් මුල්ලෙහි ලෙන් බිත්තියෙහි වන ගල් පතුරු කඩා වැටුණු ස්වරූපයක් පෙනෙන්නට නොමැති අතර භූමියෙහි වූ බොල් ස්වභාවය ද දක්නට නැත.
ද්විතීයික ලෙන් මුල්ල පිහිටි කඳු ගැටය, බෑවුමෙන් තරමක් අවම වෙමින් ඊට මෙපිටින් වන උමග දක්වාත් එතැන් සිට ගුහාවෙහි ඉදිරිපස අවසානය දක්වාත් පිහිටා ඇත. ලෙන් මුඛයෙහි දකුණු පසින් වන මෙම කඳු ගැටය මත අඩි 3කට ආසන්න උසින් සහ පළලින් යුත් උමං විවරයක් දක්නට ඇත. එහි උමං බිත්ති තරමක තෙත් ගතියකින් යුක්ත වන අතර පාංශු තත්ත්වයට පත්වීමට ඉතා ආසන්න උමං බිත්ති වල කළු ගල්, ක්ෂය වීමෙන් පතිත වන ධූලී අංශූන් ඇතිරී උමං භූමිය සැකසී ඇත. ඉදිරියට යත්ම උමග තරමක් පටු වුවද එක්තරා තැනක නතර වූ මා නිකුත් කළ හූ හඬ යළි මාගේ දෙසවනට වැටුණු ආකාරයෙන් මා එළඹුණු නිගමනය වූයේ එතැන් සිට වන තරමක දුරෙහි අවසානය විශාල භූගත භූමි ප්‍රදේශයක් තිබිය යුතු බැව්ය. (උමග තුල බඩ ගෑ ගමන වීඩියෝ පට සහිතව නුදුරු දිනයකදී බලාපොරොත්තු වන්න)
තවද ගුහාවෙන් පිටත කඳු ප්‍රදේශයත් රාවණා ඇල්ල මුදුනෙහි කඳු ප්‍රදේශයත් හොඳින් අධ්‍යයනය කළ හොත් එය රාවණ ඇල්ල පිහිටි කන්දෙහිම ඊට විරුද්ධ ප්‍රදේශය ලෙසින් නිගමනයකට එළඹිය හැකි අතර ඇල්ල ප්‍රදේශවාසීන් අතරද එවන් විශ්වාසයක් වෙයි.
අවංකත්වය නිසාවෙන් තම බාල සොහොයුරු විභීෂණ හට තමන්ගේ යම් යම් දුර්වලතාවයන් ගැන රාවණ රජු පවසනුයේ රජ කමට ලොල්ව මතු දිනයකදී විභීෂණ මෙලෙසින් තමා පාවා දෙනු යැයි නොසිතමිනි. නමුදු රාම, රාවණ යුද්ධයෙහි අවසානය කාල නීර්ණයකින් තොරව රාවණ රජු නිද්‍රාවට පත්වන අතර විභීෂණ ලංකා පුරයෙහි රාජාභිෂේක ලබයි. රාවණ රජු නිද්‍රාවට පත් වුවද ඔහුගේ අසහාය බලය හොඳින් දත් විභීෂණ මතු යම් දිනයක අවදි වන තම සොහොයුරු හට යළි උරුම කර දීමේ අදහසින් රාවණ රජ සමයෙහි නිර්මාණය කරන ලද භූගත ශෛලමය නිර්මාණයන් සියල්ල පාහේ දිගු කාලයක් ආරක්ෂා වන අයුරින් වසා දමා ඇත. මෑත යුගයන් හිදී සිරිලක තුලින් මතු වෙමින් පවතිනුයේ එම නිර්මාණයන් බැව් විද්වතුන්ගේ මතයයි.
බොහෝ දුරට පාහේ රාවණා ඇල්ල ප්‍රදේශයට සමානය.
ස්තූතිය: මා සමඟ පැමිණි ඌව වෙල්ලස්ස විශ්ව වීද්යාලයීය සිසු කැළ වෙත.
Address
16th Mile Post Junction, Ella, Uva Province
Directions
You need to take the road off the 16th Mile Post Junction on the A23 (Ella - Wellawaya) Road.
Report InaccuracyOpen until 04:00 PM
දෙපා යුගල දණ හිසින්…
සුළු වාසි, ලාභ…
මෙම රාවණා ඇල්ල ගල් ගුහාව ස්වභාවිකව බිහි වූ භූ ව්‍යුහයක් වන බව මෙහි වන භූ විද්‍යාත්මක සාක්ෂි මගින් පැහැදිලි වන දෙයකි. අප සිදුකල විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව ගුහාවේ නිර්මාණය ට මිනිසාගේ බලපෑමක් වී ඇති බවට සාක්ෂි නොලැබේ. ගුහාව කෙලවර ඇති ගල් පතුරු ඇති වීම ද අතිශය භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් වන ජීර්ණයේ අත්‍යන්ත ප්‍රතිපලයකි. තව දුරටත් මෙම ප්‍රදේශයේ මෙවැනි ම වූ ස්වභාවිකව නිර්මාණය වූ භූ ගත ගල් ගුහා ගණනාවක්ම ඇත. එමෙන්ම මේවා එකිනෙක සම්බන්දව පවතින බවද සත්‍ය කරුණක්. මාබල් නම් වූ පාෂාණ විශේෂයේ සුවිශේෂී ජීර්ණ ක්‍රියාවලිය මෙම ගුහා නිර්මාණයට හේතුවී ඇති බව නොරහසක්.
This is good article about ravana cave. Find more information about our history. Good luck you aiya. Thank you for this information.
4/5
dpolwatte
An amazing journey into the wilderness, beauty and heights of Ella mixed with Sri Lankan folklore and dark and trekky caves.