Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Red Fort Restaurant

No 2, Victoria Place, Narahenpita


Red Fort Restaurant is a small North Indian Restaurant on a small side road just off Baseline Road. The restaurant looks like an old abandoned house with wild grass and a kid’s playground at the front. The place is quite small but the service here is good and all in all, it’s a quaint, comfy place to have a meal.



රෙඩ් ෆෝට් රෙස්ටොරන්ට් යනු බේස්ලයින් පාරෙන් හැරී යන පුංචි අතුරු පාරක ඇති පුංචි උතුරු ඉන්දියානු අවන්හලකි. මෙය ඉදිරිපිට ඇති වල් තණකොළ හා ළමා ක්‍රීඩාංගණය දෙස බැලූ විට අවන්හල පෙනෙන්නේ අතහැර දැමූ නිවසක් ලෙසය. අවන්හල කුඩා වුවද මෙය කෑම වේලක් ගැනීමට අපූරු සුවපහසු ස්ථානයකි.

නිතර නිතර සිදුවන "Geek Meet" සඳහා සුපුරුදු ස්ථානය රෙඩ් ෆෝට්ය. රෙඩ් ෆෝට් මේස 6ක් පමණ දැමිය හැකි, 20 දෙනෙකුට වඩා අඩුවෙන් සිටිය හැකි කුඩා කෑම වපසරියක් ඇති රෙස්ටොරන්ට් එකකි. එමෙන්ම මෙහි 10 දෙනෙකුට පමණ සිටිය හැකි කුඩා පුද්ගලික කාමරයක්ද ඇත.

අපිට ඔවුන්ගේ නියම ඉන්දියානු කෑම රස බැලිය නොහැකිවීම සම්බන්ධයෙන් ඔබෙන් මුලින්ම සමාව ඉල්ලිය යුතුය. අපට හැකි වූයේ ඔවුන්ගේ 'සෙට් මෙනු' එකේ තිබූ බිරියානි රස බැලීමට පමණි.

ඔබේ දිවා අහාරය සඳහා මෙහිදී නාන් සහ බිරියානි අතරින් ඔබ කැමති දෙය තෝරාගත යුතුය. මම බිරියානි තෝරාගත්තෙමි. මිනිත්තු දහයකින් පමණ (ඔවුන්ගෙ එකම ගනුදෙනු කරු මම වීමි.) වේටර්වරයා දුම්දමන බිරියානි කන්දක් සහිත පිඟානකුත්, යෝගට් එකකුත්, ලස්සන පපඩමකුත්, සැර එහෙත් රසබර ග්‍රීන් පේස්ට් එකකුත් රැගෙන ආවේය.

අපි රුපියල් 325කට මෙපමණ දේවල් බලාපොරොත්තු නොවීමු. දුම්දමන රන්වන් බත් ඇට උඩින් කදිම කුකුළු මස් පදාසයනුත් බැදපු බිත්තරයකුත් තිබිණ. එක්කෙනෙකුට ලැබෙන ආහාර ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්ය. ඔබේ කන්තෝරුවේ මිතුරන් සමග දිවා ආහාරයකට යාමට කදිම ස්ථානයකි රෙඩ් ෆෝට් අවන්හල. අපි ඔවුන්ගේ බිරියානි එකට ලකුණු 7/10 ක්ම දුනිමු. බිරියානිවල තෙල් ගතිය මඳක් අඩු වූවානම් එය ලකුණු  8/10ක් වීමට හොඳටම ඉඩකඩ තිබිණි.

අප එහි ගොඩ වදින විටදී ලැබුණ සේවාවද ඉතා ඉහළය. ඇතුල්වන විටම එය ඔබගේ නිවස වැනි හැඟීමක් ගෙනදෙන අවන්හලකට ඔබ මීට පෙර ගොඩවැදී ඇත්ද? අපිට එසේ දැනුණේ සමහර විට අපි එහි යනවිට එහි සිටි එකම ගනුදෙනු කරුවන් අප පමණක් වීම විය හැකිය. නමුත් අපට බිරියානි ගෙනා වේටර්වරයා ඉතාමත් නිහතමානී මෙන්ම නිතර සිනහවකින් මුව සරසාගෙන සිටියෙකි.

රෙඩ් ෆෝට් දවල් කෑම සඳහා (බිරියානි) ඉතා කදිම තැනකි. අපිට මෙහි වෙනත් කෑමවර්ග ගැන සහතික වීමට බරිය. ඔබ රෙඩ් ෆෝට් ගැන සිතන්නේ කෙසේදැයි දැනගැනීමට අපි ඉතා ආශාවෙන් සිටිමු.

රෙඩ් ෆෝට් හි බුෆේ ක්‍රමයටද දවල් කෑම ඇත. 4 දෙනෙක් කෑම කෑ විට එක් කෙනෙකුට නොමිලේ කෑම ලැබේ.

TIP

They do a buffet lunch (buy 4, get 1 free)

Address

No 2, Victoria Place, Narahenpita

Directions

From Baseline Road head towards Colombo, just after the Military Police, turn left on Victoria Place.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open 12 Noon to 3 PM, 6 PM to 11.30 PM

Cuisine

Indian North Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
5
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments