Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Red Orchids

418/1, Pelawatta


Great please to have a delicious Chinese, Thai dinner freely



වීක්එන්ඩ් එකක එළියට බහින්න හැදුවොත්! වැස්සනෙ.

යකා නගින්නැද්ද කියන්නකො ඉතින්.

ගිය ඉරිදත් එහෙමයි.

කලින් දවසෙ වෙඩිමකට ගිහින් ගසල ගසල මුළු ඉරිදා දවස ම මම කළේ නිදාගත්තු එක.

දන්නැද්ද ඉතින්, අඩිය, දෙක වුණාම ඇඟට අමාරු කරනවනෙ. කොහොමහරි හැන්දෑවෙ 4 විතර වෙද්දි යාන්තම් ඔළුව උස්ස ගත්ත. ඊට පස්සෙ ඉතින් නාලා කරල කුස්සිය පැත්තට ඔළුව දැම්මෙ කන්න මොනවත් තියද කියල බලන්න.

“ආ… තෝ… කා!@#$%^&* නැගිට්ටද?”

අම්ම කුස්සියෙ කියන්නකො.

මම කාමරේට රිංගුවෙ විදුලි වේගයෙන්. නැත්නම් ලුණු ඇඹුල් ඇතුව අහගන්න වෙනවනෙ.

“අද නම් ගෙදරින් කන්න වෙන්නෙ නෑ. ඔන්න ඔහෙ අපේ එකෙක් අල්ලගෙන එළියට යනව.” කියල කල්පනා කරපු මම සෙනිකව ගැහුවා යාළුවෙක්ට කෝල් එකක්.

“අප්පට උඹ කොහෙද යකෝ දවල් දවස තිස්සෙ මකබෑවිලා හිටියෙ.”

උගෙනුත් අම්බානක බැනුම්.

“ඊයෙ පොඩ්ඩක් වැඩි වුණා බං. පොඩි ඇලට් එකක් දාගෙන හිටියෙ. ඒක නෙවෙයි, යමං කෑමට එළියට. මට අද ගෙදර කෑමට වාඩි වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.”

“අනේ… හොඳයි තොපි තනියෙන් බොනවට. යං යං. මං එන්නං සෝටක් දාගෙන”

වැඩේ කියන්නෙ ඒ කතා කරල ෆෝන් එක තිබ්බත් හරි සට සට ගාලා වැටෙන්න ගත්තනෙ තඩි වැස්සක්. යකෙක් කන්න බඩගින්නෙ, මට දැන් අසූහාරදාහට නැගල. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ මම බැලුව පික්මී තියෙනවද කියල.

වෙලාවට! අජිත් අයිය ඉන්නව. ගනියිද...?

ගත්ත කියන්නකො. දෙයියෙක් බ්‍රෝ!

විනාඩි 10ක් විතර ගියාට මොකද ගේ ළඟටම අාපු නිසා මට වැඩේ ලේසි වුණා. වැස්සෙම දුවගෙන ගිහින් වීල් එකට නැගපු මම කෙළින්ම ගියේ යාළුවගෙ දිහාවට. ගිහින් ඒකාවත් දාගෙන ඇද්ද පැලවත්ත පැත්තට. හැමදාම එකම තැනින් කන්න බෑනේ...

දෙපැත්ත බලබල අපි යන අතරෙ තමයි පැලවත්ත බස් හෝල්ට් එක ළඟ තිබ්බ චයිනීස් එක දැක්කෙ. බැලූ බැල්මට නම් හෙන පොෂ් පාටයි…

අප්පට සිරි, මේ රෙඩ් ඕර්කිඩ්ස් නෙ. ආයෙ ඉතින්, අපි දන්න කියන තැන් තමයි. මොකද බම්බත් එකක් තියෙනවනෙ.

“යං යං මෙතන හොඳයි.

හැබැයි ගාණ ටිකක් සැරයි. උඹට අවුලක් නෑනෙ. මම කෝකටත් කියල යාළුවගෙනුත් අහල බැලුව.”

වීල් එකෙන් බැහැල අඩියට දෙකට රෙස්ටුරන්ට් එකට දිව්වෙ වැස්සෙන් බේරෙන්න කියල. දුවල ගිහින් පඩිපෙළ හරියෙදිම වතුර ගසල කරල පුල් ජෙනුඉන් එකේ ඔන්න අපි ඇතුළට යනව ඈ…

“වෙලාව හොඳයි බං සෙනඟ නෑ. යමං අන්න අර මුල්ලට. නිදහසේ කතෑකි”

සුපුරුදු පරිදි මුල්ලක් අල්ලල වාඩි වුණ අපි ඉස් ඉස්සෙල්ලාම කළේ ළඟට ආපු මෙනුව බලල කෑම ඕඩර් කරපු එක.

“මගේ ඉතින් පුරුද්දක් තියෙනවනෙ කොයි කඩේට ගියත්, ඒ කඩේ ස්පෙෂල් එක රස බලන්න. ඒ නිසා ගත්ත ‘රෙඩ් ඕකිඩ්ස් ස්පෙෂල් මික්ස් රයිස් එකක්’ (රු. 830). ඒ අතරට දෙන්නම පෝර්ක්වලට ආස නිසා ‘රෙඩ් චිලි පෝර්ක්’ එකකුත් (රු. 800) ඕඩර් කළා. යාළුව නම් ටිකක් බලල කරල ‘තායි මික්ස් නූඩ්ල්ස්’ එකක් (රු. 980) තමයි ඕඩර් කළේ.

ඕඩරෙන් පස්සෙ අපි රෙස්ටුරන්ට් එකේ වටපිටාව පොඩ්ඩක් නිරීක්ෂණය කළා. කිව්වට විශ්වාස කරන්න යාළු සුපිරි ප්ලේස් එක ඈ… සුව පහසුව උපරිමයි. ඒ විතරක් නෙවෙයි එතනට, එළියෙන් අරක්කු ගෙනැල්ල බොන්නත් පුළුවන් කියන්නකො. හැබැයි ඉතින් ගාස්තුවක් නම් ගහනව ඇති. ඒත් ප්ලේස් එකේ ෂොට් එකක් දාන ගමන් කන්න කියාපු. බැලූ බැල්මට සේවක මිත්‍රයො ටිකත් හරිම සුහදයි. වැඩිය ඕන නෑ, මේසෙට ගේන කෑම ටික අහල බලල සර්ව් කරනවත් කියන්නකො.

අපේ මේසට ආපු කෑම ටිකත් බෙදන්න ඇහුව. නිකම් නෙවෙයි ලස්සන හිනාවක් එහෙම දාලා… අපි ඉතින් එපා කිව්ව. නිකම් හරි නෑ වගේනෙ.

ඊට පස්සෙ යාළුවයි මායි හිතේ හැටියට රයිස් නූඩ්ල්ස් බෙදාගෙන පෝර්ක් හැඳි දෙක තුනකුත් දා ගත්ත. මොකද බඩ පැලෙන්න, හිත පිරෙන්න කන්න එපැයි.

යාළුව නූඩ්ල්ස් හැන්දක් රස බලන අතරට මම ඉස්ඉස්සෙල්ලාම කියල වැඩ ඇල්ලුවෙ පෝර්ක්වලින්.

ෂප්පේ… ටොප් ඈ…! පෝර්ක් කියන්නෙ යාළු… නියමෙටම හදල තියෙනව. හැරත් ප්ලේට් එකටම තිබ්බෙ තෙල් කෑලි 2යි කියන්නකො. අනික සැර ගතිය එහෙම නියම ගානට. රයිස්, නූඩ්ල්ස්වලට විතරක් නෙවෙයි බයිට් එකකට වුණත් පංකාදු පහයි. එකම අවුල තිබ්බෙ සෝස් එක්ක තිබ්බ හොද්ද ටිකක් වැඩි එක තමයි. ඒත් ඉතින් රයිස් එකට නම් ඒකත් ගැළපෙනව. ඇඟිලි පුරුකක් සයිස් පෝර්ක් කෑලිවල නියම රස හොඳ හැටි තියෙන්න ලුණු ගම්මිරිස් දාලා පදම් කරල තම්බල, ලාවට ෆ්‍රයි කරල නිසා නූඩ්ල්ස් කටකට එහෙම පෝර්ක් කෑල්ලක් හැපෙද්දි තලු මැරෙන්න ඉබේටම වගේ.

මොකද නූඩ්ල්ස් එකත් පට්ට රසයිනෙ. පොඩි වේලිච්ච ගතියක් එක්ක කැරට්, ලීක්ස්, බෝංචි, බිත්තර, සීෆුඩ්, පෝර්ක්, චිකන් අඩු නැතුව මික්ස් කරල හදල නිසා... කොටින්ම කියතොත් රයිස් එකටත් වඩා රසයි. විශේෂයෙන්ම කියන්න ඕන එකතු කරපු හැම මස් මාළු කෑල්ලක්ම වගේ පොඩියට කපල ලුණු ඇඹුල්, සෝස් ජාතිවලින් රස කරල පොඩ්ඩක් විතර ෆ්‍රයි එහෙමත් කරල තමයි දාලා තිබ්බෙ. ඉතින් පෝර්ක් නැතත් නූඩ්ල්ස් නම් චිලී පේස්ට් එක්ක වුණත් ගේමක් නැතුව ගොඩ දාන්න පුළුවන්.

ඒත් කියන්න කණගාටුයි යාළු, රයිස් එක නම් ගාණෙ හැටියට සෑහෙන්නම මදි. අනේ මන්ද, බැලූ බැල්මට ඒකෙ අවුලක් පේන්න නැති වුණාට බත් එකේ රස… අන්තිම අවුල්. ලීක්ස් එක්ක බිත්තර, සීෆුඩ්, පෝර්ක්, චිකන් එහෙම එකතු කරල තිබ්බෙ. ඒත් මොකක්දෝ අවුලක් තියෙනව. යාළුව වගේම මාත් බත් එක රස කරගත්තෙ චිලී පේස්ට් එකතු කරගෙන. ඒ මදිවට තෙල් බේරිබේරි තිබ්බ අර පෝර්ක් ග්‍රෙවි එහෙමත් එකතු කරගන්න වුණා. ඇයි ඉතින් රස මදි කියල විසික් කරන්නයැ.

වෙලාවට කල්තියා ලයිම් ජූස් එකකුයි (රු. 200) ඕරේන්ජ් ජූස් එකකුයි (රු. 250) ගෙන්න ගත්තෙ. නැත්නම් රයිස් එක කනව බොරු.

ඇත්තටම මෙයාලගෙ ජූස් නම් සෑහෙන්න හොඳයි. විශේෂයෙන්ම ඔරේන්ජ් එක. ෆුල් ෆෙෂ් කියන්නෙ ආයෙ, අර ලෙල්ල එහෙමත් දාලා තලල කරල අරගෙනද කොහෙද අමුතුම නැචුරල් ගතියක් තියෙන්නෙ. ලයිම් එකත් නරකම නෑ. හැබැයි ඇට ටිකයි ලෙල්ලයි එක්ක බ්ලෙන්ඩ් කළා නම් ඔයිට වැඩිය රස වෙනව.

කොහොම වුණත් එකක් කියන්න ඕන. බම්ම, එම් සී. ‘රෙඩ් ඕර්කිඩ්ස්’ එකට වඩා නම් මෙතන දාහකින් හොඳයි. ඇයි ඉතින් අතන කෑමත් මේ තරම්ම කොලිටි නෑනෙ. අනික නිදහසත් බිංදුවයිනෙ ඉතින්.


TIP

Try Thai Styles

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment