Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Red Orchids

35, Castle Lane, Colombo 4


Red Orchids is like the new Flower Drum, with the same staff and waiters, and again they do tasty classic Sri Lankanized Chinese food at affordable rates.



කිරිබතයි කට්ට සම්බෝලෙයි එකට යනවා වගේ ලංකාවේ චයිනීස් කෑම එක්ක අවුරුදු ගාණක් තිස්සේ එකට ගිය නම තමයි කොළඹ ෆ්ලවර් ඩ්‍රම් රෙස්ටෝරන්ට් එක; හැබැයි ඔරිජිනල් ෆ්ලවර් ඩ්‍රම් එක. දැන් ඒක වැහිලා ගිහිල්ල. තියෙන අලුත් ෆ්ලවර් ඩ්‍රම් එකෙන් නං ඒ පැරණි රස නහර පිනා යන රසය ගන්න බැහැ. ඒ රස ගන්න ඕනේ නං යන්න ඕනේ බම්බලපිටියේ මැරීන් ඩ්‍රයිව් එකයි කාසල් වීදියයි එකට හම්බවෙන තැන තියෙන රෙඩ් ඔර්කිඩ්ස් රෙස්ටෝරන්ට් එකට.

කෑම

මෙතන ෆ්ලවර් ඩ්‍රම් එක වගේ කියල කිව්වෙ ඔරිජිනල් ෆ්ලවර් ඩ්‍රම් එකේ ස්ටාෆ් එකේ හුඟක් අය දැන් මෙතන වැඩ කරන නිසා. අපි කලින් මෙතනට ඇවිල්ල සතුටු වෙලා ගියා. ඉතින් මේ සැරෙත් මේ පැත්තෙ ආවේ හොඳ කෑමක් ලැබෙන බලාපොරොත්තුවෙන්.

අපි Red Orchids Special Fried Rice එකේ කුඩා ප්‍රමාණයේ ඔර්ඩර් එකක් ගත්තා (රු.750). මදිවෙයි කියල විශේෂ නුඩ්ල්ස් එක ගන්නත් හිතුවට අපි ගාවට ආපු වේටර් සහෝදරයා කිව්වා දෙන්නෙක්ට ඒ බත් එක හොඳටම ඇති කියල. ඉතින් ඒ කියපු දේ අහල අපි ඒක විතරක් ඕඩර් කළා. හොඳ වෙලාවට එහෙම කළේ මොකද ඒ ආපු ප්‍රමාණය කාල ඉවරවෙනකොට දෙන්නට ඉස්මුරුත්තාවට වගේ. දැක්කම නං වැඩිය බත් ප්‍රමාණයක් නැහැ වගේ පෙනුණට ඒ බත් එක සැහෙන්න බරයි. හාල බෙරි නොවෙන්න නියම ගානට තම්බිලා තිබුණා. පොඩි බිත්තර, මාළු, ඉස්සෝ කෑලි යහමින් එකතු කරලත් තිබුණා. හරිම රසයි.

ඒ වේටර් සහෝදරයාගේ උපදෙස් මතම අපි Pork with Dry Red Chillies එකක් ගත්ත (රු.800). තව Crispy Fillet of Fish දීසියකුත් ගත්තා. පෝර්ක් එක නං මස් පොඩියට කපල එළවළු, ළුණු කෑලිත් එක්ක තුනපහ සැර හොඳට එන හොද්දක උයපු කෑමක්. මස් කෑලි මෙළෙක් වෙනකං තැම්බිලා තිබුණා. ඒ වගේම මස්වල රස හොඳට දිවට දැනුණා. වෙන තැන්වල වගේ මස්වල තෙල් කෑලි දාල ෂේප් වෙන්න හදල නැහැ. නියම මස් කෑලි දීසියේ තිබුණා. හැබැයි නමේ මිරිස් ගැන කියල තිබුණ හැටියට, තිබුණට වඩා මිරිස් කෑලි අපි බලාපොරොත්තු වුණා.

ඇත්තටම හැබැයි අපේ දවල් කෑමේ තරුව නං Crispy Fillet of Fish එක (රු.880). මේ ඝණකම් තෝර මාළු කෑලි ටිකක් අරගෙන ඒවා පිටිවලින් හදපු පොකට් වගයක් ඇතුළට දාල ගැඹුරු තෙලේ බැදලා. ඊට පස්සෙ ඒක ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකක ආයෙත් උයල තමයි අපේ මේසෙට ඇවිල්ල තිබුණේ. මාළු ටික නං පංකාදුයි. හොඳ අලුත් මාළු. නියම මාළු රස එනවා විතරක් නෙමෙයි, හැන්දකින් ඇනපු ගමන් කෑලි වෙන්න තරං මෙළෙක් වෙලා. කටේ දියවෙලා යනවා. ඒ වගේම පිටි දවටනෙත් හරි රසයි. සෝස් එකේ වැටිලත් තාම පොඩ්ඩක් ක්‍රිස්පී ගතියක් ඉතුරු වෙලා තිබුණා නමේ තියෙන හැටියටම. සෝස් එකත් මරු; මේක එක්ක ඕන දෙයක 100ක් විතර කන්න පුළුවන්. සෝස් එක සවර්වලට වැඩිය ස්වීට් පැත්තට තමයි හුඟක් බර. පොඩි මිරිස් කෑලි වගේකුත් පේන්න තිබුණත් සැරක් නං කොහොමත්ම තිබුණේ නැහැ.

අතුරුපසට අපි ලයිචීස් සමග අයිස්ක්‍රීම් ගත්තා (රු.350). ලයිචිස් කියන්නේ චීනෙන් එන පලතුරක්. ඉතින් මෙහෙ අපිට හොයාගන්න පුළුවන් ටින් කරපුව විතරයි. මේත් ටින් කරපු ලයිචිස් තමයි. මේකට ආසන්නතම ලංකාවේ පළතුර රඹුටන් වෙන්න ඕනේ. ලයිචිස් දාල තිබුණා පැණි සිරප් එකේ රස තමයි වැඩිය ආවේ. අයිස් ක්‍රීම්වලිනුත් එච්චර රසක් ආවේ නැහැ.

සේවාව

සේවාව නං මරු. කලින් කිව්වා වගේ කට්ටිය මෙනුව හොඳට දන්නවා; හරි උදව්වයි. කෑම ඉක්මනට ආව විතරක් නෙමෙයි, පිඟන්වලට බෙදලම තමයි වේටර් සහෝදරයා අතුරුදහන් වුණේ. දෙවැනි සැරේකට අපිට බෙදල යන්නත් ආයෙ ආව. කොහෙන් ආවද, කොහොම හරි වෙලාව දැනගත්තද කියල අපිට හිතාගන්න බැහැ.

තැන

තැනේ වැඩි වෙනසක් වෙලා නැහැ. සාමාන්‍ය හෝටල් අලංකරණයක් තමයි තියෙන්නෙ. එහෙං මෙහෙං පොඩි පොඩි චීන බඩු නං ලස්සනට තියෙනවා. හරිම පිරිසිදුයි කියල නං කියන්න ම ඕනේ.

අවසාන වශයෙන්

ශ්‍රී ලාංකීය ක්‍රමේට හදන චීන කෑම කන්න හොඳම තැනක් කියල තමයි රෙඩ් ඕකිඩ්ස් එක අපිට තේරුණේ. පොකට් එකට ලොකු තට්ටුවක් වදින්නේ නැතිව හොඳට රසට බඩ කට පිරෙන්න කාල එන්න පුළුවන්.

Address

35, Castle Lane, Colombo 4

Directions

Castle Lane is near the Bamba flats, almost opposite Shakthi Institute. Head down here to the Marine Drive end and you'll see it on your left.

Contacts

Facebook Website

Report Inaccuracy

Similar Places

User Reviews
K
1

2/5

0

Kamil

I recently visited Red Orchid Restaurant Col 4 with my family for dinner. While the service was excellent, food was not upto Mark and definitely not a patch on Flower Drum!

K
1

2/5

0

Kamil

I recently visited Red Orchid Restaurant Col 4 with my family for dinner. While the service was excellent, food was not upto Mark and definitely not a patch on Flower Drum!

See 9 Comments