35, Castle Lane, Colombo 4
Closed right now
Red Orchids is like the new Flower Drum, with the same staff and waiters, and again they do tasty classic Sri Lankanized Chinese food at affordable rates.
ලංකාවෙ රහට චයිනීස් කන්න තරමක් ප්‍රසිද්ධ තැනක් බම්බලපිටියෙ කාසල් ස්ට්‍රීට් එකේ තියන රෙඩ් ඕකිඩ්ස් චයිනීස් රෙස්ටොරන්ට් එක.
මේක තියෙන්නේ මැරීන් ඩ්‍රයිව් එකෙන් කාසල් ස්ට්‍රීට් එකට දානකොට ම දකුණු පැත්තෙ. ඇතුළු වුණාම පේන දර්ශනේ නං සාමාන්‍ය චයිනීස් රෙස්ටොරන්ට් එකකට වඩා ලොකු විශේෂයක් නෑ. ලොකු ලී කෑම මේස පුටු එක්ක තැන් තැන්වල චයිනීස් විසිතුරු සැරසිලි ටිකක් සිවිලිමෙයි බිත්තිවලයි එල්ලලා කරලා තිබුණා. පිරිසිදුකම පිළිවෙළ අතින් නං සෑහෙන ඉහළ පාටයි. අපි ගිය වෙලාවෙ වැඩි සෙනගක් හිටියෙත් නෑ.
අපි සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් ස්මෝල් පෝෂන් එකයි (රු. 1060), හොට් බටර් කට්ල්ෆිෂ් ස්මෝල් පෝෂන් එකයි (රු. 1130), චිලි චිකන් විත් කැෂුනට්ස් එකයි (රු. 1020) ඕඩර් කළා.
ලූනු කොළවලින් එහෙම සරසල රන්වන් පාටට ආපු හොට් බටර් කට්ල්ෆිෂ් එක හොඳට ම ක්‍රිස්පි ගතියයි. ගාණට බැදිලා. බටර් රහත් හොඳට මික්ස් වෙලා තිබුණා. ඒ වගේ ම පෝෂන් එක ඒ ගාණට පාඩු නෑ. එක ම කේස් එක ලුණු රහක් තදට ආපු එක තමයි.
චිලි චිකන් විත් කැෂුනට්ස් එකට කජු ගොඩක් දාලා තිබුණා. බෝන්ලස් චිකන් කෑලි ටිකත් මෙළෙක් ගතියට කටට රසට. හැබැයි යන්තමින් එන පැණි රසත් එක්ක මේක තව ටිකක් ස්පයිසි වුණා නං හොඳයි. මොකෝ අපි කටට සැර ඩිෂ් එකක් සජෙස්ට් කරන්න කිව්වම ඒගොල්ලොමයි චිලි චිකන් එක හොඳයි කියල යෝජනා කළේ. ඒත් කියපු තරං සැරක් නං නෑ. කොහොම වුණත් ලූනු, මාළුමිරිස්, සීසනිං සහ සෝස් එහෙම ඇති පදම් එකතු කරලා නිසා කටට රසයි.
මේ තියෙන්නෙ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක. පෝෂන් එක දෙන්නෙකුට ඉස්මුරුත්තාව හැදෙනකන් කන්න පුළුවන් තරමට සෑහෙන ලොකුයි. බත් ටික කටට සොෆ්ට් වෙන්න, බෙරි නොවෙන්න ගාණට තැම්බිලා. කැරට්, ලීක්ස්, බිත්තර, ඉස්සො, දැල්ලො එහෙම මික්ස් කරලා. පොඩි නෙමෙයි ලොකු ලොකු කෑලි. ඉතිං චිලි චිකන්, හොට් බටර් කට්ල්ෆිෂ් දෙකත් එක්ක ෆ්‍රයිඩ් රයිස් එක ඉවර කරල තමයි අපි පස්ස බැලුවෙ.
අපිට සර්ව් කරපු අය හරිම මිත්‍රශීලී. වැඩි වෙලාවක් ගන්නෙ නැතුව කෑම ටික මේසෙටත් ආවා. ඉතින් සර්විස් එකේ වරදක් නැහැ.
සමස්තයක් විදිහට රෙඩ් ඕකිඩ්ස් එකේ කෑම ගැන අපි සතුටුයි. කලබල නැතිව ඕන තරම් වෙලා අරං කට්ටියක් එක්ක වුණත් නිදහසේ චයිනීස් පාරක් දාන්න හොඳ තැනක්.
Red Orchids is definitely a great choice for a Sri Lankan Chinese meal. The service and food are great and filling while not extravagantly expensive.
Red Orchids is like the new Flower Drum, with the same staff and waiters, and again they do tasty classic Sri Lankanized Chinese food at affordable rates.
සිංහල ලංකාවෙ රහට චයිනීස් කන්න!
සිංහල ශ්‍රී ලාංකීය ක්‍රමේට හදන චීන කෑම කන්න හොඳම තැනක් කියල තමයි රෙඩ් ඕකිඩ්ස් එක අපිට තේරුණේ. පොකට් එකට ලොකු තට්ටුවක් වදින්නේ නැතිව හොඳට රසට බඩ කට පිරෙන්න කාල එන්න පුළුවන්.
Address
Directions
Castle Lane is near the Bamba flats, almost opposite Shakthi Institute. Head down here to the Marine Drive end and you'll see it on your left.
Contacts
Report InaccuracyHavi at Pannipitiya is a good spot to chill with some…
HQ is one of the best places in Kandy to pop in…
This used to be my recent favourite, but not anymore. They confused us with the usual rice I order. And when I asked about the schezwan chicken, i was told that it has no bones and no vegetables, but to see it had more vegetables than chicken. When we questioned, they just apologized. We got discount for credit card, for almost the same menu two days ago, but today we were told that we need to purchase something for another LKR 100 to be eligible for the diacount. They didnt have the dessert we wanted, so we ended-up ordering ice cream which we never wanted. Later on they said that we are still not eligible for the dessert and that we need to purchase for another LKR 300. This got dragged for over 20 minutes, several people spoke to us and nothing positive happened.
However Fried rice with shrimp and chicken doesn't even need any side dishes. Very generous portion size.
Anyway, food being really tasty is not just enough. The experience people get matters a lot too!
Very generous portions for sure. Too sweet for the Sri lankan palate. A cool beer would have been appreciated. Alas! Maybe not for the chinese clientale but spice it up for the lions please.
Restaurant is closes at 3pm and then they open again for dinner. Singapore chilli chicken was yum. they had dumplings for starters. sizzling cuttlefish fish is a must try
2/5
Kamil
I recently visited Red Orchid Restaurant Col 4 with my family for dinner. While the service was excellent, food was not upto Mark and definitely not a patch on Flower Drum!
2/5
ELINA RODRIGO
horrible