Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Red Panda

Red Panda, Ven Baddegama Wimalawansa Mawatha, Colombo 10


Located near Lipton roundabout, Red Panda serves up some good Chinese fare for a decent price.



චයිනීස් කෑම කඩ වැහි වහින මේ කාලෙ හොඳටම බඩගිනි වුණ මහ දවාලක කලබල ටවුන් හෝල් එකේ මුල්ලක හැංගිලා තියන රෙඩ් පැන්ඩා චයිනීස් රෙස්ටුරන්ට් එක හොයාගෙන අපි ගියා. මේක විවෘත කරලා වැඩි කාලයක් නෑ. ඒ හින්දම අලුත් රහට චයිනීස් කන බලාපොරොත්තුවෙනුයි අපි ගියේ.

කෑම

රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන්, නූඩ්ල්ස් එක එක වර්ග පිරුණ දිග මෙනු එකක් අපිට ලැබුණා. අපි ඕඩර් කළේ මික්ස්ඩ් නූඩ්ල්ස්. (රු. 900) මේසෙට ආවෙ ලොකුම ලොකු නූඩ්ල්ස් පිඟානක්. දෙන්නෙකුට කන්න පුළුවන් කිව්වට එච්චර ලොකු පෝෂන් එකක් අපි බලාපොරොත්තු වුණෙත් නෑ. ඉස්සො, මට්න්, බිත්තර කෑලි එක්ක කැරට්, ලීක්ස්, ගෝවා තීරු මික්ස් කරල පාට වැටෙනකන් තෙම්පරාදු කරල. හැබැයි මේකට පොඩි ගම්මිරිස් රහක් එකතු වුණා නං මරු කියල හිතුණේ වැහි දවසක් හින්ද ද මන්දා. චිලී පේස්ට් එකකුත් පැත්තකින් තිබ්බට මොකද ඒකත් එච්චර සැර එකක් නං නෙමෙයි. ලංකාවේ අපිට ඉතිං සැර නැති කෑම කන එක ටිකක් අමාරු වැඩක් නෙ.

හැබැයි හොඳ වෙලාවට අපි නූඩ්ල්ස් එක්ක ඩිෂ් එකක් විදිහට ඕඩර් කළේ ඩෙවිල්ඩ් චිකන්. (රු. 650) ඒක කටට සැරට හොඳ ගාණට නූඩ්ල්ස් එක්ක ගැලපුණා. මාළුමිරිස්, තක්කාලි, ලූණු එහෙම එකතු කරල රතු පාටට තිබ්බ ඩෙවිල්ඩ් චිකන් එකේ නං කියන්න තරම් වරදක් තිබුණේ නෑ.

අතුරුපස

මෙනු එකේ ගොඩක් ඩෙසට් ජාති තිබුණට අපි ගිය වෙලාවේ අවේලබල් චොකලට් බිස්කට් පුඩිං සහ අයිස්ක්‍රීම් විතරයි. අයිස්ක්‍රීම්වල අමුතුවෙන් කන්න දෙයක් නැති හින්ද චොකලට් බිස්කට් පුඩිං (රු. 450) එක කොහොමද කියල බලන්න අපි තීරණේ කළා. ඒක මාරි බිස්කට් තට්ටු එක්ක චොකලට් තට්ටු පිළිවෙළට අඩුක් කරපු, ඊට උඩින් කොකෝවා පවුඩර් ඉහපු, පෙනුමෙන් කියන්න තරම් වරදක් නැති හතරැස් පුඩිමක්. රහ වුණත් නරක නෑ. ඒත් දාල තිබ්බ චොකලට්වලින් පොඩි ඔරේන්ජ් ෆ්ලෙවර් එකක් ආවා.

තැන සහ සර්විස් එක

ඇස් වාට්ටුව ඉස්සරහ ගිනි අව්වෙ එහෙ මෙහෙ දුවන මහ සෙනඟ අස්සෙන් රිංගල, ඇතුල් වෙද්දිම හම්බෙන පඩිපෙළේ උඩට නැඟල රෙස්ටුරන්ට් එකට ඇතුල් වුණාම එළියේ ගෝසාවයි කලබල ගතියයි සම්පූර්ණයෙන්ම අමතක වෙන තරම් නිදහස්. ඒ වගේම වෝල් ආට් එකයි සිටිං ඇරෙන්ජ්මන්ට් එකයි රෙස්ටුරන්ට් එක ඇතුළට පාවිච්චි කරල තියන පාට වර්ගයි ඇහැ පිනවන තරම් හරිම පිළිවෙළයි.

සර්විස් එක ඉතාම සුහදශීලීයි. අවශ්‍ය වුණොත් මෙනු එකේ තියන කෑම වර්ග ගැන වෙන වෙනම පැහැදිලි කරල දෙන්න පවා එයාල ඉදිරිපත් වෙනවා.

අවසාන වශයෙන්

විශේෂයෙන් කියන්න වරදක් නැති හොඳ රෙස්ටුරන්ට් එකක් විදිහට මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතිං චයිනීස් කෑම කන මූඩ් එකක් ආවම අලුතෙන් දැම්ම රෙඩ් පැන්ඩා එක පැත්තෙ ගිහින් බලන්න.

Address

Red Panda, Ven Baddegama Wimalawansa Mawatha, Colombo 10

Contacts

Instagram Facebook E-Mail

Report Inaccuracy

Open until 09:30 PM

Cuisine

Chinese Sri Lankan Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Eggs Meats Seafood Fried Rice Chicken Cuttlefish

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment