Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

2/5

Redberry's

556/2 Marine Drive, Colombo 3


Meh. If you want not-fast fast food, Dinemore (which also has a branch on Marine Drive) is a more reliable option. While Redberry's has a good location, the food is mediocre.



රෙඩ්බෙරිස් හරියට ඩයින්මෝර් වගේ. වෙනසකට තියෙන්නේ ඒක ඩයින්මෝර් එකටත් වඩා නරකයි.

ඩයින්මෝර් කියන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරයක්. මැක්ඩොනල්ඩ් නැත්නම් බර්ගර් කිං එකේ ශ්‍රී ලාංකික අනුවාදය. ඒක ලාභදායී නිකේතනයක්. එහි සබ්, රයිස් ආදිය විකුණනවා. රෙඩ්බෙරිස් කියන්නේ ඒ ඉඩට අලුතින් ඇතුළු වූ අවන්හලක්. එයාලට මැරීන් ඩ්‍රයිව් එකේ වඩාත් හොඳ තැනක් තියෙනවා. අපි කාපු කෑමනම් එච්චර හොඳ නෑ.

කෑම

අපි කෑවා සුපර් චිකන් සබ් (රුපියල් 390) එකක්. ඒක නම් එච්චරම හොඳ නෑ. පාන් ගොඩක් ලොකුයි වගේම වායුවෙන් පිරිලා. චිකන් කෑලි අමුතුයි. හරියට චිකන් කරි වගේ රසයි. සබ් සෝස් එක තත්වයෙන් බාලයි. ෆ්‍රයිස් නම් හොඳයි. ඩයින්මෝර් එකට වඩා වැඩියෙන් ෆ්‍රයිස් දෙනවා.

ශ්‍රී ලාංකික අවන්හල් වල තියෙන විහිළු සහගත දේ තමයි ඒවා කොහොම පටන් ගත්තත් අන්තිමේදී රයිස් ඇන්ඩ් කරි දෙන්න පටන් ගන්නවා, අපි රෙඩ්බෙරිස් එකට ඇතුළු වෙනකොටත් එහෙ හිටපු ගොඩක් අය බත් හෝ බුරියානි කනවා. අපි චිකන් රයිස් ඇන්ඩ් කරි එකක් (රුපියල් 280) කැවා. ඒක කැන්ටීන් කෑම වේලක් වගේ. හරියටම රුපියල් 100කට ගන්න ලොකු කාර්යාලයක කෑම එකක් වගේ. චිකන් ටිකක් කොළ පාටයි. කිසි ගතියක් නෑ.

බීම සඳහා අපි ස්ට්‍රෝබෙරි ලෙමනේඩ් (රුපියල් 370) ඇණවුම් කළා. පැණි රස වැඩියි. ඒත් හොඳයි. රුපියල් 400ක් ආසන්න ගණනකටනම් හොඳ මදි වගේ.

පිහිටීම

මැරීන් ඩ්‍රයිව් හොඳ තැනක් බවට පත්වීගෙන එනවා. ලස්සන දර්ශන තලයකුත් තියෙනවා විතරක් නෙවෙයි ගොඩක් කෑම කන අවන්හල්  පටන් ගන්නවා නිරතුරුවම. රෙඩ්බෙරිස් අවන්හල ලස්සනයි. ගැලපෙන විදිහටම රතු පාටයි. පෙන්නේ හරියට වරලත් අලෙවිහලක් (ෆ්රැන්චයිස්) වගේ. එයාලා ළඟ තියෙනවා වර්ණවත් කළු ලෑල්ලක්, සුව පහසු පුටු, ලස්සන මුහුදු දර්ශනයක්. ඒක ගැවසෙන්න නරක තැනක් නෙවෙයි. කෑම බිම නම් හොඳයි නරකයි දෙකම.

සේවාව

Foursquare වලනම් පැමිණිලි ගොඩක් තියෙනවා. ඒත් අපිටනම් ඒක හොඳයි. හොඳ නැති දේ තමයි වේටර් අපේ සරල ඇණවුම් වත් තේරුම් ගත්තේ නැහැ වගේම අපි බිල ගෙන්න ගන්න හදද්දී අපේ මූණු දිහාවත් බැලුවේ නෑ. සේවාව එච්චර හොඳ නෑ. කළමනාකරුවෙක් අපේ බිල ගෙනල්ල දුන්නා. එයාලට තව දුරටත් දියුණු වෙන්න අවකාශය තියෙනවා.

නිගමනය.

හ්ම්.. ඔයාලට වේගවත් නැති fast food ඕනේ නම් ඩයින්මෝර් හොඳ විකල්පයක්. මැරීන් ඩ්‍රයිව් එකෙත් එයාලගේ ශාඛාවක් තියෙනවා. රෙඩ්බෙරි එකට හොඳ තැනක් තිබුණත් කෑම නම් සාමාන්‍යයි.

TIP

Save yourself the trouble and don't go here.

Address

556/2 Marine Drive, Colombo 3

Directions

From Galle Road, go north past Bamba junction and turn left onto Lower Bagatalle (past Plate and the Tea Board). On Marine Drive, it's north of Majestic City and South of the Marina Casino.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Submarines

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
2
Ambience Rating
3

Similar Places

User Reviews
M
1

5/5

0

Muzan

The food was served with in 20min, friendly staff, great food, nice atmosphere & great place to be with friends & family; hats off Redberry's

H
1

4/5

0

hashanfernando

Nice atmosphear and a beautiful with sea view. Food is really good for the price… but the service could be improved lot. we had burger and sub…both were good specially the fries,,

J
1

3/5

0

Janaka360

lasagna එක නම් නියමයි, burgers නම් හරි ගියේ නෑ. submarine ගැන නම් කියන්න තරම් දෙයක් නෑ …

M
1

5/5

0

Muzan

The food was served with in 20min, friendly staff, great food, nice atmosphere & great place to be with friends & family; hats off Redberry's

H
1

4/5

0

hashanfernando

Nice atmosphear and a beautiful with sea view. Food is really good for the price… but the service could be improved lot. we had burger and sub…both were good specially the fries,,

J
1

3/5

0

Janaka360

lasagna එක නම් නියමයි, burgers නම් හරි ගියේ නෑ. submarine ගැන නම් කියන්න තරම් දෙයක් නෑ …

See 33 Comments