Kandy City Centre, Kandy
Closed right now
Speciality?
හීනියට බියර් එකක් ගැහුවට පස්සෙ ඉතින්.. දන්නැද්ද!
පියාඹල ගිහිල්ල හිටං ඊට පස්සෙ හොයන්නෙ පැණිරස ජාතිමනෙ. ඒ නිසාමයි අපි HQ එකෙන් එළියට බැස්ස සනික ගිහිල්ල ගොඩවුනේ කේසිසි. එකේ රවෙල්ලෝ එකට.
හැරත්.. ස්පෙෂල් කියල ඉස්සරහ ගහල තියෙද්දිම ආයෙ මොන කතාද.
හොඳ හැටි වටපිට බලල කරල ඇතුලට ගිහිල්ලා.. ඔන්න වැඩේ පටන් ගත්ත ඉස්සරහටම හමුවෙන ෂෝ කේස් එකෙන්.
“ම්.. අපිට මේ බ්රවුනි පීස් 2යි (රු. 150), බිස්කට් පුඩිං 2යි (රු. 200), ෆජ් කෑලි 2යි (රු. 100).. මේ ඩාර්ක් ටෆ්ල් (රු. 70), කොෆි ටෆල් (රු. 50), ටර්කිෂ් හාර්ට් (රු. 50) වලිනුත් දෙක ගාණෙ දෙන්නකො”
“හෑ…
අනේ සර් මේ.. අන්තිමට කියපු දෙක ආයෙත් කියන්නකො”
“ආ.. කොෆි ටෆල් දෙකයි, ටර්කිෂ් හාර්ට් දෙකයි”
“හරි සර්”
කියල උස්සල ගත්තෙ ඕං තඩි පෙට්ටියක්. සත්තයි එවෙලෙ නම් මාත් කල්පනා කලා ‘බොලේ අපි මෙච්චර ඕඩර් කලාද?..’
හැබැයි.. බිල එද්දි නම් හිතුන තව ගත්තත් අවුලක් නෑ කියල. ඇයි අප්පේ.. රු. 1000ක් නෑ කියන්නකො සියල්ලටම.
ඊට පස්සේ.. දෙන්න තුන්දෙනත් එක්කම ගිහිල්ල හෙමින් සැරේ වාඩි වුනේ එතනම ඉස්සරහින්. කිව්වට.. පඩිපෙල පාමුලින්. මොකද නිකම් එතන ඇත්තටම තිබ්බ පොඩි ගතියකුත්. බිම වාඩිවෙලා, චොකලට් කකා.. වටපිට බල බලා…
කෙසේ වෙතත් අපි පිවිසුම ගත්තෙ බ්රවුනි කෑල්ලෙන්.
“ම්.. නරකම නෑ. හැබැයි.. ඒ තරම් ඇති හොඳකුත් නෑ. මොකද පළවෙනි කටෙන්ම තේරෙනව ඒක හදල ගොඩක් කල් කියල. කොටින්ම කියතොත් චොක්ලට්වල ෆ්රෙෂ් ගතිය මුලුමනින්ම වගේ ගිහිල්ල. ඊටත් ඒසී. එක නිසා වේලිච්ච ගතියකුත් තියෙනව. පැණිරස, ඩාර්ක් මිල්ක් චොකලට්වල එකතුව පදමට තිබ්බට..
මට නම් ඇත්තටම හරි මදි ඈ..
ඇත්තටම ඒවා මීට වැඩිය ෆ්රෙෂ් එකට දෙන්න තිබ්බ.
එතකොට.. බිස්කට් පුඩිං එකෙත් ඒ සිද්ධියමයි. හරි රහටම හදලා.. විශේෂයෙන්ම ඩාර්ක් චොකල්ට් ටිකක් උඩින් එහෙමත් දාලා.. ෆ්රෙෂ් ගතියෙ අඩුව නොසෑහෙන්න තියල. ඉතින්.. වැඩිය කන්න නම් හිත දෙන්නෙම නෑ හොඳේ.
වෙලාවට අර ෆජ් එක ටිකක් හොඳට තිබ්බෙ. මං හිතන්නෙ උදේ ආපු ඒවා වෙන්න ඇති. ටිකක් ඩාර්ක් චොකෝ රසත් එක්ක පදමට ගැලපුනු මිල්ක් චොකෝ රසයි.. ඇතුලත් හොඳ හැටි කේක් ගතියයි..
වැඩේ කියන්නෙ තව පොඩ්ඩක් සොෆ්ට් වුනා නම්, පංකාදු පහයි ඈ!
අන්න ඒකට ඩාර්ක් ටෆල් එක. ෂැහ්, ටොප්! නොසෑහෙන්න ඩාර්ක් ගතියත් නොතියෙන්න, මැද්දට ක්රීම් එක්ක මික්ස්වුනු විස්කි පොඩ්ඩකුත් තියෙන්න.. බලන්න එපැයි ඒක කද්දි? ම්.. නොම්මර එකයි ආ..
හැරත් ඒකත් එක්කම තකට තක යන ටර්කිෂ් හාර්ට් එක. ඒකෙ මැද්දට දාලා තියෙන්නෙ රෝස් ෆ්ලෙවර්ඩ් ක්රීම් එකක්. හැබැයි චොකෝ එක ඩාර්ක් නිසා, කටක් කනකොටම.. රස නහර පිනා යන්නෙ ඉතින්.
අන්තිමට.. කොෆි ටෆල් එක. ඒකත් නරකම නෑ. ඒත් ඒකට පාවිච්චි කරපු කෝපි ජාතිය නම් එච්චර කොලිටි නැති පාටයි. මොකද නිකම් අර චොකෝ එකේ රසත් අපරාදෙ කියල හිතෙන ගානෙ කෝපි රසක් ඒක.
තව ඉතින් ජාති, අනං මනං තොගයක් තිබ්බ. අපි ගත්තෙ නෑ. මොකද ඒවත් ඒ වගේමද දන්නෙ නෑනෙ.
මොකටද නිකම් අවදානමක් නේ..!
Closed right now
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
Delete Comment