Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Rio Ice Cream (Negombo)

120 Sea Street, Negombo


In Negombo, where you have less ice creamy options (although an Il Gelato is opening up soon), Rio stands as a pleasure dome filled with cool, brightly coloured confections.



රියෝ අයිස්ක්‍රීම් යාපනයේ ජනප්‍රියම අයිස්ක්‍රීම්හලයි. මැරීන් ඩ්‍රයිව්හි ඔවුන්ගේ අයිස්ක්‍රීම් වෑන් එකක් තිබේ. දැන් ඔවුහු මීගමුවේ දිලිසෙන අලුත් අයිස්ක්‍රීම්හලක් විවෘත කර තිබේ.

කෘත්‍රිම ලෙස රසකරන ලද රියෝ අයිස්ක්‍රීම් Il Gelato, Carino's, Baskin Robbins වැනි ඉහළ පෙළේ හිමකිරම අත්දැකීම් ලැබිය හැකි කොළඹ අයිස්ක්‍රීම් වෙළඳපොළේ ඔබගේ පළමු තේරීම වන්නට ඉඩක් නැහැ. එහෙත්, රියෝ අයිස්ක්‍රීම්වලට කවුරුත් ආශා කරන කිසියම් හේතුවක් තිබෙනවා. දැන් එය යාපනයෙන් වැල්ලවත්තට ඇවිත්, මීගමුවටත් විහිදී තිබෙන්නේ ඒ නිසායි.

මීගමුවේ අයිස්ක්‍රීම්හල් ඒ තරම් නැහැ. ඉල් ජෙලාටෝ අලෙවිහලක්නම් ළඟදී විවෘතකරන්න යනබව සැළයි. තද වර්ණ ගැන්වූ, අරුමෝසම් එල්ලූ විදුලි පංකාවක් හා මළානික විදුලි පහන් ඇති මේ අපූරු අයිස්ක්‍රීම්හල වෙරළේ දිගුවෙලාවක් ගතකළ කෙනෙකුට ආකර්ශනයක්. ඇලෙනසුළු ස්ට්‍රෝබෙරි සෝස් මතුපිටින් ඉසින ලද රසවත් වැනිලා හා බ්ලූබෙරි අයිස්ක්‍රීම් එහි ශීත ප්‍රදර්ශන කවුළුවක සිට ඔබ අමතනවා. රියෝ අයිස්ක්‍රීම්හලේ තිබෙන විශේෂත්වය තමයි එහි වර්ණ. අයිස්ක්‍රීම්වල සැකරින්, කෘත්‍රිම රස පුදුමසහගත ලෙස අප්‍රසන්නබවින් තොරයි. මේ අයිස්ක්‍රීම් නිතර කෑම නම් ඇඟට ගුණ නැහැ. මහත මිටි අයිස්ක්‍රීම් වීදුරුවකට පුරවන ලද රියෝ අයිස්ක්‍රීම් කදිම පැණිරසක්. එපමණක් නොවෙයි, එය යාපනයේ උපන් අයට සිය ළමාකාලය සිහිපත් කරවනවා.

අපි කැමතියි රියෝ අයිස්ක්‍රීම්වලට. ඉල් ජෙලාටෝ, කැරිනෝ වැනි තැන්වලින් ලැබෙන අව්‍යාජ රස නැතත්, එහි කිසියම් ආකර්ශනයක් තිබෙනවා. එය රසවත්, ප්‍රීතිමත් වගේම බඩට හොඳයි ඔබ එය කා අවසන් වනතුරු. මීගමු පැත්තේ ඉන්නවානම්, යනවානම් ගොඩවෙන්න එහි.

TIP

Most ice creams are super affordable - huge sundaes are around Rs. 200 and normal scoops are around Rs. 80.

Address

120 Sea Street, Negombo

Directions

Rio's is on Sea Street (where everything is). Fastest is to connect to Sea Street from the St. Mary's junction and drive a bit north.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments