Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

Rio Ice Cream (Wellawatte)

Marine Drive, Wellawatte, Colombo 6


Rio Ice Cream, a Jaffna franchise that's about forty years old (according to Raja at its Wellawatte branch), is idyllic and affordable for ice cream lovers - they're creative with flavours and mix it up for fun with jelly and smarties, because why not?



“නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා

ගල්කිස්සේ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳියාප්පන් බොහොම රසා"

ලංකාවේ එක එක නගරවල නම් එක්ක, අපේ මතකෙට එන ජනප්‍රිය කෑම කීපයක් ගැන නේ මේ සිංදුවෙන් කියන්නේ. එතකොට යාපනේ ගැන කිව්ව ම මතක් වෙන්නේ මොකක්ද? වෙන මොනවද මහත්තයෝ අයිස්ක්‍රීම් ඇර?

හැබැයි මේ කියන්න යන්නේ “යාපනේ අයිස්ක්‍රීම්” ගැන නෙවෙයි. යාපනේ ඉපදිලා, වැල්ලවත්තට ආව රියෝ එක ගැන. කාලෙකින් යන්න බැරි වුණු නිසා අපිත් මේ පහුගිය දවසක ආවා මේ පැත්තේ. මොනවද අලුත් තොරතුරු කියලා බලා කියාගන්න.

තැන

වැල්ලවත්තේ රියෝ එක තියෙන තැන ගැන ඇත්තට ම නොදන්නා කෙනෙක් නැහැ. ඒත් කොයිකටත් කියලා කියන්නම්කෝ. වැල්ලවත්තේ ඉස්ටේසම පහුකරගෙන මැරීන් ඩ්‍රයිව් එක දිගේ දෙහිවල පැත්තට යද්දී තමයි මේක මුණගැහෙන්නේ. අපි මෙහෙට ගියේ සතියේ දවසක හවස් වරුවේ; හවස 6.30ට වගේ. තරමක සෙනගක් දැකගන්න ලැබුණා. කවුන්ටරේට ගිහින් ඕඩරේ දීලා, කතා කළා ම ගිහින් අයිස්ක්‍රීම් එක අරගෙන එන්නයි තියෙන්නේ; හරියට ඔසුසලෙන් බෙහෙත් ගන්නවා වගේ.

කෑම බීම

මෙයාලා කොළඹට සම්ප්‍රාප්ත වුණු දවස්වලට වඩා තරමක් ලොකු මෙනුවක් දැන් තියෙනවා. අලුතෙන් සන්ඩේ සහ මිල්ක්ෂේක් වර්ග කීපයක් ම එකතුවෙලා ඒකට. තිබුණු ඒවයෙත් ගාණ පොඩ්ඩක් විතර වැඩිවෙලා. ඒත් ඉතින් අනිත් ලොකු අයිස්ක්‍රීම් කඩවල් එක්ක සලකලා බැලුවා ම කිසිම අලාභයක් නැහැ.

අපි ඕඩර් කළේ හේසල්නට් අයිස්ක්‍රීම් (රු.350) එකකුයි, රාස්බෙරි සන්ඩේ (රු.350) එකකුයි, බාදම් මිල්ක්ෂේක් (රු.300) එකකුයි. මේ තුනම රියෝ මෙනුවට තරමක් මෑතකදී එක්කාසු වුණු ඒවා.

හේසල්නට් අයිස්ක්‍රීම් කිව්වා ම අපි දත කට මැදගෙන හිටියේ හේසල්නට් පාට, ඒ රසය තියෙන අයිස්ක්‍රීම් එකක් කන්න. හැබැයි පස්සෙයි තේරුණේ ඒක සන්ඩේ එකක් කියලා. අයිස්ක්‍රීම් එක වැනිලා රස එකක්. ටොපින් එක හේසල්නට්. මොනවා වුණත් මේක නියම රස. ඒ ටොපින් එකේ තියෙන හොඳකම තමයි ඒ රසයේ රහස. අනික ලෝබ නැතුව කජුත් දාලා තිබුණනේ.

රාස්බෙරි සන්ඩේ කිව්වට මේකෙන් ආවේ රාස්බෙරි රස ම නෙවෙයි. පොඩ්ඩක් විතර චෙරිවලට හුරු රසක්. මේකෙත් ටොපින් එක සෑහෙන්න රසයි. ලාවට රාස්බෙරි කෑලි වගේ හැපෙන ගතියකුත් තිබුණා. ශේප් එකේ කාගෙන යන්න පුළුවන්.

බාදම් මිල්ක්ෂේක් එක තමයි අපට සුපිරියට ම අල්ලලා ගියේ. සාමාන්‍යයෙන් බාදම් ෂේක් කියන්නේ ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ බීමක්. මේකත් ඒ ඇසුරින් හදපු එකක් බවයි අපට කවුන්ටරේ ඉඳපු අයියා කිව්වේ. කිරි, බාදම් (ආමන්ඩ්) එකතු කරලා හදලා තිබුණු මේ මිල්ක්ෂේක් එකට අපි වහවැටුණා. එනසාල් ඇටවල රසයකුත් මේකෙන් ආවා. ගානට උකු ගතිය. ඕනෙවට වඩා සීනි වැඩි ගතියකුත් නැහැ. කිරි රසිනුත් අනූනයි. කූල් ගතිය නිසා නොවෙන්න, මේක උගුරට දෙකට නොබී ඉන්න අපේ අය නොගත්ත මහන්සියක් නැහැ.

සර්විස් එක

ටිකක් සෙනග ඉඳපු වෙලාවක් වුණත්, අපේ අයිස්ක්‍රීම් ටිකයි, බීම එකයි මේසෙට එන්න ගත වුණේ විනාඩි දහයක් වගේ කාලයක්. ඒ නිසා සර්විස් එක හොඳයි කියලා කියන්න පුළුවන්.

අවසාන වශයෙන්

ඉර බැහැගෙන යන හැන්දෑවක, මුහුදේ ලස්සනත් බලන ගමන් අයිස්ක්‍රීමක් තොලගාන්න කියාපු තැන තමයි මේ රියෝ එක. මේකට යන්න දවස් ගණන් හිතහිත තැවිතැවී ඉන්න ඕනේ නැහැ. මොකද මේක පොකට් එක නැත්තටම නැතිවෙන්න හිඳුණු දවසක වුණත්, බයක් සැකක් නැතුව ගිහින් හිතේ හැටියට අයිස්ක්‍රීමක් රස විඳින්න පුළුවන් තැනක්නේ. අනික ගෙවන ගාණේ හැටියට උපරිම වටිනාකමක් මේ අයිස්ක්‍රීම්වලින් ලැබෙනවා.


TIP

Try the Rio Special. It's special.
All Reviews

The spot for reasonably priced ice creams and shakes, and buzzing crowds.

Rio Ice Cream, a Jaffna franchise that's about forty years old (according to Raja at its Wellawatte branch), is idyllic and affordable for ice cream lovers - they're creative with flavours and mix it up for fun with jelly and smarties, because why not?

සිංහල ඉර බැහැගෙන යන හැන්දෑවක, මුහුදේ ලස්සනත් බලන ගමන් අයිස්ක්‍රීමක් තොලගාන්න කියාපු තැන තමයි මේ රියෝ එක. මේකට යන්න දවස් ගණන් හිතහිත තැවිතැවී ඉන්න ඕනේ නැහැ. මොකද මේක පොකට් එක නැත්තටම නැතිවෙන්න හිඳුණු දවසක වුණත්, බයක් සැකක් නැතුව ගිහින් හිතේ හැටියට අයිස්ක්‍රීමක් රස විඳින්න පුළුවන් තැනක්නේ. අනික ගෙවන ගාණේ හැටියට උපරිම වටිනාකමක් මේ අයිස්ක්‍රීම්වලින් ලැබෙනවා.

සිංහල වෙනදා යාපනයේදී පමණක් රසවිඳින්නට ලැබුණු රියෝ අයිස්ක්‍රීම් දැන් වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් වෙතට ඇවිත්. රතු පැහැති සංඥාවකින් යුතු මේ ට්‍රක් රථය බොහෝ වෙලාවට නවත්තල තියෙන්නෙ හේමර් ඇවෙනියු අසලමයි.

தமிழ் யாழ்ப்பாணத்தில் பல ஐஸ்கிறீம் கடைகள் இருக்கின்றன. அவற்றுள் மக்கள் படையெடுக்கும் இடமொன்றுதான் நல்லூர் கோவிலுக்கு அருகில் அமைந்துள்ள ரியோஐஸ்கிறீம். கொஞ்சநாளாக இதன் கிளையொன்று நீர்கொழும்பு கடற்கரை வீதியில்இருந்தது.

Address

Marine Drive, Wellawatte, Colombo 6

Directions

Stop near Station Road in Wellawatte, find Gaylord Tailors nearby and right opposite it is Lily Avenue - walk down and when you get to Marine Drive it's on your right.

Contacts

Facebook

Report Inaccuracy

Open 10:00 AM to 10:00 PM daily

Price Range

Less than 200

Dish Types

Ice Cream

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
See 14 Comments