Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Rio Ice Cream (Wellawatte)

Marine Drive, Wellawatte, Colombo 6


Rio Ice Cream, a Jaffna franchise that's about forty years old (according to Raja at its Wellawatte branch), is idyllic and affordable for ice cream lovers - they're creative with flavours and mix it up for fun with jelly and smarties, because why not?





ඔව්.. මේ ලිපිය හරියට කියෙව්වොත් ඔබට අවස්ථාවක් තියෙනවා යාපනයට නොගිහින් සීනි වැඩි කරගන්න.

රත්වෙච්ච යාපනය නගරයේ සංචාරයේ යෙදෙන ඔබට අයිස්ක්‍රීම් එකක රස බලන්න ඕනෙ තරම් ආපන ශාලා පෙනෙන්නට තිබුණත්, නල්ලූර් කෝවිල ළඟ තිබෙන රියෝ අයිස්ක්‍රීම් හෝටලය වෙත ඔබ වගේම අනෙක් අයත් ඇදෙන්නෙ නිරායාසයෙන්මයි.

බොහොම කලාතුරකින් රියෝ අයිස්ක්‍රීම් නාමය මීගමුවේ සමහර දින වලදී දකින්නට ලැබුණා. ඉතින් අද ඔබට කියන්න තියෙන්නෙ අන්තිමේදී රියෝ අයිස්ක්‍රීම් කොළඹට ආපු පණිවිඩයයි.සමූද්‍රාසන්න මාවතේ කවදාවත් නොවරදින රතු පැහැති සංඥා කුළුණක් ළඟ නවතා ඇති මේ රියෝ ට්‍රක් රථයෙන් ඔබටත් හිතේ හැටියට අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ඒ වගේම හුඟක් වෙලාවට එය  වැල්ලවත්ත ප්‍රදේශයේ හැමර්ස් ඇවනියු එක එහාපැත්තෙ නවතා තිබෙනුත් හොයාගන්න පුළුවන්.

කොහොමද රියෝ අයිස්ක්‍රීම් අනෙක් අයිස්ක්‍රීම් අතරින් වෙනස් වෙන්නෙ? අංක එක තමයි රියෝ අයිස්ක්‍රීම් ගෙවන මුදලට හොඳටම සරිලනවා. උදාහරණයක් ගත්තොත්, හරියට අසූව දශකයෙ ගිය ෆයිට් පහයි සින්දු හතයි තියෙන සාම්ප්‍රදායික ආදර කතාවකට මැදි වෙච්ච ලස්සන දෙමළ චිත්‍රපටියක් වගෙයි. ඒ කියන්නෙ හැම රසයකින්ම අනූනයි. කාලා බැලුවොත් ඇත්තටම ඔබට එය දැනේවි.

අනිවාර්යයෙන්ම ඔබට රියෝ වෙතින් වුණත්, තනිකරම චොක්ලට් හෝ වැනිලා අයිස්ක්‍රීම් එකක් රසවිඳින්න බැරිකමක් නැහැ? ඒත් ඒකද රස කියන්නෙ?

මෙතන තියෙන ස්පෙෂල් අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න. උදාහරණයක් විදියට රියෝ ස්පෙෂල් අයිස්ක්‍රීම් එකක තියෙන්නෙ මතුපිට කජු අතුරපු ෆෘට් ඇන්ඩ් නට්, වැනිලා, අඹ සහ කිරි අයිස්ක්‍රීම් හැඳි හතරක්. ඔබට ඕනෙම අයිස්ක්‍රීම් වර්ගයක් වෙළඳ පොළෙන් පහසුවෙන් මිලට ගන්න පුළුවන් කියලා දැන් ඔබ කියයි. ඒත් ඔබ කොහෙදිවත් ප්‍රණීත කිරි අයිස්ක්‍රීම් කාලා තියෙනවාද? රියෝ වෙතින් ලබාගන්න පුළුවන් මේ බොහොම දුලබ අයිස්ක්‍රීම් වර්ගය හරිම රසයි. කොළඹ නගරයෙදි වුණත් ඔබට මේ තරම් රස අයිස්ක්‍රීම් ලැබෙන්නෙ රියෝ වෙතින්ම පමණයි.

රියෝ ළඟ තියෙන්නෙ අයිස්ක්‍රීම් විතරක්ම නෙවෙයි. ජෙලි වගේම පළතුරුත් රුපියල් 100ක් වැනි මුදලකට මෙතනින් මිළදී ගන්න පුළුවන්. මෙහි ඇති විවිධ වර්ගයෙන් යුතු වූ සන්ඩේ මදි නොකියන්න රුපියල් 140කට කන්න පුළුවන්. මතක තියාගන්න - මේවා කන අතරේ සීනි කෝමාවකින් වැළකෙන්න නම් අනිවාර්යයෙන් බෙදාගෙන කෑම හෝ සෙමින් රසවිඳීම කරන්නම වෙනවා.
මේ වගේ අඩු මුදලකට ප්‍රණීත අයිස්ක්‍රීම් පංගුවක් රස විඳීමේ භාග්‍යය ඔබට උදා කරලා දෙන්න රියෝ ට්‍රක් එකට පුළුවන්. හවස එකේ ඉඳන් රෑ 9 වෙනකම් සාමාන්‍යයෙන්  රියෝ අයිස්ක්‍රීම් විවෘතයි. සඳුදාට හවස හයහමාරට විතර වහනවා. සමහර වෙලාවට පහු වෙලා අරිනවා. කොහාම වුණත් රස, පාට නොඅඩු රියෝ අයිස්ක්‍රීම් කොළඹට ආපු එකම සතුටට කරුණක්. ඉතින් ඔබත් වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එක පැත්තෙ ගියපු වෙලාවක රියෝ අයිස්ක්‍රීම් රසවිඳින්න අමතක කරන්න එපා.
පරිවර්තනය කළේ නෙරංජි

TIP

Try the Rio Special. It's special.
All Reviews

The spot for reasonably priced ice creams and shakes, and buzzing crowds.

Rio Ice Cream, a Jaffna franchise that's about forty years old (according to Raja at its Wellawatte branch), is idyllic and affordable for ice cream lovers - they're creative with flavours and mix it up for fun with jelly and smarties, because why not?

සිංහල ඉර බැහැගෙන යන හැන්දෑවක, මුහුදේ ලස්සනත් බලන ගමන් අයිස්ක්‍රීමක් තොලගාන්න කියාපු තැන තමයි මේ රියෝ එක. මේකට යන්න දවස් ගණන් හිතහිත තැවිතැවී ඉන්න ඕනේ නැහැ. මොකද මේක පොකට් එක නැත්තටම නැතිවෙන්න හිඳුණු දවසක වුණත්, බයක් සැකක් නැතුව ගිහින් හිතේ හැටියට අයිස්ක්‍රීමක් රස විඳින්න පුළුවන් තැනක්නේ. අනික ගෙවන ගාණේ හැටියට උපරිම වටිනාකමක් මේ අයිස්ක්‍රීම්වලින් ලැබෙනවා.

සිංහල වෙනදා යාපනයේදී පමණක් රසවිඳින්නට ලැබුණු රියෝ අයිස්ක්‍රීම් දැන් වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් වෙතට ඇවිත්. රතු පැහැති සංඥාවකින් යුතු මේ ට්‍රක් රථය බොහෝ වෙලාවට නවත්තල තියෙන්නෙ හේමර් ඇවෙනියු අසලමයි.

தமிழ் யாழ்ப்பாணத்தில் பல ஐஸ்கிறீம் கடைகள் இருக்கின்றன. அவற்றுள் மக்கள் படையெடுக்கும் இடமொன்றுதான் நல்லூர் கோவிலுக்கு அருகில் அமைந்துள்ள ரியோஐஸ்கிறீம். கொஞ்சநாளாக இதன் கிளையொன்று நீர்கொழும்பு கடற்கரை வீதியில்இருந்தது.

Address

Marine Drive, Wellawatte, Colombo 6

Directions

Stop near Station Road in Wellawatte, find Gaylord Tailors nearby and right opposite it is Lily Avenue - walk down and when you get to Marine Drive it's on your right.

Contacts

Facebook

Report Inaccuracy

Open 10:00 AM to 10:00 PM daily

Price Range

Less than 200

Dish Types

Ice Cream

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
A
10

4/5

0

AdamG

Good range of flavours. Went there a few times when thhe place wasn't crowded.

A
10

4/5

0

AdamG

Good range of flavours. Went there a few times when thhe place wasn't crowded.

See 16 Comments