Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Ristorante Via Torino

Delivery only


A pizzeria in the cloud, by LUXE Colombo.



LUXE Colombo එක ගැන අහලා තියෙනවද? අපි මේ කට්ටිය ගැන මේ ළඟදිත් කතා කළා. ඒ අපේ චතු ලියපු චීස් ඩිලිවරි ආටිකල් එකෙන්

LUXE Colombo කියන්නේ ලංකාවේ තියෙන හොඳ ම සහ ලොකු ම ඉම්පෝටඩ් චීස් කලෙක්ෂන් එක තියෙන තැන. ඒ හැරුණා ම ඔය පිටරටවල්වලින් ගෙන්වන, ස්මොක්ඩ් මස් වර්ග, හැම්, බේකන්, පැස්ටා, සලාමි, ඔලිව් ඔයිල් ආදී නා නා ප්‍රකාර ජාති මෙතැනින් ගන්න පුළුවන්. ඒ හැම එකක් ම ඉස්තරම් ම කොලිටියේ ඒවා. ගොඩක් ඒවා එන්නෙත් ඉතාලියෙන්.

ඉතින් අන්න ඒ අඩුමකුඩුම දාලා හදන පීසා රෙස්ටෝරන්ට් එකක් මේ කට්ටිය ඕපන් කරලා තියෙනවා. මේකේ නම Ristorante Via Torino. දැනට තියෙන්නේ ඩිලිවරි විතරයි. ඒත් කල් යල් බලලා ඩයින්-ඉන් පහසුකම සලස්වන්න එයාලා බලාපොරොත්තු වෙනවා.

කොහොමද ඕඩර් කරන්නේ?

Ristorante Via Torino එකේ මෙනුව එයාලගේ ඉන්ස්ටග්‍රෑම් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් ගන්නේ මොනවද කියලා තීරණය කළාට පස්සේ 0761336675 එකට WhatsApp මැසේජ් එකක් දාන්න. එයාලා පට පට ගාලා ඕඩර් එක ලෑස්ති කරලා දේවි. කෑෂ්, කාඩ් වගේ ම බෑන්ක් ට්‍රාන්ස්ෆර්වලින් ගෙවන්න පුළුවන්. අනික කොළඹ සහ ඒ ආසන්න පැතිවලට ඩිලිවරි සම්පූර්ණයෙන් ම ෆ්‍රී. 

පීසා වර්ග 

අපි ගත්තා පීසා දෙකක්. එකක ටොපින්ග්ස් වර්ග දෙක ගාණේ ටොපින්ග්ස් හතරක්. එකක තිබුණේ Diavola (රු. 2100) සහ Prosciutto Di Parma (රු. 2900). අනිත් එකේ Quattro Formaggi (රු. 2100) සහ Cugine (රු. 2800). ටොපින්ග්ස් දෙකක් ගන්නකොට පීසා එකේ ගාණ තීරණය වෙන්නේ ඔයාලා ගන්න ටොපින්ග්ස් දෙකේ ගාණ වැඩි ම එක අනූවයි. එතකොට අපේ සම්පූර්ණ ගෙවීම වුණේ රු. 5700ක් (2800 + 2900). මහරගම ට නිසා ඩිලිවරි ෆී එකක් තිබුණේ නැහැ.

මේ තියෙන්නේ Diavola සහ Prosciutto Di Parma දාලා හදපු පීසා එක. මුලින් ම කියන්නම් කෝ ක්‍රස්ට් එක ගැන. Ristorante Via Torino හදන්නේ නැපොලිටන් ස්ටයිල් පීසා කියල මෙනුවේ තිබුණට, මේකේ ක්‍රස්ට් එකේ ඒ හැටි නැපොලිටන් ගතියක් අපට දකින්න ලැබුණේ නැහැ. මොකද හරි නැපොලිටන් ස්ටයිල් පීසා නම් මේකේ කෙළවරවල් මීට වැඩිය සෑහෙන්න පිම්බෙන්න ඕනේ. ඒ වගේ ම ඔය දාරේ දිගට සහ යට පැත්තේ හොඳට ම ක්‍රිස්පි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් අපට මේ ක්‍රස්ට් එකෙන් දැකගන්න ලැබුණේ නැහැ. 

හැබැයි ඒ මොනවා වුණත්, මෙයාලගේ ටොපින්ග්ස් පට්ට. Diavola කියන්නේ ක්ලැසික් පෙපරෝනි පීසා එකක්. මේක ගොඩක් ස්මෝකි සහ ජුයිසි. ක්‍රස්ට් එකට බොහොම තදට ඇලවුණු මොසරෙල්ලා චීස් ලේයර් එකක් එහෙමත් තිබුණා. 

Prosciutto Di Parma එකත් හොඳයි. රොකට් ලීව්ස් සහ පාර්මා හැම් හොඳට දාලා තිබුණා. ඒ වගේ ම පාර්මේසන් චීස් ටිකකුත්. Diavola එකට වැඩිය මේක ස්මෝකි. 

Quattro Formaggi සහ Cugine දාපු පීසා එක තමයි මේක.

Cugine එකේ තිබුණේ ඉටෑලියන් තක්කාලි, මොසරෙල්ලා, ෆ්‍රෙන්ච් කැමෙම්බර්ට් චීස්, ස්පැනිෂ් චොරිසෝ සොසේජස් සහ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්. හොඳ කොලිටියේ සොසේජස් සහ චීස් වර්ග නිසා බොහොම රිච් ෆ්ලේවර් එකක් මේකෙන් ආවා. අර ඉටෑලියන් තක්කාලිවලින් එන ලා ඇඹුල් රසින් මේක තවත් රසවත් වෙනවා. 

Quattro Formaggi හදලා තිබුණේ මොසරල්ලා, එමන්තාලේ, බ්ලූ චීස් සහ ස්කැමෝර්සා ස්මෝක්ඩ් චීස්වලින්. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් එහෙමත් එක්කාසු කරලා. චීසි ගතිය හොඳට ම තියෙන රස පීසා එකක් මේකත්. හැබැයි ඒක අර අමුතු, යුනික් ටයිප් එකේ ෆ්ලෙවර් එකක් නෙවෙයි.

අවසාන වශයෙන් 

පීසාවලට ටිකක් ගණන් ඔප්ෂන් එක වුණත්, පාවිච්චි කරන හයි කොලිටි අඩුමකුඩුම එක්ක බැලුවාම ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. පොඩි පොඩි දේවල් ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. විශේෂයෙන් ම ක්‍රස්ට් එකේ. ඒ හැරුණා ම නම් කටට රසට පීසා කෑල්ලක් කන්න සිරා තැනක් මේකත්

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment