Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

4/5

Rocco's (Colombo 07)

29A, Gregory's Road, Colombo 07


Rocco's newest outlet down Gregory's Road.



කාලෙකට පස්සෙ බර්ගර් එකක් කන්න ගිහිල්ලා වැඩේ නැට්ටටම එපා වුනානෙ. ඊට පස්සේ..

දොලදුක සංසිඳුව ගන්නත් ඔ්න, හැබැයි බයෙත් බෑ තව කඩයකට ගිහිල්ලා ඒ වැඩේම වෙයිද කියලා. ඒ නිසා ඔන්න, දන්න කියන ප්ලේස් එකකටම යන්න දෙන්න ප්ලෑන් කලා. ප්ලෑන් කරලා හොඳට හොයලා බලලා තමයි ගිහිල්ලා ගොඩවුනේ, ග්‍රෙගරි පාරෙ අලුතෙන් දාපු රොකෝස් එකට!

අනේ.. යද්දි ඇතුලෙ කවුරුත්ම නෑ කියන්නකො. අපිව දැකලා ස්ටාෆ් එකටත් හරිම සතුටුයි. “ගුඩ් ඊව්නින්ග් සර්” කියලා කටපුරා හිනාවක් දාලා පිළිගත්තෙ. අපිත් ඉතින් ඒ වෙල්කම් එකට හිනාවකින්ම සංග්‍රහ කරලා ඔන්න ඇතුලට ගිහිල්ලා අයිනටම වෙන්න තිබුන නිදහස් ප්ලේස් එකකින් වාඩිවුනා. වාඩිවෙලා අනික් පැත්තට ඉතින්.. මෙනුව අපේ අතටම, කෑම තෝරන අතරට හැඳි ගෑරුප්පු, වතුර, සෝස් අඩුම කුඩුම සියල්ල මේසෙට!

“අපිට ගේන්නකෝ.. බැකරෝනි (රු. 1075), ෆයිව් චීස් (රු. 10250 හාෆ් හාෆ් එකකුයි.. මීට් ෆෙස්ට් (රු. 1150), සලාමිනෝ (රු. 1025) හාෆ් හාෆ් එකකුයි. ඒකයි ඩෙසට් එකට බ්ලූබෙරි චීස් කේක් (රු. 650) පීස් එකකුත් ගේන්න” මේසෙ හදල ඉවර වෙනවත් එක්කම වගේ අපි ඔ්ඩරේ දැම්මා..

දාලා ඉතින් පුංචි කතාබහේ..

ලොකු වෙලාවක් නම් ගියේම නෑ. යාළුවගෙ ඉල්ලීමට, මුලින්ම චීස් කේක් එක මේසෙට!

ලොකු කැමැත්තක් නැතත් බෙරි වලට එච්චර, මම පුංචි කටක් දෙකක් රස බැලුවා හෙමි හෙමිහිට.

“ම්.. චීස් රස නම් උපරිමයෙන්ම ආ. අනික බෙරි රසත් ටොප් එකටම තියෙනවනෙ බං. මාර ෆ්‍රෙෂ්.!” 

ඊට පස්සේ.. සීතල වතුර උගුරක් බීපූ මම ලෑස්තිවුනේ දුම් දදා මග එනවා දැකපු බැකරෝනියට වැඩේ දෙන්න.

‘ෂැහ්! දැක්කාම කටට කෙල උනන ගානට. ඒකත් මෙලෙක් වෙච්ච චීස් උඩින් බේකන් පෙපරෝනි එක තොගේට’ තව මොනවද ඉතින් ඈ.. ගත්තා තිබ්බ තඩිම කෑල්ලක් පිඟානට, දාගත්තා චිලි ඔයිල් ටිකකුත් රස පදමට, දාගෙන.. කටයි දෙකයි.. තුන, හතර යනකොට පීසා කෑල්ල ඉවරයි.

කිව්වට විශ්වාස කරන්න යාළු ඒක ඒ තරම් රසයි. ටොමැටෝ බේස් එක උඩින් මොසරැල්ලා අතුරල තියෙනවා මදි නොකියන්න. ඊටත් උඩින් එක යායට පෙපරෝනි, ඒ උඩින් හීනියට ලියපු බේකන්..

ආයෙ මුකුත් කියන්න ඔ්න නෑනෙ නේ..?

හැරත් ඊට දෙවනි නැති ෆයිව් චීස් එක!

ඒකෙත් ටොමැටෝ බේස් එක මුලින්ම. ඊට පස්ස රිකොට්ටා, ගොගොන්සෝලා, පාමෙසාන්, චැඩර්, මොසරැල්ලා.. හප්පේ.. තට්ටු තට්ටු චීස්, ගිණි රස්නෙට මෙලෙක්වෙලා.. මම අතට ගන්නකොට රස්නෙ නිවීගෙන එනව විතරයි. ඉතින් චීස් යාරෙට ඇදිලා එන්නෙ.. රස නහර වලටත් මිලි තප්පරේට වැඩ, ඔ්ං..

කොහොමහරි ඒකෙන් කෑලි දෙක කද්දි මේසෙට ආවා මීට්ෆෙස්ට් එක!

එපමණයි සදා විශ්වාසයි කියන්න.. රොකෝස් මීට්ෆෙස්ට් එක කිව්වාම ඉතින්?

ටොමැටෝ, මොසරැල්ලා බේස් එකේ.. බීෆ්, චිකන් හැම්, සොසේජස්, බේකන්, ලූණු එක්ක ඔලිව්. රස පදමට ෆ්‍රයි වෙලා, චීස් ටිකත් මෙලෙක් වෙලා..

කට දෙක කද්දි චිලි ඔයිල් එක්ක.. තොලකට නිකම්,

යම් යම්..!

ආහ්.. ඒක එහෙම වෙද්දි හිතාගන්න බැරි විදියට නැගල ගියේ සලාමිනෝ එකනෙ. ඒකෙ තිබ්බෙ ටූනා සලාමි. හිතුවෙත් නෑ එච්චර රස ඇති කියලා. හැබැයි ටොමැටෝ, මොසරැල්ලා බේස් එකත් එක්ක ගැලපෙද්දි.. පංකාදු පහට තිබ්බනෙ. ඇත්තටම මස් නොකන කෙනෙක්ට ටොප් පීසා එක ඈ..

ඔය විදියට ඉතින්.. ඉස්මුරුත්තාව එනකම්ම කෑවා. කාලා.. කෝපියක් බොන්න කියලා බැලුවෙ. ඒත් රෑ වෙලා නිසා හෙමින්සැරේ පික්මියක් දාගෙන පිටත්වුනා, හ්ම්..!

Address

29A, Gregory's Road, Colombo 07

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Dish Types

Pasta Pizza Iced Tea Fruit Juice Milkshakes

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
5

Similar Places

User Reviews
M
1

4/5

0

maniknvrthn

Went once. Tried out a bacon pizza. It was delicious…

M
1

4/5

0

maniknvrthn

Went once. Tried out a bacon pizza. It was delicious…

See 2 Comments