Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

Roo's Deli

No22, 3rd Cross Lane, Ratmalana - North


A home-based chef who makes some great lamprais, among other things.



ඉස්මුරුත්තාව එනකම්ම කෑවා ආයෙ, හෙවිලි බැලිලි නෑ..

විශ්විගෙ ආරාධනාවෙන් ලන්ච් රූම් එකට ගිහිල්ල ෆොටෝ ටික ගැහුව ඉස්සෙල්ලම. දිග ඇරිය චිකන් එකයි (රු. 615), මික්ස් මීට් එකයි (රු. 665) දෙකම එක පාරම..

යාළු තුන් දෙනා වටවුනා විතරයි මතක.

පුන්නි සම්බා හාලෙ උණු උණු බත් ටික සවලෙන් දැම්ම වගේ.. එහෙ බලල මෙහෙ බලද්දි වාශ්පයි කියන්නකො. ඇයි ඉතින් සුපිරි පදමට හදාපු ලම්ප්රයිස් එකනෙ. ඊටත් සැර අඩුවෙන්, තුනපහ නූලට දාලා හදපු චිකන්. ඒක පොඩි පොඩියට කපපු මස් කෑලි විතරමයි. ම්.. ෆ්‍රිකැඩල් එක වෙනුවට නම් තිබ්බෙ එයාලා ගෙදරදිම හදාපු මීට් බෝල් එකක්. හැබැයි අළු කෙසෙල් මාලුව තිබ්බ හරියටම. වැඩේ වුනේ ඒකෙත් සැර නෑ, තුනපහ රස විතරයි. ඒ හැරුනාම බතට කටගැස්ම ගෙනාවෙ බටු මෝජුව තමයි. ඒත් ඒක කාගෙන කාගෙන යද්දී.. නිකම් සීනි සම්බෝල රසක් වගෙත් ආවනෙ. හැබැයි බටුත් තිබ්බ! කොහොම වුනත් ගැඹුරු තෙලේ බැදපු බිත්තරේ නම් වැඩේට ලොකු සපෝට් එකක් දුන්න. අන්න ඒක නිසාමයි කට්ටිය රස කර කර, දඩිබිඩියට දෙසා බෑවෙත්.

ම්.. එතකොට ඒ විදියෙම බතේ..

මික්ස් මීට් තිබ්බ එක විතරයි අනිත් එකේ වෙනසකට තිබුනේ. හැබැයි ඒ මික්ස් මීට් එකේ.. පෝර්ක්, බීෆ්, චිකන් තුනම නම් තිබ්බ. හොඳ පදමට තුනපහ ටික දාලා, හින්දල.. ඇත්තටම සැර ගතියත් පොඩ්ඩක් ආවා නම්.. පංකාදු පහයි.

කොහොමහරි බත් දෙක, අපි තුන්දෙනාට ඇති වෙන ගානටම වගේ.

වැඩේ වුනේ…

මම කතාව දැන ගත්තෙ ඊට පස්සෙ නේ..

මේ ප්ලේස් එක තියෙන්නෙ රත්මලානෙලු. ඒක නම් අවුලක් නෑ. ඒත්.. මෙයාලගෙන් කෑම ගන්න එතනට යන්නම ඕනලු. ඩිලිවර් කරන්නෙත් නෑලු යාළු. මං කිව්වෙ පොඩි පොඩි ගණන්වල ඒවා. ඒ නිසයි.. විශ්විට එතනට ගිහිල්ලම එන්න වෙලා තියෙන්න.

හැබැයි ඉතින් මගෙ නම් අදහස, මෙච්චර රසට මේ වැඩේ ගොඩ දාන එකේ.. ඩිලිවරි සේවාවකුත් එකතු කලා නම්, නේ..!

Address

No22, 3rd Cross Lane, Ratmalana - North

Contacts

Facebook E-Mail Instagram

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment