Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Royal Biriyani & BBQ

Rajasinghe Road, Marine Drive, Colombo 06


A spot to satisfy late-night biriyani and BBQ cravings.



මැරීන් ඩ්‍රයිව් එකේ වැල්ලවත්තේ හරියෙන් එහාට මෙහාට ගිහින් තියෙනවනම්, රෝයල් බිරියානි කියන්නේ ලේසියකට මිස් වෙන තැනක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ කටට රහට බිරියානි වගේ ම BBQ හදන මේ Big Bite Biryani ස්ටයිල් එකේ රෙස්ටෝරන්ට් එක, මීට අවුරුදු කීපයකට කලින් එක පාරටම වැහිලා ගියා. හැබැයි වැඩිම වුණොත් මාස 5/6ක් යන්න ඇති. මෙන්න මේ කට්ටිය ආයෙත් වැඩේ පටන් අරගෙන! කලින් ට වැඩිය පොඩි, ඒත් අලුත් ලොකේෂන් එකක. මෙනුවත් තරමක් වෙනස් වෙලා, ඒ වගේ ම රසත් අලුත් වෙලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා මේ පැත්තට පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න. 

කෑම බීම

කලින් වගේ ම බිරියානි, BBQ වගේ ම, ඉන්දියන් ස්ටයිල් කරි සහ රොටි වර්ග තමයි මෙනුවේ තිබුණේ. ඕනේ නම් බිරියානි සවාන් විදියටත් ගන්න පුළුවන්. ඉස්සර තිබුණු ෆ්‍රයිඩ් රයිස් එහෙමනම් දැන් මෙනුවේ නැහැ. බීමට තියෙන්නේ ස්ප්‍රයිට් කෝක් තමයි.

අපි ගත්ත BBQ චිකන් බිරියානි (රු. 600) එක පංකාදු පහයි. යහමින් ස්පයිසස් දාලා නිසා වෙනදට වැඩිය සෑහෙන්න රසක් එකතු වෙලා තිබුණා. ඒ විතරක්යැ සුවඳ. ඒකත් ඇති රස නහර පිනායන්න. ඇත්තමයි මේ වගේ පාරේ අයිනේ තියෙන කඩේකින් මෙච්චර රහට බිරියානි ලැබෙනවා කියන එක හිතාගන්නවත් බැහැ. අනික මේකත් එක්ක බැලුවාම ඉස්සර අපි මෙහෙන් කෑව බිරියානි එක කැලේ. ඒ තරමට සුපිරි රහක් තිබුණේ. මේක බාස්මතී හාලෙන් හදපු, හොඳ හයිද්‍රාබාදි ටච් එකක් තියෙන බිරියානි එකක්. මේ පැත්තේ ගියොත් අනිවාර්යෙන් ම ට්‍රයි කරලා බලන්න.

BBQ චිකන් එකත් ඊට නොදෙවෙනි නැහැ. එකටත් නියමෙට ස්පයිසස් දාලා තමයි බාබෙකියු කරලා තිබුණේ. ඉතින් දෙහි බෑයක් මිරිකලා ගත්තාම ආයේ තව මුකුත් ඕනේ නැහැ. අපි කොච්චර මේකට ආස වුණාද කිව්වොත්, තව චිකන් ඕඩරයක් දැම්මා ගෙදර ගෙනියන්න. 

අපි ඊළඟට ගත්තේ බීෆ් කුරුමා (රු. 400) එකයි, ගාලික් නාන් (රු. 110) එකයි, බටර් නාන් (රු. 90) එකයි. උකු හොද්දක් එක්ක ආව බීෆ් කුරුමා එකේ බීෆ් කෑලි 3/4ක් වගේ තිබුණා. මේ හොද්ද සුපිරි. හැබැයි තෙල් ගතිය තමයි වැඩි. බීෆ් ටිකට හොද්දේ තියෙන කුළුබඩුවල රහ හොඳට උනලා තිබුණ නිසා රොටිත් එක්ක කද්දී මරු. 

නාන් ජාති දෙකේ නම් කියන්න තරම් ලොකු හොඳකුත් නැහැ, නරකකුත් නැහැ. මොකද බටර් නාන් එකේ බටර් රස ආවට, ගාලික් නාන් එකේ සුදු ලූණු රහක් නැති තරම්. අනික රොටිය ටිකක් විතර පිටි ගතියත් වැඩියි.

කාලා බීල ඉවර වෙලා අපි ශේප් එකේ ෆ්‍රිජ් එක පැත්තට ඔලුව දාලා ගත්තා වටලප්පමක් (රු. 60). මේක මෙයාලා හදන එකක් නෙවෙයි, Faaa Products කට්ටියගේ වැඩක්. ලොකු අවුලක් නැතත්, මේකේ පැණි රහ ටිකක් අඩු වුණා නම් තමයි හොඳ.

තැන සහ සර්විස් එක

කිව්වත් වගේ මේක Big Bite Biryani ස්ටයිල් එකේ තැනක්නේ. බොහොම සිම්පල්. දොරින් ඇතුළට එද්දී ම තියෙන්නේ කිචන් එක. ඔය BBQ, රොටි එහෙම හැදෙන්නේ එතැන. ඊටපස්සේ තියෙන්නේ කට්ටියට වාඩිවෙන්න දාලා තියෙන ලී පුටු මේස ටික. අමුතු ෆැන්සි සීන් මොනවත් නැහැ. හැබැයි කරදරයක් නැතුව දෙතුන්දෙනෙක් එක්ක වාඩි වෙලා ශේප් එකේ කෑම වේලක් කාලා යතෑකි.

සර්විස් එකෙත් කිසිම වරදක් නැහැ. අපේ ඕඩරේ පට ගාලා ගත්තා විතරක් නෙවෙයි, කෑම බීම ටික මේසෙට එන්න විනාඩි 10ක් යන්නේ නැතුව ඇති.

අවසාන වශයෙන් 

අනිත් දේවල් කෙසේ වෙතත්, හොඳ බිරියානියක් එක්ක BBQ ටිකක් කන්න හොඳ තැනක් තමයි මේක. 

Address

Rajasinghe Road, Marine Drive, Colombo 06

Contacts

Report Inaccuracy

Open 11.00 AM - 10.00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment