3/5

Royal Burger

314 D, Havelock Road, Colombo 5

  • Call 011 313 22 99
  • Open Sunday - Thursday 10.00AM to 10.00PM, Friday - Saturday 10.00AM to 12.00AM


Royal Burger is a very reliable stop on Havelock Road for cheese dripping, affordable burgers and subs. It's a popular lunch option among the RI students in the neighborhood.



හපෙ හප්පෝ…

සත්තයි, මතක් වෙද්දිත් කටට කෙළ උනනව යාළු. මතක ඇති කාලෙක කාපු හොඳම ග්‍රිල්ඩ් චිකන් එකද කොහෙද. කිව්වට විශ්වාස කරන්න, ඉස්මුරුත්තාව එනකම් කාලත් ඉතුරු වෙච්ච ටික ඔතා ගත්ත කියන්නකො ගිහින් කන්න. ඒ තරම් රසයි. ඇත්තටම ඊයෙ නම් පහළ වුණේ පෙර පිනක්ද කොහෙද. ‍

වැඩේ වුණේ මේකයි. ඔන්න, මාස ගාණක් තිස්සෙ දුර බැහැරට වෙලා ඉඳපු මගේ හොඳම පිට් එකක් ඊයෙ එනව කිව්ව කොළඹ පැත්තෙ. මොනවදෝ වැඩ වගයකුත් කරගෙන මාවත් හම්බවෙලාම යන්න. කාලෙකින් එන එකාට නොසලකා බෑනෙ. ඒ නිසා මම කල්පනා කළා දවල් කෑමට එළියට එක්කගෙන යන්න. කරුමෙ කියන්නෙ අතේ තිබ්බෙ රු. 1000යි. එහෙමයි කියල කිච වෙන්නත් බෑ. කරන්න දෙයක් නැතිම තැන තමයි මම යමු එක පීරල පීරල හැව්ලොක් ටවුන් පැත්තෙ තියෙන රෝයල් බර්ගර් කියන ප්ලේස් එක හොයා ගත්තෙ. මොකද ඒකෙන් රු. 500කට විතර බඩ පැලෙන්න කන්න පුළුවන්ලුනෙ.

ඉතින් දෙපාරක් හිත හිත හිටියෙ නෑ. යාළුව අාවත් හරි කෙළින්ම අදාළ ස්ථානයට යන්න වැඩ කටයුතු සැලැස්සුවා. දවල්ටත් කාලා තිබුණෙ නැති නිසා මනුස්සයත් එක පයින්ම වැඩේට කැමති වුණා.

කොහොම හරි විනාඩි 5ට 10ට අපි හැව්ලොක් ටවුන්, රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහ. එතන ඉඳන් අපි වට පිට බැලුවෙ රෝයල් බර්ගර් කෝ කියල. බැලින්නම් මෙන්න, පාරෙන් එහා පැත්තෙ පොඩියට පොඩියෙ තියෙනව. වැඩේ කියන්නෙ පාර පැනල, කඩේට ගොඩ වෙද්දි තමයි දැක්කෙ ඈතට පොඩි වුනාට වුණාට ඇතුළෙ යුතු ඉඩක් තියෙනව කියල. ඒ විතරක් නෙවෙයි මේස පුටු ටිකත් හරිම පිළිවෙළයි. හැබැයි දවල් කෑම වෙලාව පැනල නිසාද කොහෙද කඩේ නම් කවුරුත් හිටියෙ නෑ. ඉතින් අපිටත් පුල් නිදහස නේ… යාළුවටත් ඕන දෙයක් තෝරන්න කියල මාත් කැෂියර් එකට උඩින් ගහල තියෙන මෙනුව දිහා බලාගෙන ටිකක් කල්පනා කළා.

ක්‍රිස්පි චිකන් කොයිවෙලෙත් කන්න හම්බවෙන නිසා මෙදා පාර ග්‍රිල්ඩ් චිකන් මොනව හරි ගන්න තමයි මම බැලුවෙ.

“බර්ගර්… ෂැහ් ග්‍රිල්ඩ් චිකන්වලින් බර්ගර් නෑනෙ. අයියෝ සබ්මැරීනුත් නෑ. ඔන්න ඔහෙ රයිස් එකක්ම(රු. 320) ගන්නව”

“ඒ, උඹ මොනවද ගන්නෙ?” ඕඩරේ දාන්න කලින් මම කෝකත් කියල යාළුවගෙනුත් අහල බැලුවා.

“මට… ඩබල් ක්‍රිස්පි බර්ගර් එකක්(රු. 400) හොඳයි බන්. බොන්න අයිස් මයිලෝ(රු. 130)”

හ්ම්ම්… ඕඩරේ නම් හරි... ඒත් කෝ කවුරුත් නෑනෙ කියන්න. බලන් ඉඳල ඉඳල බැරිම තැන මම ගියා කැෂියර් එක ළඟට. ගිහින් විස්තරේ කියන්න හැදුව විතරයි, මෙන්න කැෂියර් යාළුව, ලස්සන හිනාවක් දාලා

“මොනවද සර් ඕන?”

හුටා… බැලින්නම් මෙතන සෙල්ෆ් සර්විස් කියන්නකො. පට්ට නෝණ්ඩිය. මමත් නිකම් හිටියෙ නෑ. සිද්ධිය දැනගෙන ආවා වගේ ඕඩරේ දාලා, නෝණ්ඩිය මැකෙන්නත් එක්ක තව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකකුත්(රු. 230) ඕඩර් කළා.

ඒ කරල ඉතින් බර චැට් එකේ විනාඩි 10ක් ඉන්න ඇති උපරිම. උණු උණුව දුම් දදා නොවුනට රයිස් එකයි, බර්ගර් එකයි දෙකම මෙන්න මේසෙ උඩ. කෑම බීම මේසෙට ආවට පස්සෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අනික හොඳම යාළුවො දෙන්නෙක්නෙ.

හෙවිල්ලක් බැලිල්ලක් නෑ… යාළුව දස බස ගාලා බර්ගර් එකට වැඩේ දෙන්න පටන් ගත්තා. ප්‍රමාදයට ඉඩ දෙන්න හොඳ නෑනෙ. මමත් සෙනිකව රයිස් එක අතට ගත්තා.

චික් විතරක්! යකෝ, පිදුරු කනව මීට හොඳයි. අඩුම තරමෙ උණුවෙන් හරි මේසෙට එවන්නකො. එහෙමත් නෑනෙ. කැරට්, ලීක්ස්, ලූණු ලාවට දාලා තිබුණට මොකද බිත්තර නම් බාගයක්වත් නොදාපු ගානයි. අනික චිලි පේස්ට් එකත් මෙලෝ රහක් නෑ. ටිකක් හයි වෙච්ච ගතියක් තිබ්බෙ. දැන් මොකද කරන්නේ… රයිස් එක මෙහෙම නම් ඉතින් චිකන් එක ගැන මොන කතාද? කමක් නෑ, ඔන්න ඔහෙ ඒකවත් කාලා බලනව.

බත් එකෙන් තුන් කාලක් විතර වැහෙන්න තිබුණු තඩි චිකන් පළුව අතට ගත්තු මම බර දාලා ලොකු කෑල්ලක් කඩා ගත්තා. හෑ… මේක නම් කොහොමවත් වෙන්න බෑ. බත් එක හතර මායිමකවත් නැති සුපිරි රසක් කියන්නකො චිකන් කෑල්ලෙ තියෙන්නෙ. කොටින්ම කියනව නම් මම කාපු රසම ග්‍රිල්ඩ් චිකන් කෑල්ලක් කියල කට ඇරල කියන්න පුළුවන්. මොකද ලා ගම්මිරිස් රස සැර ගතියත් එක්ක එන නියම ගානෙ තුනපහ පදම... ටොපේ ටොප් ආ... එ් මදිවට මසුත් හොඳ හැටි ග්‍රිල් වෙලානෙ. ඇත්තටම මට මතක් වුණේ! බෝතලයක් තිබ්බ නම්… කියල.

කොහොම කොහොමින් හරි ග්‍රිල්ඩ් චිකන් කෑල්ල ආමාශගත කරපු මම ඊළඟට කිට්ටු කළේ යාළුවගෙ බර්ගර් එකට. කිට්ටු කරල, ෂේප් හිනාවක් එහෙමත් දාලා චීස් බේරෙන ක්‍රිස්පි චිකන් කෑල්ලක් හෙමින් සැරේ අතට ගත්තා. අරගෙන තොල කට ලෙව කකා තමයි රස බලන්න පටන් ගත්තෙ. හැබැයි, ඒකෙ රස නම් ග්‍රිල්ඩ් චිකන් කෑල්ලෙ තරම් හොඳ නෑ. අනික චීස් නිසා ක්‍රිස්පි ගතියයත් අඩුවෙලා. සැර ගතියක්, තුනපහ රසක් එහෙමත් ගෑවිච්ච ගතියක් නෑනෙ.

ඒත් මෙයාලගෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක නම් ෆුල් ෆ්‍රෙෂ්. උණු උණුවෙ මේසෙට ආවෙ. හොඳ ගානට ෆ්‍රයි වෙලා. සෝස් මයොනීස් එක්ක කරස් ගාලා හැපෙද්දි බර්ගර් නම් ගෙඩිය පිටින්ම ගිලින්න පුළුවන් ගානයි.

වැඩේ කියන්නෙ ලොකු කෝප්පයක් පුරවල එන අයිස් මයිලෝත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, බර්ගර්වලටම කියාපු කියන්නකො. ඒත් අපිට දීපුවගෙ නම් කූල් එක මදි. ඒ අතරට ඉතින් තව මයිලෝ රස වැඩි වුනත් අවුලක් නෑ… චොකලට් නේ!

උගුර ළඟට එනකම්ම චිකන් කාපු අපි දෙන්න කඩෙන් එළියට බැස්සෙ විනාඩි 15ක 20ක රෙස්ට් එකකින් අනතුරුව. ඇයි ඉතින් අර සතා ගිලපු පිඹුරා වගේ හෙල්ලෙන්වත් බෑනෙ. කොහොම කොහොමින් හරි යාළුව නම් සන්තෝස කරල ගෙදර යැව්වා. ඒත් අර ග්‍රිල්ඩ් චිකන් කෑල්ලක් නම් ආයෙ කන්නමයි හිත.

Address

314 D, Havelock Road, Colombo 5

Directions

This is right opposite Royal Institute, near Havelock City.

Contacts

Report Inaccuracy

Open Sunday - Thursday 10.00AM to 10.00PM, Friday - Saturday 10.00AM to 12.00AM

Cuisine

Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pasta Burgers Submarines

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
User Reviews
S
1

5/5

0

Sanjith

Excellent foods at affordable price.

S
3

5/5

1

SURVIVOR115

Bloody amazing for the price.

S
1

5/5

0

Sanjith

Excellent foods at affordable price.

S
3

5/5

1

SURVIVOR115

Bloody amazing for the price.

Avatar for KaliqNana
3

5/5

0

KaliqNana

As a student this place is a blessing. Simple Quality burgers for cheap prices. The Double beef and double Crispy chicken burgers were amazing and filling and can be washed down with a refreshing ice milo. All this for just Rs.910. It is one of our new favorite spots and has a real chilled out vibe to it.

Avatar for Chandana
2

3/5

Chandana YAMU STAFF

Rated 3/5

See 8 Comments