Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Royal Burger

314 D, Havelock Road, Colombo 5

  • Call 011 313 22 99
  • Open Sunday - Thursday 10.00AM to 10.00PM, Friday - Saturday 10.00AM to 12.00AM


Royal Burger is a very reliable stop on Havelock Road for cheese dripping, affordable burgers and subs. It's a popular lunch option among the RI students in the neighborhood.



ඔය ලොකු ලොකු ෆ්‍රැන්චයිස් බර්ගර් රෙස්ටොරන්ට්වලින් අපේ සාක්කුවේ හැටියට බර්ගර් කන්න බෑනේ. ඒත් රෝයල් බර්ගර් එකට ගියොත් සාක්කුවේ ප්‍රමාණෙට බර්ගර් කන්න පුළුවන් ඔන්න..

තැන 

මේක තියෙන්නේ හයිලෙවල් පාරේ කිරුළපනට ඔන්න මෙන්න කියලා. හැව්ලොක් සිටි එක ළඟමයි. පාර අයිනෙ ම තියන නිසා කඩේ පුංචි වුණත් හොයාගන්න අපහසු නෑ. ඇතුළු වුණාම නං මහ ලොකු ලකයක් වත් ලොකු ඉඩකඩක් වත් නෑ. හැබැයි දහ දොළොස් දෙනෙකුට ශේප් එකේ වාඩි වෙලා කන්න බොන්න පුළුවන්.

කෑම 

බර්ගර් කීවට මෙයාල ළඟ සබ්මැරීන්, රයිස්, පැස්ටා එහෙමත් තියනවා. අපි ගත්තා චීස් බෝල්ස් (පීසස් 6ක් රු. 250) පෝෂන් එකයි, බීෆ් බර්ගර් එකයි (රු. 350), ක්‍රිස්පි චිකන් රයිස් එකයි (රු. 350). බීම ජාති කියල තිබුණෙ පෙප්සි, මවුන්ටන් ඩිව් අනංමනං විතරයි.

මෙයොනීස් එක්ක ආපු චීස් බෝල්ස් ටික තමයි මේ. මේ ටික හොඳට ෆ්‍රයි වෙලා ක්‍රිස්පි ගතියට තිබුණා.

බීෆ් බර්ගර් එක පට්ට! බන් එක හොඳට ම සොෆ්ට්. බීෆ් පැටි එක ජුයිසි ගතියයි වගේ ම පොඩ්ඩක්වත් හයිය නෑ. චීස් එක්ක එකතු වෙලා රසට හැපෙනවා. මෙයොනීස් සහ තක්කාලි සෝස් උඩිනුයි යටිනුයි පුරවලා දාලා තිබුණා. බර්ගර් එකට පාවිච්චි කරලා තිබුණ සලාද කොළ, තක්කාලි එහෙමත් හොඳ ෆ්‍රෙෂ් ගතියයි.

ඒකටත් එක්ක රයිස් එක! සම්පූර්ණයෙන් ඒකෙ අනික් පැත්ත. බත හොඳට ම ඩ්‍රයි. කැරට්, ලීක්ස්, බිත්තර කෑලි තැවරිලා නිකං යාන්තමින් වගේ. චිලි පේස්ට් චුට්ටකුයි සෝස් තලියකුයි බතට උඩින් දාල තිබුණා. ක්‍රිස්පි චිකන් කෑල්ල නං බත තරං නරක ම නෑ. සෑහෙන ක්‍රන්චි. හැබැයි හොඳට ම තෙල්. කොහොම හරි බර්ගර් එකයි රයිස් එකෙන් බාගෙකුයි කාල ඉවර වුණාම අපට හුස්ම ගන්නත් බෑ. එච්චරට කෑම ටික ඇඟට බරයි.

සර්විස් එක

කෑම ටික ඉක්මනින් ලැබුණා. ස්ටාෆ් එක සුහදයි. ඉතිං සර්විස් එකේ වරදක් නෑ.

අවසන් වශයෙන් 

අතේ තියන ගාණට බර්ගර් කන්න මෙතෙන්ට ගියාට කමක් නෑ, බර්ගර් විතරක් ම කන්න හොඳේ. රයිස් එක නං රෙකමන්ඩ් කරන්න බෑ!

Address

314 D, Havelock Road, Colombo 5

Directions

This is right opposite Royal Institute, near Havelock City.

Contacts

Report Inaccuracy

Open Sunday - Thursday 10.00AM to 10.00PM, Friday - Saturday 10.00AM to 12.00AM

Cuisine

Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pasta Burgers Submarines

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

5/5

0

Sanjith

Excellent foods at affordable price.

S
3

5/5

1

SURVIVOR115

Bloody amazing for the price.

S
1

5/5

0

Sanjith

Excellent foods at affordable price.

S
3

5/5

1

SURVIVOR115

Bloody amazing for the price.

Avatar for KaliqNana
3

5/5

0

KaliqNana

As a student this place is a blessing. Simple Quality burgers for cheap prices. The Double beef and double Crispy chicken burgers were amazing and filling and can be washed down with a refreshing ice milo. All this for just Rs.910. It is one of our new favorite spots and has a real chilled out vibe to it.

Avatar for Chandana
2

3/5

Chandana YAMU STAFF

Rated 3/5

See 8 Comments