47C Initium Road 10370 Dehiwala
Closed right now
A pretty chilled out hangout spot by the beach with some great bites and BYOB.
කාලෙකට පස්සෙ ‘යමු’.. කට්ටිය සෙට්වෙන්න කියලා.
අපේ දිනේෂ් තමයි වැඩේට මුලපිරුවෙ. ඒ අතරට චන්දනත් සනිකව ප්ලේස් එකක් බලලා දිනේෂ්ට සපෝට් එකක් දීලා තිබ්බා. ඇත්තටම අපිට ඉතුරුවෙලා තිබ්බෙ වෙලාවට කලාවට අදාළ ස්ථානයට යන එක විතරයි. ඒත් කොහෙද.. හැමදාම වගේ, මම ඊයෙත් ටිකක් පරක්කු වුනානෙ. ඒකෙන් මේකෙන් කොහොමහරි 5ට තිබ්බ වැඩේට යනකොට 6යි. ඊටපස්සේ.. වැඩේ පටන් ගන්නකොට වෙලාව 8යි.
හ්ම්.. මොනවා කරන්නද කියලා ඔන්න දෙහිවල බීච් එකේ ‘රුවල’ට අපි ගොඩවුනා, හීන් පොදයකුත් අතේ අරගෙනම. ගොඩවෙද්දි වැහි අන්ධකාරයත් එක්ක.. අහසෙ තරු එළියක්වත් නෑ. ඒ මදිවට රේල් පාර පනිනට ටිකට පොඩ්ඩ තෙමිච්ච නිසා අමුතු සීතලකුත් ගතට හිතට!
ආයෙ තව මොනවද ඉතින් ගසන්න කරටි කැඩෙන්ට?
ලස්සනට පොඩියට කහ බල්බ් වලින් හැඩ කරලා තිබ්බ වටපිටාව.. බීච් රෙස්ටුරන්ට් එකේ අපි බෝඩ් වුනේ එන්ට්රන්ස් එක ලඟින්ම තිබ්බ මේස රවුමට. බෝඩ්වෙලා ඉතින්, කාලෙකට පස්සෙනෙ.. හතර වටින්ම තද කයිය.
ඒ මැද්දෙ තමයි සේවක මිත්රයත් මෙනු දෙකක් අරගෙන ගොඩබැස්සෙ එතනට. ගොඩබැහැලා.. අපි ඔ්ඩරේ කියනකම්ම, එයා නොකර සද්ද. හැබැයි මෙනුවෙ නැති දේවල් ටික නම් කිව්වා මුලින්ම. ඒකෙන් මේකෙන්.. අපි හෙමින් සැරේ බලලා දැම්මා ඔ්ඩරේ.. බ්ලැක් පෝර්ක් කරියයි, කට්ල්ෆිෂ් නාසියයි, බීෆ් ඩෙවිල් එකයි, වෙජි ඔම්ලට් එකයි.
දාලා හෙමින් සැරේ බීර පැත්තෙන් යන ඈයො එහෙමයි, සුදුවා පැත්තෙන් යන ඈයො එහෙමයි. ඔන්න පළවෙනි ෂොටට ‘චිරයර්ස්’..
දාලා හෙමින් සැරේ ඒත් එක්කම වගේ මේසෙට ආපු බීෆ් ඩෙවිල් එකෙන් කෑල්ලක් දෙකක්ම.. බඩට.
ආයෙ.. කියලා වැඩක් නෑ ඉතින් ඈ! පංකාදුයි කියන්නෙ යාලු පංකාදු පහයි. ඇඟිලි පුරුකක් විතර සයිස් බීෆ් කෑලි, හොඳ හැටි ඩීප් ෆ්රයි කරලා ඊට පස්සෙ සෝස්, චිලිපේස්ට්, ලූණු, තක්කාලි අඩුම කුඩුම එක්ක ඩෙවිල් කරලා.. වැඩේ කියන්නෙ ඒකෙ මුලින්ම ෆ්රයි රස ආවට ටිකක් වෙලා හපද්දි නොම්මර එකට බීෆ් රසනෙ. අනික සැරත් ගාණටම වගේ. කිව්වට විශ්වාස කරන්න බයිට් එකට නම් කියාපුම.
ඊටත්.. ඒ එක්කම ආපු නාසිය!
හැඳි 2, 3යි බෙදාගත්තෙ පිඟානට. පළවෙනි කටෙන් පස්සෙ ඒක ඉවරයි කටට දෙකට. හැබැයී.. ඒකෙ නාසි රස නම් පොඩ්ඩක් මදිත් වගේ. මං හිතන්නෙ සෝස් මදිපාඩුවල පොඩි අඩුවක් වෙන්න ඔ්න. කොහොම වුනත් දැල්ලො තිබ්බා පොඩි පොඩියට කපලා, මදි නොකියන්න දාලා. බතත් කීරිසම්බා හාලෙන්. ම්.. ලූණු, කැරට්, ලීක්ස් ටිකත් ගානටම වගේ නිසා.. අනික අර බීෆ් ඩෙවිල් එකත් එක්ක තකට තක යන නිසා..
නාසියටත් තරු 3, 4ක්ම ඔන්න.
ඔය අතරට ඉතින් ෂොට දෙක ගිහින් බෝතලෙත් බාගෙට බැහැලා ඈ.. වැඩේ වුනේ එහෙම බැහැගෙන යද්දිනෙ! මේසෙට ආපු පෝර්ක් කරිය. ආරම්භය ගත්තෙ විශ්වි. කෑල්ලක් කෑවා, දෙකක් කෑවා.. මෙන්න බොලේ හාවක් හූවක් නැතුව කාගෙන කාගෙන යනවා.. වෙලාවට පොඩ්ඩක් ගෑරුප්පුව ඉස්සර කලේ. නැත්නම් එක කරපිංචා නැට්ටක් නැතුව යනවා රස බලන්න..
වාසනාවට, ගත් කටටම මට මස් කෑල්ලක්.! බර දාලා කට දෙක හපද්දි.. රස නහර පිනා ගිහින් පිස්සුව ඉස්මොල්ලෙ ගියා වගේ. කියලා වැඩක් නෑ යාලු ඒ රස නම්.. සත්තයි ගිහිල්ල රස බලන්න වටිනවමයි. හැබැයි ඊටත් වඩා මරු ඒකක් ටේකවේ දාගෙන ඇවිල්ලා පරාටා හරි පාන් හරි එක්ක ගැලපුවා නම්. මිරිස් තුනපහේ ඉඳන්, රම්පෙ කරපිංචාද, ගොරකා සියඹලා, ඉඟුරු සුදුලූණුද.. මොනවයින්වත්, කියන්න නම් අඩුවක් නැත. පොඩ්ඩක්.. මස් කෑලි ටිකක් වැඩි කලා නම්..
එපමණයි මල් හතයි.
ඔය අතරට මම.. කූගන්ගෙ වෙජි ඔම්ලට් එකෙනුත් පොඩ්ඩක් රස බැලුවා.
ෂැහ්..! ඒකත් ටොප් ඈ.. හොඳහැටි එළවලු අඩුම කුඩුම නම් දාලා තියෙනවා. ලුණු, ගම්මිරිසුත් එක්කම.. මං හිතන්නෙ බිත්තරත් 2ක් විතර දාලා, හොඳට ගහලා තමයි පෑන් එකට දාලා තියෙන්නෙ.
ආයෙ..
ඔය බයිට් ටිකත් එක්ක..
වෙච්ච වැඩේ කියන්න ඔ්න නෑනෙ නේ..
තව පොඩ්ඩෙන් ඔහොම මෙහෙම, කණ සාක්කුවෙ දාගන්න!
Closed right now
Cuisine
Pub Food Street Food Sri Lankan Chinese Mongolian Fast Food South-East Asian
Price Range
Dish Types
Noodles Eggs Seafood BBQ Pasta Fried Rice Beef Pork Chicken Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Naan Bites
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
HQ is one of the best places in Kandy to pop in…
5/5
Great place calm and chill to the core with nice view with the see breeze. BYOB . Great food and friendly staff with big smile. Suits for office mates hang out and even for a family get together, birthday partys and for even Couples to have a romatic and lovely time by the sea. And finally its affordable prices and great food.
5/5
Nadee711
Great place calm and chill to the core with nice view with the see breeze. BYOB . Great food and friendly staff with big smile. Suits for office mates hang out and even for a family get together, birthday partys and for even Couples to have a romatic and lovely time by the sea. And finally its affordable prices and great food.