Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

5/5

S Lanka Safari & Camping (Yala National park)

Yala national park


A unique specialist safari service located in the paradisaical Yala, that's made for the escapes into the wilderness and safari camping.



පුංචි වැහි තීරයකට පස්සෙ..

වියළි කලාපයෙ කැළේ කොලේ බලන්න යන්න!

හොඳම කැලේ, යාල කැලේ..

දුඹුරුම දුඹුරු පාටට වේළිලා ගිහිල්ලා තිබ්බ ගස් කොළන්, තණ පිට්ටනි, වතුර වළවල්.. අන්න ආයෙත් පණ ගැහිලා ඇවිල්ලා.. ඒ නිසාම, හතර වටින්ම සතා සීපාවා කුරුළු කොබෙයියො ඒ ලඟට එකතු වෙලා.. වතුර බොනවා, නානවා, බැහැලා අව්ව තපිනවා, මඩේ නානවා..

ෂැහ්, බලන්න එපැයි ඒ ලස්සන. ඊටත් මුව, වල් ඌරු රංචු පිටින් වතුර වළවල් ලඟ නිසා නිතර දෙවේලෙ කොටියා බලන්නත් පුලුවන්. අනික.. අලි එහෙමත් රොතු බුරුතු පිටින් වැව් තාවුලුවල තණ කකා.. පුංචි පැටව් එක්ක දාන සෙල්ලම්.. සත්තයි පැය ගාණකට වුනත් ඇහිපිය හෙලෙන්නෙ නෑ යාළු. ඔක්කොමත් හරි මේ දවස්වල බැහැලා ඉන්න සංචාරක කුරුල්ලො ටික..!

ඉතින්.. මේ වගේ කාලෙක වියළි කලාපය කොළ පාටට දැක බලාගෙන ලොකු මහන්සියක් නැතුව සෆාරි කරලා එන්න..

හොඳම සෆාරි සර්විස් එකක් තමයි ‘S Lanka’. මොකද එයාලෙගෙ සෆාරි ජීප් තියෙන්නෙ සෆාරි යන්න විතරක්ම නෙවෙයි. විශේෂයෙන්ම වයිඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි, බර්ඩ් වොචින් කරන අයටත් පහසුවෙන්න. ඇතුලෙ හොඳ හැටි ඉඩ තියෙන්නෙ, එතකොට.. සත්තු ගැන, කුරුල්ලො ගැන වගේම යාල හතර මායිමම හොඳහැටි දන්න අඳුනන ගයිඩ් මහත්තුරු එක්ක..

සුපිරිම සෆාරියක් යන්න!

එහෙම යාල කැලේ ඇතුලෙ යන සෆාරිය..

වගේම තව අපූරු සෆාරියක් තියෙනවා යාල කැලෙන් එළියෙත්. ඒ තමයි ‘S Lanka Night Safari’

හැන්දෑවෙ 7ට විතර පටන් ගත්තාම රෑ 11 විතර වෙනකම්.. එහෙම නැත්නම් පාන්දර 1 වෙනකම් වුනත්..
ඔයාලට කැමති විදියට වෙලාව ඇරේන්ජ් කරගන්න පුලුවන්. කොහොම වුනත් ජීවිතේට ලබන්න බැරි අපූරුම අත්දැකීමක්!

ටෝච් ගහගෙන.. ලෝ ලයිට් කැමරා අටවගෙන.. නයිට් විෂන් බයිනකියුලර් අරගෙන.. 

“හ්ම්” සද්ද නැතුව. කොටින්ම කියතොත් හුස්ම ගන්නෙත් හරිම හෙමින්. හතර වටේ ඇස් දල්වාගෙන ඉන්නයි තියෙන්නෙ ගහක්, පඳුරක් හෙලවෙනකම්. කොටියෙක්, වළහෙක් කෙසේ වෙතත් අලි, පුංචි දිවියන් විශේෂ, එක එක සර්ප විශේෂ, නයිට් ජාර් වගේ රෑට එළි බහින කුරුළු විශේෂ.. බාග වෙලාවට දැක බලාගන්න ටිකක් අමාරු සිවෙට්, ලෝරිස්, පැන්ගොලින් වගේ සත්තුත්.. නයිට් සෆාරියෙදි නම් ‘ෂුවර් ෂොට්’ වගේ!

ඒ ඔක්කොමත් හරි, ඒ විදියට අපූරුවට සෆාරි කරලා ඔයාලගෙ විඩා නිවාගන්න.. නැත්නම් වෙනස්ම කැළෑ අත්දැකීමක් ලබාගන්න, හොඳ සුවපහුස නින්දක් දාලා රිලැක්ස් එකේ ඉන්න ‘S Lanka’ කෑම්ප් සයිට් එහෙමත් තියෙනවා.. බීච් එකට කැමති අයට එහෙමයි, නැත්නම් මහ කැළේ මැද්දෙ වැවකට කිට්ටුව ඉන්න කැමති අයට එහෙමයි. තනි කැළේට වුනාට හැබැයි හැන්දෑවට රත් පාට ක්ෂිතිජයට මුහුණලා වැදෙන මහ විසාල ගිණි මැලයයි, ඊට එපිටින් ලෑස්තිවෙන බාබකියු එකයි..

කැමැත්තෙ හැටියට ඉතින් තව මොන මොනවහරිත් එතනට ලං කරගත්තාම තියෙන විනෝදයයි…

කියලා නිම කරන්න නම් බෑ යාළු.

ඒක ඇත්තටම ගිහිල්ලා, අත්විඳලාම ගන්න ඔ්න එකක්..!


TIP

Try night safari


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment