Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Saffron Kitchens

51A, St. Michael's RoadColombo


A small buth kadey down St.Michael's Road in Kollupitiya. Less variety nevertheless the food is of good quality.



කොළඹ පැත්තෙ රස්සාව කරන ගොඩක් අයට දවල් කෑම ගන්න ලැබෙන්නේ පැයක වගේ කාලයක්. වැඩ වැඩි වෙලාවට ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි පැය ඉවරයි. මේ වෙලාවට කෑම කඩවල් කොච්චර තිබුනත් මදියි කියල හිතෙන තරමට ඒවායේ සෙනඟ.  

කොහොම වුණත්, කොල්ලුපිටිය පැත්තේ රස්සාව කරන අයට නම් ලැබෙන වෙලාවෙ හැටියට සුටුස් ගාලා ගිහින් කෑම වේලක් කාලා එන්න පුළුවන් තවත් තැනක් දැන් තියෙනවා. ඒ ශාන්ත මයිකල්ස් පාරේ පිහිටලා තියෙන සැෆ්රොන් කිචන්ස් එක.

තැන

ශාන්ත මයිකල්ස් පාරේ කෝවිල පහුවෙනවත් එක්කම වගේ තියෙන සැෆ්රොන් කිචන්ස් එක හොයාගන්න අමාරු තැනක් නෙවෙයි. මේක ඇත්තටම බොහොම පොඩි බත් කඩයක්. ඇතුලේ තියෙන පොඩි මේස බංකු ටිකේ පස් හය දෙනෙකුට එක සැරේ වාඩිවෙලා කෑම ගන්න පුළුවන් වෙන්න ඉඩ සලස්වලා තියෙනවා.  

කෑම බීම

සැෆ්රොන් කිචන්ස් එකේ හුඟක් වෙලාවට තියෙන්නේ රයිස් ඇන්ඩ් කරි වර්ග. බීම කියලා විශේෂයක් නැහැ. නෙක්ටෝ, ජින්ජර් බියර් වගේ ඒව තමයි.

ලොකු තෝරාගැනීමක් කරන්න නැති නිසා අපි ඕඩර් කළේ චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.210) එකකුයි, ෆිෂ් රයිස් ඇන්ඩ් කරි (රු.190) එකකුයි. මැටි පිඟානක අතුරපු නෙලුම් කොළයක තමයි මේ බත් පත පිළිගැන්වෙන්නේ.

ගානට තැම්බුණු සුදු සම්බා බත්, චිකන්, වැටකොළු, කඩල පරිප්පු,  බීට්, තෙල් දාපු මෑකරල්, පපඩම් වගේම ගොටුකොල සම්බෝලයකිනුත් සමන්විත වුණු චිකන් රයිස් එකේ සාමාන්‍යයෙන් හොඳ රසක් තිබුණා. නෙළුම් කොළේට බෙදපු නිසයි මේක ගොඩක්ම රසට අපට දැනුණේ. කඩල පරිප්පු කරියත්, මෑකරල් බැදුමත් අපට හොඳටම අල්ලලා ගියා කියලා කියන්න පුළුවන්. හැබැයි කුළු බඩු වල මදි පුංචිකම් මේ හැම කරියකම වගේ තිබුණා.

කලින් කියපු එළවලු, කරි වර්ගත් එක්ක හොඳ රසට හදපු තලපත් මාළු කෑල්ලක් ෆිෂ් රයිස් එකේ තිබුණා. ඇත්තම කිව්වොත් චිකන් රයිස් එකට වඩා ෆිෂ් රයිස් එකේ රස වැඩියෙන් දැනුණේ මේ මාළු එකේ තිබුණු හොද්දේ රස නිසා. හොඳට අඹරපු ගම්මිරිස්, ගොරකා, තුන පහ වලින් මේ මාළු හොද්දට ඇවිත් තිබුණේ නියම රසක්.

වටලප්පන් සහ කැරමල් පුඩින් තමයි සැෆ්රොන් කිචන්ස් එකේ අතුරුපස වර්ග විදියට තියෙන්නේ. ඒත් අපි මෙතනට ගොඩ වැදුණු වෙලේ වටලප්පන් සේරම විකිණිලා ඉවරයි. ඒ නිසා අපි කැරමල් පුඩින් (රු.65) එකක් ඕඩර් කළා. ගෙදර හැදුවා වගේ රසක් තමයි මේ පුඩින් එකෙන් අපට දැනුණේ. රස විතරක් නෙවෙයි, හොඳ කැරමල් පුඩින් එකක තියෙන මෘදු ගතිය, මතුපිට තියෙන ලා දුඹුරු පැහැය අඩුවක් නැතුවම මේ පුඩින් එකේ තිබුණා. අනික රුපියල් 65ක් වගේ ගාණකට ලොකු පුඩින් කෑල්ලක් ලැබෙන නිසා, හිතටත් සතුටුයි.

සර්විස් එක

සැෆ්රොන් කිචන්ස් එකේ සර්විස් එක හොඳයි. සෙනඟ ගොඩක් ඉන්න කෑම පැයේදී වුණත් ඉක්මනට කෑම ටික පිළිවෙලක් කරලා දෙන්න එයාලා කටයුතු කරනව. ඒත් පොඩි ඉඩ කඩකට සීමා වෙච්ච තැනක් නිසා, බත් පැකට් අරගෙන ගිහින් කන වැඩේ ටිකක් ලේසියි කියලා අපට හිතුණා.

අවසාන වශයෙන්

හැමදාම තෙල් රසට පුරුදු වුණු බත් කන අතරේ, වෙනසකටත් කිරට හදපු එළවලු එක්ක සුදු හාලේ බත් ටිකක් කන්න පුළුවන් තැනක් විදියට සැෆ්රොන් කිචන්ස් එක හඳුන්වන්න පුළුවන්. ලොකු රසක් තියෙන සුපිරි බත් එකක් විදියට හඳුන්වන්න බැරි වුණත්, ගෙවන මුදලට සරිලන විදියට පිරිසිදු, නෙලුම් කොලේ බෙදපු බත් එකක් ගන්න කදිම තැනක් තමයි මේක. එහෙම බත් වේලක් කාලා යන ගමන්, මෙයාලගේ කැරමල් පුඩිමක රසත් බලලා යන්න අමතක කරන්න එපා හොඳද.


TIP

The desserts are not available in weekends.

Address

51A, St. Michael's RoadColombo

Directions

Located right at the opposite side of BOC Merchant Tower.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment