Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Sakura Foods

No. 30 Old Town Digana


A nice place to have Srilankan cuisine at any time of the day.



“ඒ, මැන්ටලේ බැහැපන් යකෝ එළියට. 4යි වෙලාව”

මීමුරේ යන්න 3ට පිටත් වෙනව කියපු එකා, තාම නිදි කියන්නකො. ගමනක් යන්න හැදුවොත් ඕකා ඔහොමයි. කොහොම හරි කෑගහල කෑගහල, පොරව විනාඩි 10ට ලෑස්ති කරගෙන දඩබඩ ගාලා වෑන් එකට දාගත්තා. දාගෙන සෙනිකව ඇද්දෙ කොහුවලට. මොකද අපේ වීඩියෝ ටීම් එකේ කොල්ලො සෙට් එක පැය බාගෙකට කිට්ටුව රස්තියාදුවෙනෙ.

සිද්ධිය මේකයි. 2015 ගමනෙදි ලකේගලයි අළුගල් ලෙනයි ඉවර කරපු නිසා ආයෙ මීමුරේ නොයන්න තමයි මම හිතාගෙන හිටියෙ. ඒත් පහුගිය දවසක යමු එකට ආපු රිවිව් රක්වෙස්ට් එකක් නිසා මට සිද්ධ වුණා අයෙත් මීමුරේ යන්න. හැරත් ටුවර් ඕර්ගනයිස් කරන්නෙත් මමමනෙ. ඉතින් යෑම අනිවා.

අපේ පිටත් වීම තිබ්බෙ පහුගිය සිකුරාදා පාන්දර. ඒත් නිදිමතයි, බඩගින්නයි නොබල කට්ටිය කෝම කෝම හරි වැඩේට බැස්සා. වෑන් එකේ අයියගෙ හොඳකම නිසාම උදේ 7 වගේ වෙද්දි අපිට නුවර පහු කරන්න පුළුවන් වුණා. වැඩේ කියන්නෙ ඒ වෙද්දි මර නින්දෙ ඉඳපු අපේ උන් ටික නැගිටල. බඩගිනියි කියල කෑ මොර දෙනව. දැන් මක්ක කොරන්නේ…

හීන් සැරේ වෑන් එකේ අයියට ටෝක් කරල දිගන, පරණ ටවුම හරියෙ තිබ්බ කඩයක් අල්ලල නැවැත්තුව.

“හරෙ හරේ, එහෙනං ඔන්න කට්ටිය කාලා ඉමු” කියාගෙන වෑන් එකෙන් බැහැපු මම කඩේ ඇතුළට යන්න කලින් බැලුවෙ, ෂෝ කේස් එකේ මොනවද තියෙන්නෙ කියල. ෂහ්! ඉඳි ආප්ප, පිට්ටු, පරාටා, බිත්තර රොටි, බත්, පාන් පවා තියෙනව කියන්නකො. එළවළු රොටි, රෝල්ස්, වඩේ වගේ ෂෝටීට්ස් එහෙමත් තියෙනව. එතකොට රස පාටට, සුවඳ ගහන චිකන් කරි, පරිප්පු කරි, අල කරි, කරවල තෙල් දාපුවා, පොල් සම්බෝල! කියල වැඩක් නෑ පංකාදු පහයි.

“අයියා, දාන්නකො පිට්ටුවකුයි කුකුල්මස් කරියකුයි අල හොදි ටිකකුයි”

හෑ, පුරුදු කට හඬක්? පැත්ත හැරිලා බැලින්නම් අපේ කවීනයා. මටත් කලින් ඕඩරේ දානව. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුළුවන් නිසා මමත් ඒ සෙනිකවම දැම්මා ඕඩරේ. ඉඳි ආප්ප 10යි, චිකන් කරියයි, පරිප්පුවයි. මට පස්සෙන් ආපු දේශානි ඕඩර් කළේ තෝසෙ. චිකන් හොදියි, අල හොදියි එක්ක. අඩුවකට හිටියෙ පාන් ඉල්ලපු එකෙක් නැති එක තමයි.

ඉල්ලපු ගැම්මට කෑම ටික එවෙලෙ පිඟානට බෙදල දෙන නිසා වැඩේ පරක්කුවක් නැතුවම සිද්ධ වෙනව. හම්මේ! ඉඳි ආප්ප එකේ සුවඳ. ටිකක් විතර උණුවෙන් තියෙන නිසා හිතේ හැටියට කන්නත් පුළුවන්. කියන්න සන්තෝසයි යාළු, චිකන් කරිය නම් පංකාදු පහයි. හොඳ මිරිසට හදල තියෙනව. ගොරක සුදු ලූණු ටික, බැදපු තුනපහ ටිකත් කියාපු ගානට. එතකොට පරිප්පු කරියත්, චිකන් කලවම් හොද්දට ටොප් එකට ගැළපෙනව. ඒකත් ටිකක් සැරයි. හැබැයි තුනපහ රසට යටින් අමුතු මස් කරි රසක් එකතු වෙලා තියෙන නිසා රස කරකර කතහැකි. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ ඉඳි ආප්ප, ඔය කොළඹ ඒවා වගේ අහස පේන තරම් තුනී ඒවා නෙවෙයි. හොඳ ඝනකමට තියෙනව. ඉතිං 10ක් කෑවත් හොඳ ගණන්.

පිට්ටුවත් එමමයි. සයිස් එකෙන්, අතකට දෙවනි නෑ. එකක් කෑවා කියන්නෙ වරුවක් ඇද්දහැකි. හැබැයි මනි පිට්ටු නිසා කිරි හොදිත් එක්ක නියමෙට ගැළපෙනව. චිකන් හොදිවල සැර ගතියයි, තුනපහ රසයිත් එකතු වුණාම පට්ට රසයි. අනික චිකන් කෑලිත් කුළුබඩු එක්ක හොඳට පදම් වෙලානෙ. වැඩේ කියන්නෙ මෙයාලගෙ පොල් සම්බෝලෙ නම් ටිකක් අවුල්. විශේෂයෙන්ම පිට්ටුවලට හරියන්නෙ නැති ගානයි.

ඒත් තෝසෙ එක්ක නැගල යනව. මොකද මෙතන සාම්බාරු නෑනෙ. පොල් සම්බෝලයයි, කිරි හොදියි එක්ක, චිකන් හොදි ටිකක් ගළපගන්න ඕන. හැබැයි ඊටත් පට්ටයි පරිප්පු එක්ක චිකන් හොදි කලවම් කරගෙන පොල් සම්බෝල ටිකක් දවටල රස බැලුව නම්. තෝසෙ ටිකක් තුනී වුණාට උඳු පිටි එහෙමත් පදමට දාලා හදල තියෙන නිසා රසයි සුවඳයි දෙකම නියම ගානට.

ඔක්කොමත් හරි කටට සැරට, රස පදමට බඩ පැලෙන්න කාලා ටොප් ඉඟුරු ප්ලේන්ටියක් ගහද්දි, ගමේ ගතිය ඇඟ පුරාම. දිවට දැනෙන ගැම්මට නිදිමතත් කොහෙන් යනවද කියල නෑ. ඇත්තම කියනව නම් ආසයි ආයෙත් දිගන පැත්තට ගිහින් රොටියක්, පිට්ටුවක් කාලා එන්න. ඒත් දුරයිනෙ ඉතින්. ඔන්න ඊළඟ නිවාඩුව අල්ලල නුවර, මහියංගන පැත්තෙ යන අයට නම් පුළුවන් සකුරා එකට ගොඩවෙලා කෑම ටිකක් රස බලන්න. හැබැයි විස්තරේ නම් අපිට අනිවා කියන්න ඕනි, හාද?


TIP

Try Mani pittu with Mix (chicken & dhal) curry

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment