Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Salad Maps

Delivery only

  • Open until 09:00 PM


A home cook making salad jars inspired by regional salads around the world.



සමබර ආහාරවේලක් ගන්න කැමති අයට කියාපු කෑමක් තමයි හොඳ සැලඩ් එකක් කියන්නෙ. ඒ වගේම ඇපිටයිසර් එකක්, සයිඩ් ඩිෂ් එකක්, ඩෙසට් එකක් හෝ මේන් කෝස් එකක් විදිහට වුණත් සැලඩ් කන්න පුළුවන්. හොඳ සලාදයක් නං රස ගුණ වගේම පෙනුමෙනුත් අනූන වෙන්න ඕනේ. පොඩි වෙනසකටත් එක්ක දවල් කෑමට සලාදයක් කන්න හිතාගෙන අපි සැලඩ් මැප්ස් එකෙන් සැලඩ් ඕඩර් කළා.

මේන් කෝස් එකක් විදිහට කන්න පුළුවන් තරමට මේ සැලඩ් එක ලොකුයි. ඒ වගේම පෙනුමයි. එන්නෙ ලොකු වීදුරු බෝතල්වල. අපි ඕඩර් කළේ ජැපනීස් සුෂි සැලඩ්, ඉටැලියන් සීසර් සැලඩ් සහ තායි සැලඩ් එක.

ජැපනීස් සුෂි සැලඩ් එක රු. 750යි. හීනියට කපපු කැරට් තීරු, රවුමට කපපු පිපිඤ්ඤා, එඩමාමේ, සැමන් සෂිමි, අලිගැටපේර, සුෂි බත්, සීවීඩ් තීරු, සෙසමි ඇට ලස්සනට පිළිවෙළට බෝතලේ අඩුක්කරලා, උඩින් සෝයි සෝස් ඉහලා. බත්, කැරට්, පිපිඤ්ඤා තුන එකතු වෙලා පොඩි ඇල් රසක් ඇවිත් වුණත්, අලිගැටපේර හින්දා ක්‍රීමි ගතියකුත් මේකට එකතු වෙලා තියනවා. ගාණ ටිකක් වැඩි වුණාට බඩ පිරෙන සලාදයක්...

ඉටැලියන් සීසර් සැලඩ් එක රු. 690යි. පිළිවෙළට කපපු පිපිඤ්ඤා, චෙරි ටුමැටෝ, ග්‍රිල්ඩ් චිකන්, ඔලිව්ස්, සලාද කොළ, පර්මෙසන් චීස් සහ ක්රූටන් ලේයර්ස්වලින් තමයි මේක හදල තියෙන්නෙ. එක එක ජාති හැපිලා මික්ස් වෙලා එන රහටම හරි යන්න මෙයනීස් සීසර් ඩ්‍රෙසිං එකකුත් එකතු කරල තියනවා. රහ ජාති, ගුණ ජාති ඔක්කොම එකට..!

පාට පාට තායි සැලඩ් එකත් රු. 690යි. මේක හදල තියෙන්නෙ බෙල් පෙපර්ස්, චෙරි ටුමැටෝ, වර්මිචෙලි නූඩ්ල්ස්, බීෆ්, බ්‍රොකලි සහ නිවිතිවලින්. බීෆ් කෑලි ටික නං හපන්න අමාරු තරමට හයියයි. හැබැයි දාල තියන ඔක්කොම ජාති හරිම ෆ්‍රෙෂ්. විශේෂයෙන් බ්‍රොකලි. පොඩි පැණිරහකුත් එකතු වෙලා ෆ්ලේවර් එක ගාණට බැලන්ස් වෙලා තිබුණා...

සැලඩ් මැප්ස් එක ඩිලිවරි බේස්ඩ් නිසා ඌබර් ඊට්ස් හෝ පික්මී ෆුඩ්වලින් ළඟටම ගෙන්නගන්න පුළුවන්. මේ සැලඩ් තුනට අමතරව මේගොල්ලො ගාව ග්‍රීක් සැලඩ්, මෙක්සිකන් ටාකො සැලඩ්, ඉන්ඩියන් කීනොවා බිරියානි සැලඩ් කියන සැලඩ් ජාතිත් තියනවා. එකම විදිහට සලාද කාල එපා වෙලා නං, ලෝකෙ හදන එක එක ජාතියෙ සලාදවල රහ බලන්න, සැලඩ් මැප්ස් කියාපු තැනක්..!

Address

Delivery only

Contacts

Instagram

Report Inaccuracy

Open until 09:00 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Salad

Cuisine

Home Based

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment