Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Salmon & Maki

352B Pitakotte - Talawatugoda Rd, Sri Jayawardenepura Kotte


The tiniest Japanese resto that gives you value for money.



Salmon & Maki කියන්නේ අපි දැකලා තියෙන පුංචිම ජැපනීස් ෆුඩ් ප්ලේස් එක. මේක තියෙන්නේ කෝට්ටේ. ජැපනීස් ෆියුෂන් තමයි මේ කට්ටියගේ ස්පෙෂල්ටි එක.

කෑම

කඩේ පොඩි වුණාට මොකද, මෙනුව අලි සයිස්. ඔය නෝමල් ජැපනීස් රෙස්ටෝරන්ට් එකක තියෙන ජාති සේරම වගේ දැකගන්න පුළුවන්. ඔය අතරින් අපි ගත්තේ නිගිරි ප්ලැටර් (රු. 2000), සීෆුඩ් රාමෙන් (රු. 950) එකයි, යකිතොරි ඩොන් (රු. 1000) එකයි.

මේ නිගිරි ප්ලැටර් එකේ සේරම ජාති 10යි. ඒ කිව්වේ අවකාඩෝ-සැමන් මකි රෝල්ස් 6යි, නිගිරි 4යි (ප්‍රෝන්, ටූනා, සීබෑස්, සැමන්), වසාබි, පිකල්ඩ් ජින්ජර් සහ තවත් ෆ්‍රෙෂ් මාළු - ඔය සැමන් සහ ටූනා වගේ ඒවා.

මකි රෝල් ටික නම් හොඳ කොලිටියට තිබුණා. නීට් එකට, ගානට රෝල් වෙලා වගේ ම, අවකාඩෝ සැමන් දෙකේ රසවල් හොඳට ගැළපුණා. අමු මාළු කියලා සුෂි නොකන අයට නියමෙට ම හරි යන එකක් මේක. මොකද අවකාඩෝ නිසා සැමන් එකේ අමු ගතිය නිකමටවත් මීටර් වෙන්නේ නැහැ.

අනිත් නිගිරි වර්ගවලත් වරදක් තිබුණේ නැහැ. බත හොඳ ගානට ස්ටිකි. ඒ වගේ ම මාළු වර්ගත් ෆ්‍රෙෂ්.

හැබැයි වැඩේ කියන්නේ මේ වසාබිවල කිසිම ගැම්මක් නැහැනේ. සාමාන්‍යයෙන් වසාබි කියන්නේ ඔළුව ඇතුළේ කරන්ට් එකක් යනවා වගේ දැනෙන තරමට ස්ට්‍රොන්ග්, යුනික් විදියේ ස්පයිසි ගතියක් තියෙන දෙයක් නේ. මොකක් හරි හේතුවක් නිසා අපට මේකෙන් ඒ වගේ කික් එකක් ආවේ නැහැ.

සීෆුඩ් රාමෙන් එක ඒ ගත්ත ගාණට ෂේප් වුණාට කියන්න තරම් ලොකු අරුමයක් නැහැ. ඒගොල්ලෝ දාලා තිබුණේ නෝමල් නූඩ්ල්ස් ජාතියක්. රාමෙන් නූඩ්ල්ස් නෙවෙයි. බ්‍රොත් එකෙත් ලොකු රසක් නැහැ. ලුණු රස තමයි වැඩියෙන් ම ආවේ. හැබැයි සීෆුඩ් නම් ගොඩක් තිබුණා. ඉස්සෝ, දැල්ලෝ, නරුටෝමකි වගේ ම, හීනියට ලියපු ලූණු කොළ සහ සීවීඩ් එහෙමත් දාලා.

යකිතොරි ඩොන් එක නම් සෑහෙන්න අවුල්. නිකන් ම නිකම් ග්‍රිල්ඩ් චිකන් ස්කිවර්ස්වලට තක්කාලි රහට හුරු සෝස් එකක් හෝ ගාලා තවරලා. සෝස් එක වැඩි නිසා අඩු තරමේ චිකන් රහවත් හරියට එන්නේ නැහැ.

තැන සහ සර්විස් එක

කිව්වත් වගේ මේක බොහොම පොඩි ඉඩකඩක් තියෙන තැනක්. එක සැරේකට වාඩි වෙලා කන්න පුළුවන් හතර දෙනෙක්ට විතරයි. හැබැයි ඒසී කරලා තියෙන නිසා ලොකු අවුලකුත් නැහැ. ස්ටාෆ් එකේ අයත් බොහොම ප්‍රියමනාපයි.

අවසාන වශයෙන් 

යන්න එන්න පහසු දුරින් තියෙන තැනක් නිසා කෝට්ටේ පැත්තේ ඉන්න කෙනෙක්ට නම් මේක හොඳ ආරංචියක් වෙයි කියලා අපි හිතනවා. ගණනුත් ගොඩක් ශේප්. 

Address

352B Pitakotte - Talawatugoda Rd, Sri Jayawardenepura Kotte

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Japanese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Sushi Ramen

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments