Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Samanala Restaurant

Pitakotte - Talawatugoda Rd, Sri Jayawardenepura, Kotte


Affordable (hence usually crowded) place to have a drink in Pitakotte.



නහුතෙට හෙම්බිරිස්සාව නැගල තියෙද්දිනෙ අපේ එවුනුත් බොන්න කතා කරන්නෙ. ඒ මදිවට පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවෙක්. බෑ කියන්න කොහොමත්ම බෑ. මොනව කරන්නද කියල හිත හදාගත්තු මම, ගේට්ටුව ළඟට ආපු කාර් එකට ගොඩවුණේ අතේ එක ලේන්සුවකුයි සාක්කුවෙ තව ලේන්සුවකුයිත් දාගෙනමයි.

“මොකෝ බන් වෙන්නෙ, උඹට හෙම්බිරිස්සාව නේ. සුදුවැයින් මොනවහරි දාගමු, ඕක ඇරිලා යයි” ඔන්න, කාලෙකින් හම්බවුණු යාළුවගෙ ටෝක.

“යකෝ මූ එම්. බී. බී. එස්. කාරයෙක් වගේනෙ මට උපදෙස් දෙන්නෙ” හිතින් බැණ බැනම කතාවට සෙට් වුණු මම යාළුවා එක්කන් යන ඕනම තැනක සෙට් වෙනව කියල හිත හදාගත්තා. වටින් ගොඩින් ෂෝට් කට් පාරක් දාපු කාර් එක ගිහිල්ල නතර වුණේ ගෙවල් කිට්ටුවම තියෙන සමනල රෙස්ටුරන්ට් එක ඉස්සරහ. මම හිතන්නෙ, වැඩි දුර නොගියෙ දඩේ රු. 25,000 නිසා වෙන්න ඕන.

ඉස්සර නම් මේ සමනළ එක සුපිරි පොට් එක. හැබැයි ඉතින් පොඩි නිවාඩුවටත් මුළු ගම ම ඔතනට පිරෙනව. වෙලාව හොඳ නිසාද කොහෙද අද නම් වැඩිය සෙනඟ නැති පාටයි. හැරත් දැන් අරක්කුවල ගණන් ඇහුවාම වෙරි වෙන නිසා බොන්නම ඕන කියල එකකුත් නෑනෙ.

සමනළ හෝටලේ තට්ටු 4ක් තියෙනව. පල්ලෙහා තට්ටුවෙ වෙඩින්ග් හෝල් එක. පළවෙනි තට්ටුවෙ තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නෙ. ලොකු හයි ෆයි නැති වුණාට මොකද හෝල් එකේ තියෙන ලොකු ඉඩ කඩ හොඳ හැටි ප්‍රයෝජනයට අරන් රවුම් මේස තොගයක් දාලා හරි ලස්සනට හදල තියෙනව. ඒ හැරුණාම එළිමහන් කොටසකුත් තියෙන නිසා කැමති තැනක වාඩි වෙන්න පුළුවන්.

ඔය වාසියෙන් මම කළේ ගියපු ගමන් එළියෙන් වාඩි වෙන එක. මොකද හොටු බේර බේර ඇතුළට වෙලා ඉන්න බෑනෙ. කොහොම හරි වාඩි වෙනවත් එක්කම වගේ සේවක මිත්‍රයෙක් එතනට ආවා. වැඩේ කියන්නෙ එයාගෙන් මෙනුවක් ඇහුවාම මෙනු නෑ කිව්වනෙ. ඉතින් කොහොමද කෑම තෝරන්නෙ කියල කල්පනා කරද්දි තමයි එයා කිව්වෙ චිකන් ඩෙවල් හොඳයි ඒකක් ගේමු කියල. මොනව කරන්නද, අපිත් ඉතින් හිත හදාගෙන චිකන් ඩෙවල් එකක් ඕඩර් කළා.

කොහොමත් සුදු ඒවට ඇඟ වේලෙන නිසා, සෙමත් ඔන්න ඔහෙ වේලිච්චාවෙ කියල මම ඕඩර් කළේ සෙලිබ්‍රේෂන් වොඩ්කා 100mlක්. යාළුවා ඇන්කර් ස්ට්‍රොන්ග් බෝතලයක් (රු. 450) ඕඩර් කළා. බඩු ටික මේසෙට එනකම් කරන්න වැඩක් තියෙන්නත් ඕන නිසා යාළුවයි මායි ආයෙත් පොඩි කතාවකට සෙට් වුණේ රු. 50කුත් පත්තු කරන ගමන්මයි.

විනාඩි 10ක් යන්නත් කලින් අරක්කු, බියර් ටිකයි කෝප්ප, අත්පිස්නා ටිකයි නම් මේසෙට ආවා. ඒත් බයිට් එන්න ටිකක් පරක්කු වුණානෙ. ඒ මදිවට වේටර්, වොඩ්කා සීය බොන්න සෝඩා බෝතලයක්ම ගෙනැල්ලා.

කතා බහ මැද්දෙ යාළුවා බියර් උගුරක් තොල ගාන්න පටන් ගත්තාම තමයි ඩෙවල් පිඟාන මේසෙට ආවෙ. ඉවසිල්ලක් නැතුව ඉඳපු මම වොඩ්කා උගුරක් දඩි බිඩි ගාලා හලාගෙන ඩෙවල් පිඟානට අත යැව්වා. අහුවුණේ ටිකක් ලොකු කෑල්ලක්. ඒත් කියන්න කණගාටුයි මේලෝ රහක් නෑ. ලාවට සැර ගතිය තිබුණට ඩෙවල්වලට ආවේණික රසත් දැනේනෙම නැති ගානයි. හැරත් රු. 480ට චිකන් කෑලි 6යි 7යි තියෙන්නෙ. ඒ වුනාට බලන්න එපැයි මාළු මිරිස්, ළුෑණු එහෙම, ඔය මදි නොකියන්න දාලා තියෙන්නෙ.

අමාරුවෙන් අමාරුවෙන් මම වොඩ්කා සීය ගැහුවට මොකද යාළුවගෙ බියර් බෝතලේ ඉවර කරන්න නම් ඒ බයිට් ටික මදි. ඒ නිසයි ආයෙත් වේටර්ට කතා කරල මික්ස් චොප්සියක් ගේන්න කිව්වෙ. හැබැයි පෝර්ක් නැතුව.

අමුණල කරල මික්ස් චොප්සිය නම් විනාඩි 10ට 15ට මේසෙට ආවා. පට්ට රස පාටයි. උණු උණුවෙ දුම් දාද්දි එන සුවඳට කටට කෙළත් උනනව. තඩි පිඟානක් පිරිලා ආපු නිසා කොහෙන් බෙදා ගන්නද කියල හිතා ගන්න බෑ. උඩින්ම තියෙන බුල්සායි එකට උඩින් තව සොසේජස් කරල් 2කුත් තියෙනව. එතකොට ලොකු කෑලිවලට කපපු කැරට්, ගෝවා, කෝර්න්, බෝංචි, අල එහෙම පිරිලා. රස පදමට තම්බපු ඉස්සො, දැල්ලො, මාළු, චිකන් කෑලිත් හැන්දකට එක ගාණෙ එන තරම්. ගම්මිරිස්, ලුණු පදමත් බයිට් එකට වගේම ඩයට් එකටත් කියාපු. රස ඩබල් වෙන්නෙ චොප්සියට දාපු සෝස් වල රස මරු ගානට දිවට දැනෙද්දි තමයි. අනික තුන් දෙනෙක්ට බඩ පිරෙන්න කන්න පුළුවන් තරමට තියෙනවත් එක්කනෙ. ඇත්තටම සමනළේ චොප්සිය නම් රු. 750ට සුපිරි.

කොහොම හරි පැය භාගයක් විතර කාලා කාලා තමයි චොප්සියෙ හොඳම ටික යාළුවයි මායි ඉවර කර ගත්තෙ. වැඩේ කියන්නෙ කාපු කෑමටම, කාලා ඉවර වෙද්දි වෙරි බැහැලා. මොනව කරන්නද ඉතින් ආයෙ බොන්න කියලයැ.

හීනියට වැදිල තියෙද්දි අපි දෙන්න කාර් එකට නැග්ගෙ එක්ක කතා බහේ ඉතුරු ටිකත් ඉවර කරගෙනමයි. හැබැයි හොඳ සෝදිසියෙන්. මොකද රු. 25,000 එකතු කරන මාමල වට පිටාවෙ ඉන්න පුළුවන්නෙ.


TIP

Try mixed chopsuey.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments