Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

3/5

San Villa Restaurant

Piliyandala road, Maharagama


A nice spot to chill with some booze, and delicious fried rice.



ලමිදු මල්ලිත් යනව ඉතින්…

හ්ම්… අපිට වීඩියෝ හදන්න ඉඳපු එකම එකා. මොනව කරන්නද ඇතිවීම නැතිවීම ලොව කාටත් පොදු දේ... නේ… කියල හිත හදාගන්න තමයි තියෙන්නෙ. එහෙමයි කියල නිකම්ම හිත හදාගන්නත් බෑනෙ. ඒකට මොනව හරි තියෙන්න එපැයි, ආ... නැද්ද…

හිතල හිතල, කල්පනා ලෝකෙන් එළියට එන්න ඔන්න මෙන්න. සරිතය ඉතුරු ටික ඇදල ගත්ත වගේ.

“ඒ, තැනක් බැලුවද බං හැන්දෑවට යන්න”

“ඕ බං. තැන් දෙකක් තියෙනව. මම කළින් යන නිසා පළවෙනි තැන බලල එතන සෙට් නම් කෝල් එකක් දෙන්නම්. නැත්නම් අනිත් තැනට යමු”

“හා, එළ එළ බං”

කියල හිටං ඔන්න මම 5 වෙද්දිම එළියට බැස්ස. බැහැලා කෙළින්ම ඇද්දෙ දෙල්කඳ ඔලිම්පික් රෙස්ට් එකට. ඇදලා... පඩිපෙළ නැගල උඩ තට්ටුවට ගොඩ වුණා විතරයි, ළඟට ආපු වේටර් මල්ලිගෙන් අහල බැලින්නම් බයිට් එකට තියෙන්නෙ කොත්තු රයිසුයි විතරයිලුනෙ. එහෙම පුලුවන්ද හප්පේ, ෆෙයාර් වෙල් පාර්ටි දාන්න. හොඳ හැටි කන්න බොන්න තියෙන්න එපැයි.

හුටා පෝච්චි මල් පෝච්චි කියල මම දඩිබිඩියට බැස්ස එතනින් එළියට. බැහැලා ඒ වෙද්දිම වගේ ආපු චන්දනලගෙ වීල් එකට නැග්ගා කෙළින්ම යන්න මහරගම සන්විලා එකට. මොකද ඒකෙ වීඅයිපී සීන් එකකුත් තියෙනවනෙ. අනික තව පොඩි පොඩි දේවල් ටිකකුත් තියෙනව රෑ වෙද්දි, දන්නැද්ද ඉතින්, කොල්ලොනේ!

වැඩේ කියන්නෙ ට්‍රැෆික් එක අස්සෙන් දාලා දාලා අපි එතනට යද්දි 6ත් පහුවෙලා. ඉතින් ගියපු ගමන් මම කළේ බෝතලේ ඕඩර් කරන්න ලිකර් මෙනුව බලපු එක. කිව්වට විශ්වාස කරන්න යාළු ලිකර් මෙනුව බැලුවාමනෙ මට හෑක් ගෑවුණේ. වේටර් අයියගෙන් ඇහුවත් හරි අපිට ඕන බෝතල් එකක්වත් නෑ. ඊටත්, ඒ වෙද්දි සරිතුයි, චින්තකයිත් ඇවිල්ල බර දාලා බලාගෙන ඉන්නව වැඩේ පටන් ගන්නකම්. වෙලාවට ලමිදු මල්ලි පෝක් ඩෙවිල් එකකුයි (රු. 650), ස්පෙෂල් රයිස් එකකුයි (රු. 600), මික්ස් රයිස් එකකුයි (රු. 600) ඕඩර් කළේ බයිට් එකට. කරන්නම දෙයක් නැති තැන, අන්තිමට අපි සුපුරුදු පරිදි සංස්ථා ඕල්ඩ් එකක් ඕඩර් කළා.

කරල හෙමින් සැරේ… බයිට් එක එනකම්, ඕන්න දැම්ම චිර්ස් පාර! ලමිදු මල්ලිට සුබ අනාගතයක් ම වේවා කියල. ඊට පස්සෙ කතාබහට සෙට්වුණේ ඔෆිස් එකේ ප්‍රශ්න. ඒකත් කරුමෙ කියන්නෙ ප්‍රශ්න ටික එළියට ඇදෙද්දිම බයිට් සියල්ල මේසෙ උඩ කියන්නකො. ඉස්ඉස්සෙල්ලාම කියල පෝක් එකයි, ස්පෙෂල් රයිස් එකයි.

ආයෙ! ගත්ත පෝක් කෑලි දෙකතුනක්ම ගෑරුප්පුවට. අරගෙන දෙකක් විතර එක පාර රස බැලුවෙ කළින් ෂොටේ බයිට් අඩුපාඩුවටත් එක්කම.

ම්ම්… මොකක්දෝ දෙයක් තියෙනව ඈ… හැබැයි ඒක සුපිරිම කියන්න බෑ. මොකද පෝක් කෑලි ඔක්කොම ගැඹුරු තෙලේ බැදල ලුණු ගම්මිරිස් වලින් පදම් කරල හදල තිබ්බට මික්ෂර් එකේ රස පොඩ්ඩක් මදි වගේ. ඒකත් අමු ද්‍රව්‍ය සියල්ලම තියෙනව. මාළු මිරිස්, අමු මිරිස්, ලූණු, ලීක්ස්, තක්කාලි… මගෙ හිතේ සෝස් වලින් පදමට රස අරගෙන නැති ගතියක් තිබ්බෙ. අනික රතු මිරිසුත් තව ටිකක් ආව නම් ලෙසටම තියෙවි වගේ.

ඩෙවිල් එක එහෙම ගොඩ ගියා මදැයි කියල හිතෙන්නෙ ෂොටක් දාගෙන රයිස් කටක් කද්දිනෙ. තුක් නොදෝකින් විතරක් ඒ මගුල. පිලී ගඳයිත් එක්ක. දැල්ලො එහෙම දාලා තිබ්බ අමුවෙන්ද මන්දා. එතකොට ඉස්සො, ඔව් ඉස්සො අපේ දෙන්නෙක්ට විතර හම්බුවෙලා තියෙනව එතනින් එහාට නෑ. මගෙ හිතේ බැදපු මාළු කෑලියි, චිකන් කෑලියි තිබ්බෙ නැත්නම් ඇත්තටම ඒක ස්පෙෂල් රයිස් නෙවෙයි, වෙජි රයිස් එකක් වෙන්නෙ. අනේ මන්දා, එක්කො බැරිම නම් අර රසකාරක හරි දාලා එවපන්කො පිරියක් ඇතුව කන්න. එහෙමත් නෑනෙ.

ඒත් හැබැයි අපිට හිතා ගන්න බැරි එක සිද්ධියක් වුණා. ඒ තමයි අන්තිමට ආපු මික්ස් රයිස් එක. යකෝ ඒක මෙච්චර වෙලා කොහෙද හැංගිලා තිබ්බෙ කියන එකනෙ ප්‍රශ්නෙ. බාග වෙලාවට අපි කියපුවවත් ඇහිලද මන්දා. ඇයි දෙයියනේ… ඒකෙ සොසේජස්, මාළු, චිකන්, පෝක් ඔක්කොම පොඩියට කපල, ගැඹුරු තෙලේ බැදල නොසෑහෙන්න මික්ස් කරලෙනෙ. ඒ විතරක් නෙවෙයි, ඉස්සො දැල්ලො එහෙමත් මදි නොකියන්න. අනික බතත් හරිම රසයි. කැරට්, ලීක්ස් වගේම කැරලි වෙන්න දාපු බිත්තර වලිනුත් අඩුවක් නෑ.

ඒ නිසාම, ඒ නිසාම…

ඒක වාෂ්ප වෙන එක අහන්නත් දෙයක්ද නේ… මග නතර වෙලා තිබ්බ බෝතලේ අන්තිම අඩියටම බැස්සා බලාගෙන ඉඳිද්දි. කට්ටිය සුරේ සූර්!. මම එහෙම කණ කොහෙද දාගන්නෙ කියල හිතා ගන්න බැරුව හිටියෙ. උක්ත ආඛ්‍යාත මාරු වෙලා මරු කියවනවා හිටු කියල. ඔක්කොමත් හරි ඔය අතරෙනෙ අපේ ලමිදුව, ඉන්නම බැරුව… උඩ තට්ටුවට ගියේ.

හපොයි එතනින් එහාට නම් ඉතින් කතාව, සෙමි අවසානයි හොඳේ!


TIP

Try Mix Fried Rice


Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments