Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

2/5

Sanhinda Restaurant

247/6, Stanley Thilakarathne mawatha, Nugegoda


A place which waste your time due to very infernal service, but food is absolutely tasty.



“ඒ 5 යි බං වෙලාව. යමං යමං”

“එතකොට සරිතයා?”

“සරිතයා කෙළින්ම එතනට එයි”

උදේ ඉඳන්ම ප්ලෑන් කරගෙන ඉඳපු හැන්දෑවෙ සෙට්ල්මන්ට් එකට යන්න පොඩ්ඩක් පරක්කු වෙලා. දන්නැද්ද ඉතින් අපේ කට්ටිය වැඩවලට ඉඳගත්තාම ලේසියක නැගිටින්නෙ නෑනෙ. කොහොම හරි අන්තිමට 5.15 වෙද්දි පිටත්වෙන්න සෙට්  වුණා. මොකද ඒ වෙද්දිත් එළියෙන් එන්න ඉඳපු සරිතයා එන ගමන් හිටියෙ.

දඩිබිඩියට පික්මි දෙකක් දාගත්තු අපි එතනින්න ම වාහනවලට නැගලා කෙළින්ම ගියේ ජුබිලි කණුව පාරෙ සංහිද එකට. යනකොට ඔන්න රෙස්ටුරන්ට් එක ඇරියා විතරයි. උඩ තට්ටුවත් ඒ වෙද්දි අතුගානව.

“මොකෝ කරන්නෙ?”

“අවුලක් නෑ ඉතින්. තැනක් අල්ලගෙන කයියක් දාන ගමන් ඕඩරේ දාද්දි වෙලාව හරියයි”

“ඔව් නේ… එහෙනම් යමං අන්න අතන පූල් එක ළඟ ප්ලේස් එකට”

හෙමින් සැරේ කොරිඩෝවට නැගපු අපි මේස දෙකක් එහෙමත් ළංකරගෙන වැඩේට සෙට්  වුණා. ඊට පස්සෙ ඉතින් දන්නැද්ද, කයියෙන් කයිය, කයියෙන් කයිය...

ඈ බොලේ වෙලාව යනව විතරයිනෙ. විනාඩි 15, 20ක් ගියා එකෙක්වත් එන්නෙ නෑ. බැරිම තැන මම ගිහින් වේටර් කෙනෙක්ට කතා කළා. අන්න එතකොට කියනව, එන්නම්ලු.

ඊට පස්සෙ ඉතින් මාත්, හා එන්නකො කියල ඇවිල්ල වාඩි  වුණා.

කිව්වට විශ්වාස කරන්න යාළු ඊටත් විනාඩි 10කට විතර පස්සෙ කියන්නකො ඒකා ආවෙ. කට්ටියට නේද… අසූහාරදාහට නැගල. අපේ තැනක් වගේ  වුණා නම් වේටරයා කනව රජ කෑමක්. ඇයි අප්පේ නිකරුණේ පැය බාගයක් වාඩි කරවල තිබ්බනෙ.

ඊටත්, ඒ ඇවිල්ල මෙනුව දීලා ගිහින් තවත් විනාඩි 15, 20ට විතර පස්සෙ ඇවිත් තමයි අහන්නෙ මොනවද ඕන කියල.

“බොගෙ…” කියන්න බැරි කමට හිටිය මිසක්, නැත්නම් ඒකා…

වෙලාවට චින්තකයයි, සරිතයයි කට්ටිය ඉස්සර  වුණේ. ඉස්සර වෙලා පටස් ගාලා ඕඩරේ දැම්ම. ඕල්ඩ් එකයි, සිස්ලින්ග් පෝර්ක් එකයි (රු. 750), ස්පෙෂල් රයිස් එකයි (රු. 800), චිලි චිකන් (රු. 750) එකයි.

කොහොම කොහොමින් හරි කට්ටියට මළ පැනල කියල තේරිච්ච නිසාද කොහෙද, ඔන්න ඊට පස්සෙ එනව බඩු ටික දඩ බඩ ගාලා මේසෙට. බෝතල් ටිකයි, හැඳි ගෑරුප්පු පිඟන් කෝප්ප ටිකයි ඉස්සෙල්ලම, එතනින් විනාඩි 5ක් ගියේ නෑ බයිට් ටිකත් මේසෙ උඩ!

“හප්පේ… යාන්තම් ඇති. බලපංකො මුන් ගත්ත වෙලාව. තව බලබල හිටියොත් අද බොන්න වෙන්නෙ නෑ බං. දාමු සනිකව චියර්ස් පාරක්” මං ඉස්සරවෙලා අරක්කු ෂොටක් එහෙම දාගෙන වැඩේ ඉක්මන් කළා. කට්ටියත් ඒ ගැම්මටම… චිරාස්!

පළවෙනි ෂොටටම බත් කන්න බැරි නිසා මම ගත්ත පෝර්ක් කෑල්ලක් ගෑරුප්පුවට. අරගෙන දාගත්ත කටට. බලන්න මේවය රසවත් අඩුම තරමෙ තියෙනවද කියල…

බොලේ… තියෙනව කියන්නකො ලෙසටම ආයෙ. සිස්ලින්ග් පෝර්ක් එක මල් හතයි. ගාණෙ හැටියට සයිස් එකත් හොඳයි. අනිත තෙල් කෑලිත් පොඩ්ඩයි තිබ්බෙ. හොඳ පදමට ලුණු ඇඹුල්, ගම්මිරිස් ටිකත් එක්ක මාළු මිරිස්, අල, බෝංචි, කැරට් වගේ එළවළු තොගේකුත් වැටිලා නිසා පෝර්ක් කෑලිවල රසත් ටොප් එකට. ඊටත් ඒවයෙන් එන ළා කර ගතිය. ෂැහ්! කියල වැඩක් නෑ ආ… බයිට් එකටම කියාපු.

ඒ එක්කම කාපු චිලි චිකන් එකෙත් රස ලෙසට ම. කොටින් ම ඒකට චිලි දාලා තියෙනව මදි නොකියන්න. වැඩේ කියන්නෙ, ඒ චිලිවල සැර චිකන්වලට හරි හැටි අල්ලල තිබ්බෙ නැති එක තමයි. ඒ අතරට ඒකෙ තව පොඩි අවුලක් තිබ්බ, සෝස් රස වැඩි එක. හැබැයි ඉතින් ක්‍රිස්පි ගතියට තිබ්බ ඒ චිකන් එකෙත් රස නම් අරක්කු සොටට කියාපු.

හ්ම්ම්… රයිස් එක තමයි, හොඳයි. හැබැයි ටිකක් මදි වගේ. බුල්සායි එකක්, සොසේජස්, චිකන්, ඉස්සො, දැල්ලො, මාළු එහෙම හොඳ හැටියට මික්ස් කරල තිබ්බ. ඒකත් රස පදමට ගැඹුරු තෙලේ බැදල එහෙම. ඒත්, වැඩේ කියන්නෙ බත් එකේ රස ටිකක් මදි වගේ එක තමයි. මං හිතන්නෙ ගාණට ෆ්‍රයි වෙලා නැති නිසා වෙන්න ඕන. ඒත් ඉතින් අර පෝර්ක් එකේ හොදි ටිකක් වගේ දාගත්තාම නම් සුපිරි. අනික රයිස් එකේ සයිස් එක නෝමල්  වුණාට ඒකට දාපු අඩුම කුඩුම නම් තිබ්බ මදි නොකියන්න ම හොඳේ!. කන කන කටක් ගාණෙ මොකෙක් හරි සතෙක් හැපෙනවනෙ.

අවුල වුණේ බෝතලෙන් බාගෙ පනිද්ද බයිට් ටික ඉවර වෙච්ච එක තමයි. පස්සෙ ඉතින් බලබල ඉන්න දෙයක් නෑනෙ කියල ආයෙත් දැම්ම පොඩි ඕඩර් දෙකක්. බීෆ් ඩෙවිල් එකකුයි (රු. 600), හැඳැල්ලො එකකුයි (රු. 350).

සැහ්! දාලා විනාඩි 10ක් ගියේ නෑ දෙකම මේසෙ උඩ කියන්නකො. ඒ පාර වේටර්ට මක් වෙලාද මන්දා…

හැබැයි පොඩි අවුලක්. එන්න එන්න බයිට් එකේ සයිස් එක පොඩි වෙනව. වේටර් ගොයිය හිතුවද දන්නෑ, අපි බීලා නිසා මීටර් වෙන එකක් නෑ කියල. අනේ මන්දා ඉතින්, මේ වගේ රෙස්ටුරන්ට්වලට යන අපිට ගහන්නෝන. වෙලාවට ඒක පළවෙනි පාර  වුණේ. ඊටත්, වෙලාවට පළවෙනි පාරයි අන්තිම පාරයි දෙකම එක පාර වුණේ…

බීෆ් ඩෙවිල් එකත් හොඳයි. අවංකයෙන්ම රස සුපිරි. විශේෂයෙන්ම ඒක ලුණු ඇඹුල් විතරක් නෙවෙයි මිරිස්, සෝස්වලත් දාලා හොඳට පදම් වෙලා තිබ්බ. සැර ගතියත් ගාණට. අනික මාළු මිරිස්, ලූණු, කැරට් එහෙමත් දාලා තිබ්බනෙ.

හැබැයි ඉතින් හැඳැල්ලො එක නම් මෙලෝ රහක් නෑ. කොටින්ම ඒකෙ හැඳැල්ලො 15ක්වත් නැද්ද කොහෙද. අනික දැවටුමත් නිකම් පිටි රහ විතරයි. මාළුත් ලුණු ඇඹුල්, කහ දාලා පදම් කරල නැද්ද කොහෙද.

කොහොම  වුණත් කමක් නෑ, ඔන්න මතක තියාගන්න!

නුගේගොඩ කිට්ටුව බොන්න වෙන තැනක් සෙට්  වුණේ ම නැත්නම්… ඒ වැඩේ පස්සට දාගන්න. මොකද හදිස්සියට මෙතනට ගියා වගේ නෙවෙයි, අන්තිමට හිතෙයි අපරාදෙ සල්ලි කියල...


TIP

Try Sizzling pork or their special rice.

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment