Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

2/5

Sanrich Restaurant

507, Galle Road, Moratuwa


Have nothing to describe. Once you ate, you'll...?



කොහෙද ඉතින්,

‘කෑම ඕඩරයක්’.. කියන්න හම්බුවෙන්නෙ නෑ...

“මෙහ්, පෝක්  තියෙනවද බලාං ඈ. පෝක්”

හයියෝ පුදුම වදයක් තියෙන්නෙ යාළු. බැරිම තැන ‘උබර් ඊට්ස්’ ඇප් එකම පීරුව. පීරල පීරල යාන්තම්, ඔන්න රත්මලාන සයිඩ් එකෙන් එකක් හොයාගත්ත.

“ආ.. දැන් කියාන්කො මොනවද ඕඩර් කරන්නෙ කියල.”

“පෝක් .. ස්ටු (රු. 450)! හැබැයි දෙකක්ම ඈ. කට්ටියම ඉන්නවනෙ. ඊට පස්සෙ කොත්තු මොනවහරියි රයිස් මොනවහරියිත් දාන්න”

“හෑ.. එච්චර? ඉඳාන්කො ඉඳාන්කො” කියල මම බැලුව මෙනුව. බලල දැම්ම ඔන්න චීස් චිකන් කොත්තුවකුයි (රු. 470), බාබකියු චිකන් බිරියානි (රු. 500) එකකුයි, පෝක්  ස්ටුයි. දාලා ඉතින්... බලාඉඳිල්ලක් තමයි. ඇයි නිවාඩු දවසෙ ඕඩර් තොගයයි, රයිඩර්ස්ලත් අඩුයි... වැඩ කෝටියයිනෙ.

කොහොමහරි පැයකට කිට්ටුව ගියා වැඩේ වෙන්න. වෙලාවට අපි 7.30ට විතර ඕඩරේ දැම්මෙ. නැත්නම් රෑට නෙවෙයි කන්න වෙන්නෙ! ඒත් ඉතින් කෑම ටික ගෙනාවට පස්සෙ නම් කට්ටියම ෂේප් න්‍යායෙන්. හෙමින් සැරේ පිඟන්වලට දාලා.. එක මේසයකට සෙට්වෙලා, හැඳි ගෑරුප්පු පිඟන් අරගෙන… ෂැහ්, බලන්න එපැයි ගැම්ම.

මම නම් මුලින්ම අත තිබ්බෙ බිරියානි එකට. මොකද ඒකෙන බාබකියු චිකන් එක තිබ්බෙ. එක පෙළට බත් කට වල් තුන හතරක් කාලා.. කැඩුව හෙමින් සැරේ තඩි චිකන් පලුව කෑලි දෙක තුනකට. කඩල ඔන්න රස බලන්න ඈ...

ම්ම්... කටක් කෑවා, හොඳට හැපුවා!

චැහ්, තුක්… යකෝ අමුතු සෙ වල ගතියයිනෙ. ඊටත් කුකුළගෙ නෑ කිසිම කුකුළ් රසක්. ඒකත් කමක් නෑ අඩුම තරමෙ බාබකියු රසක්වත් තිබියන්. එහෙමත් නෑනෙ යාළු. ඊටත් කුකුළ බාබකියු තියා ග්‍රිල් එකක් ළඟටවත් ගිහිල්ල නැද්ද කොහෙද. මං කියන්නෙ පොඩ්ඩක් ගෑස්ලිපෙන් හරි පුච්චන්න...

අනේ මංද. කොහොමහරි එහෙම්ම කුකුළ කන එක නවත්තල මම තව බත් කට වල් දෙක තුනක් කෑවා. මොකද ඒකෙ රස හොඳයිනෙ. කීරි සම්බ හාලෙන් හදල ලූනු බැදල එකතුකරල, අර මසාලා රස එන අඩුම කුඩුම ටිකත් පදමට දාලා... ඒ විතරක් නෙවෙයි අන්නාසි පෙත්තක්, බැදපු බිත්තරයක් එහෙමත් තියලනෙ.

බිරියානි කටෙන් දෙකෙන් පස්සෙ මගේ පැත්තට ආවෙ චීස් කොත්තුව.

අනේ... ඒක ආවට වඩා හොඳයි මගදි හැලුන නම්. ඇයි අප්ප. චීස් රසකුත් නෑ, පොඩි පොඩි චිකන් කෑලිත් තුන හතරයි. කැරට්, ලීක්ස් එහෙමත් ආවට ගියාට... මං දන්නෑ අප්ප, කෑම හදන්න බැරි නම් එක්කො කඩ නොදා ඉන්න ඕන.

අනේ අන්තිමට හිත හදාගන්න කියල පෝක්  එක ගත්තෙ.

හප්පේ.. හිතට පුංචි සහනයක්. යාන්තම් පෝක්  ස්ටු එක තියෙනව ඔන්න රස පදමට. අල, කැරට්, මාලු මිරිස් තඩි තඩියට තොගයක් දාලා, හොඳහැටි කිරි, ගම්මිරිස්, මිරිසුත් දාලා, ලොකු පෝක්  කෑලිත් පහ හයක්ම. අවංකයෙන්ම ඒක නම් සුප්ප ස්ටු එක. විශේෂයෙන්ම කියන්න ඕන ඒ පෝක් කෑලි වලට මිරිස්, තුනපහ පදමත් හොඳ හැටි අල්ලලනෙ.

හැබැයි ඉතින් එච්චරමයි. කොටින්ම කියතොත් කඩේට ම එච්චරද දන්නෑ. මොකද කොත්තුවකුයි රයිස් එකකුයි අවුල් කියන්නෙ ආයෙ කතාකරල වැඩක් නෑනෙ,

නේ..!


TIP

Try Pork

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment