Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Santoré Bistro Italiano

45 Marcus Fernando Mavatha, Colombo 7


With high quality ingredients, Santoré serves authentic Italian cuisine at a great location.



සැන්ටෝරේ කියන්නේ ලයිෆ්ස්ටයිල් එක පිටිපස්සේ තියෙන ටෙනිස් කොර්ට්ස් ළඟ තියෙන කදිම ඉතාල අවන්හලක්. ඒකට ලස්සන හරිතමය පිහිටීමක් තියෙනවා වගේම විශිෂ්ට පිට්සා, කදිම රස ද්‍රව්‍ය වගේම බුද්ධිමත් කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒක දැනටනම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒකත් ලාලිත්‍යයේම කොටසක්. අපි තදින්ම රෙකමදාරු කරනවා ඒක.

ශ්‍රී ලංකාව ඉතාලියත් එක්ක දිග සම්බන්ධයක් තියෙනවා. ඉතාලි අවන්හල් සෑහෙන ගණනක් මෙහෙ තියෙනවා. බේලීෆ්, එකෝ, ලා ට්‍රැටෝරියා (බත්තරමුල්ල), මයිකල්ආන්ජිලෝ, පාස්තා හට්.

ඉතාලි කෑමත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි ඒවාගේ හොඳ රඳා පවතින්නේ විශිෂ්ට රස ද්‍රව්‍ය මත වීම. ඒවා එක්කෝ ඉතාම මිල අධිකයි නැත්තං අවශ්‍ය රසද්‍රව්‍ය මෙහෙ නෑ. ඒත් ඒවා අත්‍යවශ්‍යයි. මොන තාක්ෂණයක් යෙදුවත් හොඳ චීස්, මස් වගේ දේවල් නැත්තං ඒවා හරියට හදන්න බෑ.

සැන්ටෝරේ ඉතාලි අවන්හල් අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. මොකද එයාලා චීස්, සලාමි, පිටි වගේ දේවල් ආනයනය කරනවා වගේ පේන නිසා. සම්පුර්ණ පිට්සා අවන් එක පවා ආනයනය කරලා. ඒක ක්‍රියාත්මක කරන්නේ ඉතාලි ජාතිකයෙක්. ඒක බලාගන්නෙ අවන්හලේ අයිතිකරුගේ ඉතාලි ජාතික මව විසින්. ඒ නිසා මෙහෙ කෑම සාර්ථක වෙනවා.

කෑම

අපි පිට්සා සැන්ටෝරේ (මොසැරල්ලා, සලාමි ඔලිව්; රු. 1,650) සහ පිට්සා ඩයවොලා (ටමැටෝ සෝස්, මොසැරල්ලා, සලාමි; රු. 1,450) කාලා බැලුවා. දෙකම නියමයි. ඒවාගේ පොත්ත තුනීයි. හරි ඉක්මනට මේසෙට එවනවා. අවන් එකේ තියන්නේ මිනිත්තුවක් විතර. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එයාලට හරි හොඳ අවන් එකක් තියෙන නිසා.

අපි විශේෂඥයෝ නෙවෙයි. ඒ උණත් මේ පිට්සා අවන් එක අපි මීට ඉස්සර වේලා දැකපු පිට්සා අවන් වගේ දෙගුණයක් හොඳයි. ඕනෙනම් ඒකට මිනිස් සිරුරු තුනක් දාන්න පුළුවන්. ඒක රත් වෙන්නේ දර වලින්. ඒකෙන් පිට්සා හරි ලස්සනට ඉදෙනවා. පිට්සා අවන් එකක් හදන්න අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණ යාළුවෙක් අපිට ඉන්නවා. ඒත් ඒක හරි අමාරු වැඩක්. ඇත්තටම බැරි වැඩක්. මෙහෙ තියෙන මැටි සහ අනිත් දේවල් එක්ක ඒ වැඩේ අමාරුයි.

සැන්ටෝරේ එකේ අය සම්පුර්ණ අවන් එකම කොටස් විදිහට ආනයනය කරලා. දේශීය දෙයක් විදිහට සිමෙන්ති විතරයි පාවිච්චි කරලා තියෙන්නේ අවන් එක වහන්න සහ සම්පුර්ණ කරන්න. ඒක ගොඩක් ලොකුයි වගේම පිට්සා කදිමට හදනවා. පිට්සා අවන් ගැන බලද්දී අපි ලංකාවේදී දැකපු හොඳම අවන් එක මේකයි. ඒක ක්‍රියා කරවන්නේ ඩොමෙනිකෝ කැපොඩිෆෙරෝ කියලා ඉතාලි ජාතිකයෙක්.

මේ පිට්සා පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. කාලා බලන්නම වටිනවා. ඔබට රස බලන්න පුළුවන් හැම දෙයක්ම හොඳ තත්වයේ දේවල්. චීස්, සලාමි, පාන්, හදපු විදිහ. මේ ඔක්කොම අපූරුයි.

අපි ඇණවුම් කළ පාස්තානම් එච්චර හොඳ නෑ. ස්පැගටි කාර්බොනාරා (රු. 900) හරියට පදම් වෙලා නැහැ. එච්චර රැසකුත් නැහැ. ඒකෙ නියම බේකන් තිබුණා. අපි හිතන්නේ එයාලා පාඩම හරි ගස්සා ගනියි කියලා. අපි කාපු එක එච්චර රස නැහැ.

අපි බ්‍රෂෙට්ටා පාන් කාලා බැලුවා හබනේරෝ චිලී සෝස් එක්ක. ( ඒක මෙනූ එකේ නැහැ. මිරිස් කාලා බලන්න ඕනේ නිසයි ගත්තේ.) පාන් පුච්චන්නෙත් එතනමයි. මරු.

අතුරුපසට අපි චීස් කේක් (රු. 650) කෑවා. ෂෝක්.

මූලික වශයෙන් පාස්තා හැර අනිත් ඔක්කොම මල් හතයි. පාස්තාත් ඉස්සරහට හොඳට හදයි.

සේවාව

අවන්හල පටන්ගෙන සති දෙකකටත් අඩු කාලයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. අයිතිකාරයා එන හැමෝටම කතා කරනවා. එයාගේ අම්මත් ඉන්නවා. එයා හැම දෙකටම ඇහැ ගහගෙන තමයි ඉන්නේ. ඒක හොඳ ලකුණක්. ඇන්ටෝනියෝ හරි හොඳ මිනිහෙක් වගේම තමන්ගේ අවන්හල ගැන ආඩම්බරයෙන් තමයි ඉන්නේ.

කාර්යමණ්ඩලය බුද්ධිමත්. එයාලට මෙනූ එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම හැම දෙයක් ගැනම හොඳ විශ්වාසී ගතියක් තියෙනවා. එයාලා කල්පනාකාරී වගේම හොඳට පුහුණුකළ අය. මේ මුල් දවස්. අපි බලමු කොහොමද ඒ ගොල්ලෝ වැඩ වල පීඩනයත් එක්ක වැඩ කරන්නේ කියලා ඉස්සරහට. සමස්තයක් විදිහට හැමදෙයක්ම හොඳින් සිද්ධවෙනවා.

පිහිටි තැන

සැන්ටෝරේ පිහිටලා තියෙන්නේ කොළඹ මැද. ඒත් හැංගිලා. ඒක තියෙන්නේ ජාතික කෞතුකාගාරය සහ ග්‍රීන්පාත් වටරවුම අතර. හරියටම ලයිෆ්ස්ටයිල් ජිම් එක පිටිපස්සේ. ජිම් එක පාස් කරලා ඇවිදගෙන එනකොට පාර අයිනේ අඩි පාර ඉවර වෙන තැන තමයි ඒක තියෙන්නේ. හරියටම ටෙනිස් කෝර්ට් එකට මුහුණලා තමයි ඒක තියෙන්නේ. එයාලාගේ අනර්ඝ අභ්‍යන්තර ගෘහ සැරසිලි තියෙනවා. පිට්සා හදන හැටිත් පේනවා. තියෙන ප්‍රශ්නේ තමයි එළිමහනේ ඉඳගන්න එක. සර්පිලාකාර පියගැටපෙළට එහා පැත්තේ සහ තණකොළ බිස්සේ. දවල් කාලයේදී ඔබට ටෙනිස් ගහනවා ඇහෙනවා සහ පේනවා. ඒ පැත්ත කොළ පාට ගස් වලින් වැහිලා තියෙන්නේ. ඒක අළුත් තැනක් වගේම හොඳ තැනක්.

අපි රැවටුණේ සැන්ටෝරේ කියන පුංචි කඩේට යන්න ගිහින්. ඇත්තටම ඇතුළට ගියාම ඒක සම්පුර්ණ අවන්හලක්. ඒත් තවමත් ඒකට සලකුණු පුවරුවක්වත් නෑ.

නිගමනය

මේ ඉතාලි අවන්හල හොඳම රස ද්‍රව්‍ය ආනයනය කරනවා. (පිට්සා අවන් එකද ඇතුළුව) කෑම හදන්නේ ඉතාලි අයමයි. ඒ ඔක්කොටම වඩා ලස්සන හරිත පැහැ තැනකයි මේක පිහිටලා තියෙන්නේ. බුද්ධිමත් කාර්යමණ්ඩලයක් මෙහෙ ඉන්නවා. කොළඹ හතේ අනර්ඝ අවන්හලක් හැංගිලා තියෙනවා.

TIP

Ask for truffle oil.
All Reviews

Santoré Bistro Italiano is one of Colombo's better options for Italian fare, serving up stellar pizza and a range of pasta.

In the latter half of 2013, Santoré was the newest Italian restaurant to join the fray. They've got high quality ingredients, authentic cuisine and a great location at the Tennis Association. We liked them then, and that hasn't changed after our second visit.

This Italian restaurant imports the best ingredients (including an amazing pizza oven) and is manned by actual Italians. Top it off with a beautiful, verdant location and intelligent staff and you have a real treat hidden in Colombo 7.

සිංහල සැන්ටෝරේ කියන්නේ ලයිෆ්ස්ටයිල් එක පිටිපස්සේ තියෙන ටෙනිස් කොර්ට්ස් ළඟ තියෙන කදිම ඉතාල අවන්හලක්. ඒකට ලස්සන හරිතමය පිහිටීමක් තියෙනවා වගේම විශිෂ්ට පිට්සා, කදිම රස ද්‍රව්‍ය වගේම බුද්ධිමත් කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒක දැනටනම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒකත් ලාලිත්‍යයේම කොටසක්. අපි තදින්ම රෙකමදාරු කරනවා ඒක.

Address

45 Marcus Fernando Mavatha, Colombo 7

Directions

Santore is located right inside the Sri Lanka Tennis Association, behind the Lifestyles Gym. On the main road it's between the Green Path roundabout and the National Museum. There's some big trees and a parking lot. Walk basically in to Lifestyles and continue down the path till it ends at the tennis courts. Santore is on your right.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Western Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
R
1

5/5

0

RichardKroon

Delicious food and a lovely place to eat it, I'll be back for sure

G
1

1/5

0

Giules

A family dining experience summarized:
-LKR 1700 for a king prawn pasta dish that was smaller than the palm of my hand. The other pasta dishes were in the LKR 1200 range and up.
-Food quality was quite poor in relation to prices commanded. (E.g. veg pasta dishes swimming in cream, etc.)
-Compare this to high-end Italian restaurants that charge slightly less for superior quality & quantity. -Waiters appeared to be untrained.(I can elaborate)
-No word from the owner despite him being present.
-Poorly lit outdoor area, and poorly lit entrance, risking stumbling on pathway.

R
1

5/5

0

RichardKroon

Delicious food and a lovely place to eat it, I'll be back for sure

G
1

1/5

0

Giules

A family dining experience summarized:
-LKR 1700 for a king prawn pasta dish that was smaller than the palm of my hand. The other pasta dishes were in the LKR 1200 range and up.
-Food quality was quite poor in relation to prices commanded. (E.g. veg pasta dishes swimming in cream, etc.)
-Compare this to high-end Italian restaurants that charge slightly less for superior quality & quantity. -Waiters appeared to be untrained.(I can elaborate)
-No word from the owner despite him being present.
-Poorly lit outdoor area, and poorly lit entrance, risking stumbling on pathway.

U
1

5/5

0

udaras

Awesome stuff…

P
1

3/5

0

praviinaar

It was a great experience. The service was very pleasing but could be improved on. The chicken sausage pizza was quite tasty, however the crust was quite burnt and unable to eat. I would definitely go again.

See 39 Comments