Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Saraii Village (Weerawila)

Randunu Kele Watte, Weerawila, Hambantota District


Saraii Village is a charming set of tree-houses and mud chalets near Hambantota. They also make an excellent rice and curry. Probably the best place to stay in the area.



සරායී විලේජ් (වීරවිල) - Saraii Village (Weerawila)

 

සරායී විලේජ් කියන්නේ හම්බන්තොට ළඟ තියෙන රමණීය ගස් පැලවල් හා මැටිගෙවල් රාශියක්. එයාලා කදිම බත් සහ මාළුත් හදනවා. මේ පළාතේ නතරවෙන්න තියෙන හොඳම තැන වෙන්න පුළුවන්.

සරායී විලේජ් සරල, සාම්ප්‍රදායික නවාතැන් පහසුකම් සහ කදිම රයිස් ඇන්ඩ් කරි තියෙන පුංචි හෝටලයක්. මෙහෙ කෑමට අවශ්‍ය ද්‍රව්‍ය හොයාගන්නේ ගමේම කඩවලින්. ලක්ෂ ගණනක් තරු යට ගමේ කෑම කාලා අසළ පිහිටි යාල වනය දිහා බලාගෙන ගස් පැලක නිදාගන්න තියෙනවනම් ඒක වාසනාවක්.  ගොඩක් ශ්‍රී ලාංකික හෝටල් බටහිර ප්‍රමිතීන් වල ගෘහ නිර්මාණය කරන්න ගිහින් අන්තිමට අවට තියෙන ස්වභාවික ලස්සනට නොගැලපෙන කැත ගොඩනැගිලි හදාගන්නවා. සරායී වැඩකරන්නේ අවට පරිසරයේ විදිහට. යාන්තම් සුවපහසු වෙන්න අවශ්‍ය දේවල් විතරයි මෙහෙ තියෙන්නේ. ඒක කදිම අත්දැකීමක්.

හෝටලයේ සිට ඔබට තරු කොතරම් හොඳට පෙනෙනවාද යනු ක්ශීරපථය පවා පෙනේ.

පිහිටීම

සරායී තියෙන්නේ වීරවිල. හම්බන්තොට නගරයටයි මත්තල ගුවන් තොටුපොළටයි ළඟයි. ළඟ තියෙන විශේෂ තැන් තමයි යාල ජාතික වනෝද්‍යානය, බුන්දල ජාතික වනෝද්‍යානය සහ තනිවූ නගරය, හම්බන්තොට. අළුත් ගුවන්තොටුපොළ නිසා සරායී හෝටලයට කොළඹ ඉඳලා මිනිත්තු 40කින් එන්න පුළුවන්. හැබැයි ගුවන් තොටුපොළ රාජකාරී ඉවර වෙන්නත් තවත් පැය 3ක් වත් යාවි. මේ හෝටලය මත්තල වගේම කටුනායක ගුවන් තොටුපොළෙන් වුණත් සංචාරකයෝ කැඳවාගෙන එන්න සුදානම්.

හම්බන්තොට කලාපයේ ඔබ මවිත කරන වන ජීවී ස්ථාන තියෙන නිසාම ඒක විනෝද ගමන් යන්න සාමාන්‍යයෙන් හොඳ තැනක්. හෝටලයට ටිකක් උතුරෙන් විලක් හරහා යන්න පුළුවන් ලෙස කපපු පාරක් තියෙනවා.

සංචාරක යටිතල පහසුකම් ලෙස නම් මෙහෙ මොකුත්ම නැහැ. සංචාරක කලාපයක් වත්, අවන්හල්වත්, සාප්පු සවාරි යන්න තැනක්වත් නැහැ. ඔබේ කාලයෙන් වැඩි හරියක් හෝටලයේ හෝ කැලයේ ගෙවන්න වේවි.

හෝටලය

සරායී හෝටලයේ දැනට තියෙන්නේ කාමර හතරයි. මැටි ගෙවල් දෙකයි ගස් පැල් දෙකයි. එයාලා හෝටලය විශාල කරනවා. ඒත් දැනට තියෙන්නේ එච්චරයි. තියෙන කාමර හොඳයි. කාර්යමණ්ඩලයෙන් අවශ්‍ය අවධානය ලැබෙනවා. ලොකුම ගස් පැල ඇමරිකන් ඩොලර් 112යි. (රුපියල් 15,000ක් විතර) ඒකෙ අට දෙනෙකුට විතර ඉන්න පුළුවන්. අනෙක ඩොලර් 85යි. (රුපියල් 11,500ක් විතර) ඒකෙ හතර දෙනෙකුට විතර ඉන්න පුළුවන්. මැටි ගෙයක් ඩොලර් 79යි. (රුපියල් 10,500ක් විතර) මැටි ගෙවල් වඩාත් සැප පහසුයි දෙන්නෙකුටනම්. කණ්ඩායමක් විදිහට එනවනම් මෙතන මිල ගණන් දරාගන්න පහසුයි.

ගස් පැලේ නවාතැන් පහසුකම් හැදිලා තියෙන්නේ මදුරු දැල් වලින් ආවරණය වුණ මෙට්ට දාපු වේදිකාවලින්. ඉනිමගෙන් නගින එක ලේසි නැහැ. ඒත් නැග්ගට පස්සෙනම් හොඳටම ආරක්ෂාකාරියි. මීට අමතරව නවීන පහසුකම් ඔක්කොම තියෙනවා. ලයිට්, ප්ලග් පොයින්ට්, සහ විදුලි පංකාවක්. මෙට්ට සාමාන්‍ය ඒවා. ඇඳ ඇතිරිලිනම් හාස්‍යජනක ලෙස පුංචියි. ඒත් මේ ලබන අත්දැකීම නම් විශිෂ්ටයි. මදුරු දැල ළඟින් තියා ගත්තොත් හොඳ රාත්‍රියක් රස විඳින්නත් උදේට මොනරුන්ගේ සහ කුරුල්ලන්ගේ හඬින් අවදි වෙන්නත් පුළුවන්.

මැටි ගේ ඇතුළත

මැටි ගේ ගස් පල තරම්ම රසවත් නැහැ. ඒත් ඔබේ අව්කණ්ණාඩිය නැතිවෙන හැම වෙලාවකම ගහට නගිනවට වඩානම් මැටි ගේ හොඳයි. මේක සරල, ගොඩක් සාම්ප්‍රදායික කාමරයක්. වයසක අයට වඩාත් හොඳයි.

නානකාමරය

මුළු හෝටලයටම තියෙන්නේ එක නානකාමරයයි. ඒක ටිකක් වෙනස් එකක්. ඒත් හොඳ එකක්. ඒක දොරක් නැති, වැටකින් වැහුණ කොටුවක්. ඒත් ඇතුල්වීමේ දොරටුවේ සවි කරන්න පුළුවන් “do not disturb” සළකුණකුත් තියනවා. මේක රවුම් කාමරයක්. නාන තැන බ්ලයින්ඩ්ස් වලින් වටකරලා තියෙන්නේ. ඒක හොඳ වැසිකිළියක්. ජල පීඩනය හොඳයි. ඒත් සමහර වෙලාවට වැසිකිළියේ මැඩියෝ ඉන්නවා. කොහොම වුණත් ඒක හොඳ නානකාමරයක්.

කෑම

වැව් ඉස්සෝ සහ බත්

මෙතන ගමෙන්ම හොයාගත්තු දේවලින් උයන ශ්‍රී ලාංකික කෑම තියෙනවා. අපි ළඟ කලපුවෙන් අල්ලගත්ත වැව් ඉස්සෝ රාත්‍රී ආහාරයට ගත්තා. (ඩොලර් 15යි. රුපියල් 2,000යි.) අපි මෙතෙක් දැකපු ලොකුම ඉස්සෝ තමයි ඒවා. ඒවා පොකිරිස්සෝ තරම් ලොකුයි. එයාලගේ උදෑසන ඉඳි ආප්ප වලට කදිම පරිප්පු, පොල් සම්බෝල සහ කුකුල් මස් කරි තියෙනවා. (ඩොලර් 7යි. රුපියල් 930යි.) සාමාන්‍ය දවල් ආහාරයක් එක්ක ලොකු එකතුවක නැවුම් එළවළු එක්ක ගමේ මස් වර්ග තියෙනවා. එළවළු කෑම විතරක් කනවනම් ඩොලර් 10ක් විතරයි.

කෑම අති විශිෂ්ටයි. ඒත් මිල අධිකයි. මේක නුග ගම එකේ කෑම වගේම මිල අධිකයි. කෑම නම් හරිම හොඳයි. ඒ නිසා ගෙවපු ගානට හොඳින්ම වටිනවා.

ක්‍රියාකාරකම්

සරායී විලේජ් මධු සමය ගත කරන්නන්ට හොඳ ගමනාන්තයක් නෙවෙයි. පෞද්ගලිකත්වය රැකගෙන මෙතන ඉන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි ඒක සාමාන්‍ය ජෝඩු වලටයි කණ්ඩායම් වලටයි කදිමයි. අපි එයාලට කිව්වා අපිට යාලට සෆාරියක් යන්න ඕනේ කියලා. හරියටම හවස 2ට ජීප් එකක් ආවා. රුපියල් 6,000ක් ගෙවපු ඒ ජීප් එක හය දෙනෙකුට විතර යන්න පුළුවන්. ඒකෙන් පැය හතරක් පුරා යාල ඉන්න කිඹුල්ලු, වල් ඌරෝ සහ මුවෝ බලන්න පුළුවන්. බුන්දල ජාතික වනෝද්‍යානයෙත් විශේෂ කුරුලු වර්ග ඉන්නවා. කතරගම පුජා භූමියටත් පැයකින් විතර යන්න පුළුවන්.

අපේ ප්‍රියතම දේ වුණේ හෝටලයේ ඉඳන් තරු දිහා බලාගෙන ඉන්න එක. ආලෝක දුෂණය ගොඩාක් අඩු නිසා හොඳට වලාවක් වගේ තිබුණ ක්ෂීරපතය බලන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම ඒක පුදුමයක්.

නිගමනය

සරායී විලේජ් අව්‍යාජ සහ සිත සතුටු කරවන ගමන් අත්දැකීමක්. ඒක තරු පහේ හෝටලයක් නෙවෙයි. එයාලා එහෙම වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒක ගමේ සංස්කෘතියේ හොඳම දේවල් ඔප දමන තැනක්. අපි ඒක ගොඩක් අගය කරනවා. මේ ඔක්කොම ලැබෙන්නේ ලොකු මිලකට. ඒත් ඒක දේශීය ජනතාවට ගෙවා ගන්න බැරි මිලක් නම් නෙවෙයි. කණ්ඩායමක් ව්දිහට යනවනම් කාමර ගාස්තුව අඩු කරගන්න පුළුවන්. ඒත් කෑම ගණන්වලනම් ලොකු වෙනසක් වෙන්නේ නැතිවෙයි. සරායී විලේජ් එකේ නවතින්න යන ගමන මත්තල ගුවන් තොටුපොළත් බලන්න දාගත්තොත් එක හොඳ විනෝද ගමනක් වෙයි.

Rates

OFF-SEASON (February - October)

 

UNIT   Room Only     Bed And Breakfast    Half Board     Full Board

Mud Chalet (Two Units)       $79      $93      $108   $128

Tree House (The Nest)        $112   $126   $141   $161

Tree House (The Crib)         $85      $99      $114   $134

 

SEASON (November- April)

 

UNIT   Room Only     Bed And Breakfast    Half Board     Full Board

Mud Chalet (Two Units)       $90      $104   $119   $139

Tree House (The Nest)        $130   $144   $159   $179

Tree House (The Crib)         $100   $114   $129   $149

TIP

Look out for frogs in the loo. Look up at the sky, they've got an amazing view of the stars.
All Reviews

Saraii Village is a charming set of tree-houses and mud chalets near Hambantota. They also make an excellent rice and curry. Probably the best place to stay in the area.

සිංහල සරායී විලේජ් සරල, සාම්ප්‍රදායික නවාතැන් පහසුකම් සහ කදිම රයිස් ඇන්ඩ් කරි තියෙන පුංචි හෝටලයක්. මෙහෙ කෑමට අවශ්‍ය ද්‍රව්‍ය හොයාගන්නේ ගමේම කඩවලින්. ලක්ෂ ගණනක් තරු යට ගමේ කෑම කාලා අසළ පිහිටි යාල වනය දිහා බලාගෙන ගස් පැලක නිදාගන්න තියෙනවනම් ඒක වාසනාවක්. ගොඩක් ශ්‍රී ලාංකික හෝටල් බටහිර ප්‍රමිතීන් වල ගෘහ නිර්මාණය කරන්න ගිහින් අන්තිමට අවට තියෙන ස්වභාවික ලස්සනට නොගැලපෙන කැත ගොඩනැගිලි හදාගන්නවා. සරායී වැඩකරන්නේ අවට පරිසරයේ විදිහට. යාන්තම් සුවපහසු වෙන්න අවශ්‍ය දේවල් විතරයි මෙහෙ තියෙන්නේ. ඒක කදිම අත්දැකීමක්.

Address

Randunu Kele Watte, Weerawila, Hambantota District

Directions

From Hambantota town, take the Tissamaharama Road (A2) past Bundala, past the Weerawila (military) Airport. A few more kilometers and you'll a small square sign for Saraii. If you start crossing a lake you've gone too far.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Similar Places

User Reviews
A
1

5/5

0

Archana

I visited this lovely place with my family last week and it was the best trip we have gone so far… It was a beautiful feeling to wake up in a tree house for the call of the peacocks.The tree house suite is the best of the bunch, built with reused materials from the railway sleepers, antique doors, old lock to the furniture you see around. They have the best Sri Lankan food prepared with homegrown vegis and the food is another highlight!! My family had a good time and we are hoping to visit this unique place again.

A
1

5/5

0

Archana

I visited this lovely place with my family last week and it was the best trip we have gone so far… It was a beautiful feeling to wake up in a tree house for the call of the peacocks.The tree house suite is the best of the bunch, built with reused materials from the railway sleepers, antique doors, old lock to the furniture you see around. They have the best Sri Lankan food prepared with homegrown vegis and the food is another highlight!! My family had a good time and we are hoping to visit this unique place again.

See 10 Comments