Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Sarasavi Bookshop

2 Samudradevi Road, Nugegoda




සරසවි පොත්හල නුගේගොඩ නගරයේ තදබද, අවුල්සහගත තැනක් වෙලා තිබුණු කාලය ම‍ට මතකයි. එතැන නිදහසේ පොතක් තෝරා ගන්න පුළුවන් තැනක් වුණේ නැහැ. එය සාමාන්‍ය පොත්හලක්. අපි එහි ගියේ නිශ්චිත අවශ්‍යතාවන්ට.

පාසලට අවශ්‍ය සියලු දේ මිළදීගන්න පුළුවන් වූ නිසා සරසවි පොත්හල දෙමව්පියන් හා පාසල් දරුවන් අතර ජනප්‍රිය වී තිබුණා. ඔවුන් ළඟ විවිධ වර්ගවල ලිපිද්‍රව්‍ය රැසක් තිබුණා. එය පිහිටා තිබුණේත් ශාන්ත ජෝන් විදුහල සහ සමුද්‍රදේවි බාලිකා විදුහල ආසන්නයේ. ශාන්ත ජෝසප් හා අනුලා විද්‍යාලවලටත් එතරම් දුර නැහැ.

අතන මෙතැන විසිරී තිබුණු පොත් රාක්ක අතර සුබපැතුම්පත් තට්ටුත්, පාට කඩදාසි කුළුණුත්, රාක්කයෙන් රාක්කයට හිස් සටහන් පොත් අට්ටිත් තිබුණා. රාක්ක අතරින් ගමන් කළහැකිව තිබුණු ඉඩ කෙතරම් පටුද යත්, ඇ‍ඟේ වැදී යමක් නොවැටෙන්නනම් ඔබ උරහිස් හකුළාගෙන යා යුතුව තිබුණා.

සාප්පුව මැද වීදුරු කුටියක් තුළ සාප්පු සේවක සේවිකාවන් තුන් හතරදෙනෙක් වැඩ කළා. එහි ෂෝකේස්වල අසුරා තිබුණු වටිනා සායම් වර්ග හෝ පෑන් වර්ග වැනි යමක් ගන්න ඕනෑනම් වෙළඳ සේවකතැන සමග පුංචි ක්‍රීඩාවක්ද කරන්න සිදු වුණා. 'මේකද?' 'නෑ ඊට එහා එක.' මේකද?' 'ඔය පැත්තේ නෙමෙයි, අනෙක් පැත්තේ.

නුගේගොඩ සරසවි පොත්හල දැන් පුළුල් වෙලා. එහි ශාඛාත් ඇතිවෙලා. අර අවුල්සහගත පොත් සාප්පු‍ව වෙනුවට දැන් මනා ලෙස සංවිධානය කරන ලද සාප්පු දෙකක් තිබෙනවා. එකක් ලිපිද්‍රව්‍ය සඳහා. අනෙක පොත් සඳහා. ලිපිද්‍රව්‍ය සාප්පුව තිබෙන්නේ පරණ සරසවි පොත්හලේ. එය දැන් වඩා පි‍ළිවෙලට අසුරලා. දේවල් මිළදීගැනීම දැන් එදා තරම් යුද්ධයක්‍ නොවෙයි. හැමදෙයක්ම ඇති තැන් පහසුවෙන් සොයාගන්න පුළුවන්. අපි දැක්කා ඔවුන් ළඟ තිබෙනවා, ලස්සන නිල්පාට රතුපාට මුද්‍රණවලින් සමන්විත සුන්දර පැරණි ලෙජර්පොත්. අලුත් ඒවාට වඩා කදිම වූ ඒවා සැඟවී තිබුණේ ලෙජර් අංශයේ වම්පැත්තේ යට.

සමුද්‍රදේවි මාවත ඇරඹෙන හරියේම පිහිටි අලුත් පොත් සාප්පුවේ තට්ටු පහයි. විශේෂයෙන්ම පාසල් ඇරෙන වෙලාවට නම් ඒ පාරේ යනඑක නපුරු හීනයක් වගෙයි. එත්, පොත් සාප්පුවනම් හොඳ තැනක්. කලින් පළමු තට්ටුවේ තිබුණේ සම්භාව්‍ය අංශයක්. දැන් ඒ වෙනුවට එතැන පුරවලා තිබෙන්නේ කියවන්නත්, කියවා අමතක කරදමන්නත්, මිළදීගන්නත් පහසු මිල්ස් සහ බූන්ස් ප්‍රේමකතාවලින්. එකක් රු. 200යි.

කලින් වගේම තවමත් සරසවි පොත්හලේ ඇති පොත්වලින් සැලකියයුතු ප්‍රමාණයක් එදිනෙදා කියවනපොත්. එය පෙළපොත් හා ඉගෙනුම් ආධාරක සාගරයක්. සාමාන්‍ය ප්‍රබන්ධකතා පොත් වර්ග සාපේක්ෂව අඩුයි. ලංකාවේ යම් යම් වර්ගවල පොත් විශේෂයෙන් විකුණන පොත්හල් නැහැ. ඒ නිසා තිබෙන පොත්හල් හොඳ ඉදිරිපත්කිරීමකින් යුක්ත වියයුතුයි. මේ සඳහා හොඳ උදාහරණයක් තමයි, බෙයාෆුට් පොත්හල. එහි ඉදිරිපත් කර ඇති, ඔබ නොකියවන වර්ගවල පවා ඇතැම් පොත් පවා දුටුවාම ඔබට ඒවා කියවන්න හිතෙනවා.

සරසවි පොත්හලේ සිව්වන මහලනම් ඉතා හොඳයි. එහි එළිය අනෙක් තට්ටුවල තරම් සැර නැහැ. පරිසරය සැහැල්ලුයි. එහි තිබෙන්නේ මිල්ස් හා බූන්ස් පොත් නිසා පළවාහරින ලද සම්භාව්‍ය සාහිත්‍යය. ‍සෝෆා කීපයකුත් ඇති එහි ඔබට සුවපහසු ලෙස වාඩි වී පොත් කියවා බලා තෝරා ගන්න පුළුවන්. 19වන සියවසේදී ලංකාව ගැන ලියවුණු රසවත් පොත් එකතුවක්ද එහි තිබෙනවා. ඒ නැවත මුද්‍රණය කරන ලද පැරණි පොත්. ඒවායේ කවර වගේම ඇතුළේ කරුණුත් රසවත්. දූවිලි සහිත ලේඛනාගාරයක හැසිරෙනවාට වඩා මේ රට ගැන අධ්‍යයන කරන්න මේවා හොඳ මූලාශ්‍ර.

සරසවි පොත්හලත්, ඇගේ සොයුරිය වන ලිපිද්‍රව්‍යහලත් හොඳ පොත්හල් දෙකක්. ජාත්‍යන්තර ප්‍රමිතියට ළං නොවුණත්, ඒවා ලංකාවේ තත්වය අනුව ඒවා නරක නැහැ. ඔවුන් මෑතදී අන්තර්ජාලය හරහා ඇණවුම් කළහැකි සේවාවකුත් හඳුන්වාදුන්නා. එය පුදුම හිතෙනතරම් හොඳයි.

TIP

You can order online through their website and you get free delivery for purchases above Rs. 1000.

Address

2 Samudradevi Road, Nugegoda

Contacts

Facebook Website Twitter

Report Inaccuracy

Open 9AM to 10PM, 9AM to 6PM (SundayS)

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments