Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Sarasavi Warehouse

30, Stanley Tilakaratne Mawatha, Jambugasmulla

  • Open 8 AM to 7 PM weekdays, 6 PM weekends


Bargain/ second hand bookshop



නිතර පාගමනින් ගමන් කරන්නට ප්‍රිය මාහට මෝසම් වැසි කාළයේද කුඩයක් රැගෙන යාමට අමතකවේ. වැඩට යාමෙන් පසු ආපසු ගෙදර යනවිට නිතරම නුගේගොඩදී වැස්සට අතරමං වන මාහට සරසවි පොත් ගබඩාව පිහිටට එයි.

සරසවි පොත් ගබඩාව පිහිටා තිබෙන්නේ ප්‍රධාන සරසවි පොත්හළෙන් මීටර් සීයක් නුගේගොඩ සුපිරි වෙළඳ සළ දෙසට යනවිටයි. මෙය ප්‍රධාන සරසවි පොත්හළට සම්බන්ධයක් නැතුවා මෙනි. මම ඔවුන්ගෙන් සරසවි පොත් ගබඩාවේ ලිපිනය ඉල්ලූ විටදී එය ලබාදීමට ප්‍රධාන පොත්හළට සෑහෙන වෙලාවක් ගතවිය.

සරසවි පොත් ගබඩාව ආරම්භකොට දැන් අවුරුදු එක හමාරක් පමණ වේ. මම බොහෝ සති අන්තවලට මෙහි යනමුත් හැමදිනකම පාහේ මම දැක ඇත්තේ එකවිට පාරිභෝගිකයන් හතර පස් දෙනෙකු පමණය. සතිපතාම මෙහි පැමිණෙන නිත්‍ය පාරිභෝගිකයන් 20ක් පමණ ඇති බව පෙනී යයි. ඒ නිසා ඔබට ප්‍රධාන සරසවි පොත්හළේ මෙන් තදබදයකින් තොරව ඇවැසි තරම් වෙලාවක් ගතකොට ඔබට ඔබ කැමති පොත පත තෝරාගත හැකිය. පොත්හළකින් මෙවැනි නිදහසක් ලැබෙන්නේ ඉතා කළාතුරකින් බවද කිව යුතුය.

එහෙත්, අවාසනාවකට මෙන්, මෙහි එකම ආසනයක්වත් තබා නැත. මිළදී ගැනීමට පෙර වාඩිවී පොතක  පිටු කිහිපයක් කියවීමට අප කවුරුත් කැමතිය. මෙහි බොහෝවිට ඇත්තේ ප්‍රධාන සරසවි පොත්හළේ නොවිකුණුන පොත්ය. එමෙන්ම පාවිච්චි කළ පොත්ද මෙහිදී මිළදීගත හැකිය. එහෙත් මෙහි පොත් ඉතා හොඳ තත්වයෙන් පවතී. ඉරීගිය හෝ කටුගා ඇති පොත් මා දුටුවේ නැත.

පොත් ගබඩාව තට්ටු හතරකින් සමන්විතය.

 
  • බිම් මහළේ වැඩියෙන්ම ඇත්තේ ළමා පොත්ය. එමෙන්ම ශාශ්ත්‍රීය වටිනාකමින් යුතු පොත්ද මෙහිදී සොයාගත හැක.
  • පළමු මහළේ ඇත්තේ අධ්‍යාපනික වටිනාකමින් යුතු පොත්ය. වෛද්‍ය, කළමනාකරණ, නෛතික, භෞතික විද්‍යා, ගණකාධිකරණ ආදිය ඒ අතර වේ.
  • දෙවෙනි මහළේ නවකතා, චරිත කතා, ගෙවතු අලංකරණය, සෞඛ්‍යය,  ශාරීරික යෝග්‍යතාවය සහ ඉවුම් පිහුම් සම්බන්ධ පොත් ගබඩාකොට ඇත.
  • තෙවෙනි මහළේ ඇත්තේ සිංහල පොත්ය.
මම බොහෝවිට කාළය ගත කරන්නේ දෙවෙනි මහළේ නිසා මේ ලිපියේ මූලික අවධානය දෙවෙනි මහළටයි.

නවකථා ඇත්තේ ඉවුම් පිහුම් සහ ශාරීරික යෝග්‍යතා පොත්වලින් වෙන්ව වුවත් එතනින් එහාට ඇත්තේ දැඩි අසංවිධානත්මක ගතියකි. මම පුරා තුන් පැයක්ම කඤ්චුක දාරයන් කියවමින් ගත කළේ මෙහි ඇති අසංවිධානාත්මක ගතියත්, සමහරවිට එක පොතකින් ඇත්තේ එක පොතක් පමණක් වීමත් නිසාය. මෙසේ පොත් තෝරමින් ගතකිරීම ඇත්තෙන්ම එක්තරා සතුටක්ද ගෙන දෙයි. හදිසියේම ඔබ කැමති පොතක් අහම්බෙන් හමුවීම ඇත්තටම ඔබව අමන්දානන්දයට පත්කරයි.

සරසවිය ස්ටීවන් කිං සමග මේ තරම් තරහක් ඇත්තේ මන්දැයි මට නොතේරේ. ඔහුගෙ වටිනා පොත් නිකංම නිකං බිම ගොඩ ගසා ඇත. ඒ අතර ඔහුගේ ඉතා හොඳ නවකථාද දුටිමි.

එමෙන්ම දෙවෙනි මහළේ එක තැනක ලිංගිකත්වය සම්බන්ධ පොත් තොගයක්ද දූවිලි බැඳෙමින් ඇත. ඒ අතර ‘The Sexual Revolution 2.0’ වැනි චිත්තාකර්ෂණීය පොත්ද වේ.

එමෙන්ම ඉතා සිත්ගන්නා සුළු තරුණ යුවලවල් සිපගන්නා දර්ශන වලින්  අලංකාර වූ කවර ඇති ශෘංගාරාත්මක නවකථා රාශියක්ද මෙහි දක්නට ලැබේ.

මම මෙහි එන හැම වාරයකම කුමක් හෝ දියුණුවක් දකින්නට ඇත. පොත් තැන තැන දමා තිබූ ඒවා පිළිවෙළකට අසුරා ඇත. වෙනදා දකින්නට නොතිබූ පිළිවෙළක් පැමිණෙන සෑම දිනකම දකින්නට ඇත. කාර්ය මණ්ඩලයද ඉතා සුහදශීලීය. අළුත් පොත් අසුරා තිබෙන්නේ කොහේදැයි ඔවුන් ඔබට කියාදේ. එතනින් එහාට ඔබට අවශ්‍ය පොත සොයගැනීම ඔබටම භාරය. දැනට පොත් සඳහා පරිගණකගත දත්ත ගබඩාවක් ඇති බවක් පෙනෙන්නට නැත. එවැන්නක් තිබුනොත් අගනේය.

Address

30, Stanley Tilakaratne Mawatha, Jambugasmulla

Directions

From High Level Road, turn left under the flyover, heading into Nugegoda. It's about 100m in, on the right side (so may require a u-turn). parking is not easy

Contacts

Website

Report Inaccuracy

Open 8 AM to 7 PM weekdays, 6 PM weekends

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments