Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Saraswathie Lodge (Bambalapitiya)

191 Galle Road, Colombo 4


Saraswathie Lodge is another pure-veg South Indian spot on Galle Rd in Bambalapitiya. The ambience isn't as charming as nearby Greenlands Hotel but the thosai is marginally better.



පහුගිය දවසක හදිස්සියෙම මට වැල්ලවත්තෙ යාළුවෙක්ව මුණ ගැහෙන්න යන්න වුනා. ගිහින් එද්දි හොඳටම දවල් වෙලා. ගිනි මද්දහනෙ පිච්චි පිච්චි ඇවිදපු මම ආයෙ YAMU ඔෆිස් එකට එන්න බම්බලපිටියෙ විශාකා පාර ලඟින් බැස්සෙ යාළුවගෙ බයිසිකලෙන්ම ඇවිල්ලා.

''මචං, පොඩ්ඩක් ඉඳපන්කො. පට්ට බඩගිනියි බන්. අරකෙන් කාලා යමුද? උඹත් ඔහොම්මම වැඩට යන්න එපැයි'' මම යාළුවගෙන් ඇහුවෙ පාරෙන් එහා පැත්තෙ තිබුන සරස්වතී ලොජ් එක පෙන්නලා.

නොකිය හිටියට යාළුවත් ඉඳල තියෙන්නෙ ලොකු බඩගින්නක. මම අදහස දැම්ම විතරයි එක පයින්ම කැමති වුනා. දෙන්න කෙලින්ම ගිහින් නතර වුනේ සරස්වතී ලොජ් එකේ උඩ තට්ටුවෙ භෝජනාගාරෙ. වාහන නවත්තන අංගනයක් නැති නිසා යාළුවට බයික් එක නතර කරන්න වුනේ නම් කඩේ ඉස්සරහමයි.

වාතාවරණය

සරස්වතී ලොජ් එකත් අනිත් තෝසෙ කඩ වගේම තමයි. මල් මාලා දාපු දේව පින්තූර තොගයක් තියෙනවා කැෂියර් එකට උඩින්. කඩේට ඇතුල් වෙන තැන, ඒ කියන්නෙ පල්ලෙහා තට්ටුවෙත් භෝජනාගාරයක් තියෙනවා. ඒ වුනාට ගොඩක් අය යන්නෙ උඩ තට්ටුවෙ එකට. සමහර විට උඩ තට්ටුවෙ රස්නෙ අඩු ඇති. විදුලි පංකා දාලා වායු සමනය කරල තිබුනට දවල්ට ඉතින් කොහොමත් රස්නෙයිනෙ. හැබැයි රස්නෙයි, දාඩියයි කියල භෝජනාගාර සේවකයින්ගෙ වැඩ කිරිල්ලෙ වේගෙ නම් අඩුවක් නෑ. වෙඩි වගේ. එහාට දුවනවා. මෙහාට දුවනවා. කෑම ගේනවා. හොදි බෙදනවා. බිල් ගේනවා. බලන් ඉන්න ආසයි. ඇළුමිනියම් මේස පුටු දාලා බිමට ලොකු හිල් තියෙන රබර් කාපට් දාලා හදලා තියෙන භෝජනාගාරයේ සයිවර් කඩේක තියෙන්න ඕන නියම ගතිය උපරිමෙන්ම තියෙනවා.

ආහාර සහ සේවාව

මම කිව්වෙ සේවක මිත්‍රෙයා ටික වෙඩි වගේ වැඩ කියල. අපි දෙන්න වාඩි වෙලා විනාඩියක් ගියේ නෑ මෙන්න බොලේ සේවක මිත්‍රයෙක් මෙනුවකුත් අරගෙන අපේ මේසෙ ලඟ. දවල්ට බඩ පිරෙන්න බත් ටිකක් කෑවෙ නැත්නම් මට සෑහෙන්න අවුල්. ඉතින් මම බත් සහ ව්‍යංජන එකක් (රු. 270) තමයි ගේන්න කිව්වෙ. යාළුව නම් මෙනුව දිහා බලල සරස්වතී ලොජ් එකේ තියෙන විශේෂම දේ ඒ කියන්නෙ Special Masala තෝසෙ එකක් (රු. 170) ඇණවුම් කලා.

මම ඉල්ලපු බත් එක විනාඩි දෙකෙන් මගේ මේසෙ උඩ. ඒ වුනාට යාළුවගෙ තෝසෙ එක නම් දැන්ම එන පාටක් නෑ. මොනවද බලමු බත් එකේ තියෙන්නෙ. බෝංචි, පරිප්පු, අල, බණ්ඩක්කා, කරපිංච සම්බෝල, ලුණු දෙහි, පපඩම්, මෝරු මිරිස්, රසම්, මෝරු. පොඩි උළුඳු වඩේ එකකුත් තියෙනවා. නිර්මාංශ කෑම වේලක් නම් ආයෙ මේ තරම් එකක් නෑ. ඒ ඇරුණාම තව මිරිස් හොදි ටිකකුත් බත් එකට බෙදලා දීලා තමයි සේවක මිත්‍රයා යාළුවගෙ තෝසෙ එක ගේන්න ගියේ.

සුදු කැකුළු හාලේ බතට මෙතන තියෙන එළවළු වලින් නොගැලපෙන එකක් නම් නැති පාටයි. මදි නොකියන්න කිරි දාලා උයපු බෝංචි ව්‍යංජනයයි බණ්ඩක්කා ව්‍යංජනයයි නම් හරිම රසයි. හරියට ගෙදර හදල වගේ. අල පෙති තෙල් දැමුමටත් කිරි ටිකක් දාලා හිංදලා වගේ අරන් තියෙන්නෙ සැර ගතියත් එක්ක කිරි රසත් නියම පදමට එනවා. කරපිංච සම්බෝලෙ නම් අපේ අම්ම හදන එක තරම් රස නෑ. මොකද ඒකට සුදු ළූණු, ගම්මිරිස් එහෙම එච්චර දාලා නෑනෙ. හැබැයි ඒකෙ අඩු පාඩු ටික මැකෙන්න නියම පදමට හදපු ලුණු දෙහි එකක් නම් තියෙනවා. ලුණු රසයි ඊට යටින් එන විනාකිරි රසයි බත් කටට ඕන ලුණු ඇඹුල් ගතිය නියමෙට ගලපනවා. මෝරු මිරිස් එච්චරම සැර නැති වුනත් පුංචි සැර ගතියක් බත් කටට එකතු කරන්නෙ ඉන්දියානු රස දිවට නියමෙට දැනෙන්න. රසම් එකට නම් මොනවා දාලද දන්නෙ නෑ. වතුර ගතිය ටිකක් වැඩි වුනත් අමුතු රසක් නම් තියෙනවා. දුරු, මින්චි කොළ, පොඩියට කපපු කැරට්, ගෝවා වගේ එළවළු කෑලි තමයි රසම් එකේ පේන්න තිබුනෙ. මෝරු නම් මට එච්චර අල්ලන්නෙ නෑ. මොකද ඒකෙන් එන පැණි රස මට සෙට් වෙන්නෑ.

මම වැඩිපුරම කෑවෙ බෝංචි ව්‍යංජනයයි පරිප්පුයි කරපිංච සම්බෝලයි උළුඳු වඩෙයි තමයි. ඒ ටික එකට ඇනිලා හැදෙන බත් කටක රසට පොඩි පපඩම් කෑල්ලක් කරස් ගාලා හැපෙන කොට එන රස නම් නියමයි. කොහොම හරි යාළුවගෙ තෝසෙ එක මේසෙට එන කොට මම බත් එකෙන් භාගයක් විතර කාලා.

තෝසෙ එකත් රස පාටයි. එන්න පරක්කු වුන කේන්තියටද කොහෙද යාළුව තෝසෙ එකට දඩ බඩ ගාලා වැඩේ දෙනවා. මමත් ඉතින් පැත්තකින් පොඩි කෑල්ලක් කඩා ගෙන කාලා බැලුවා. මරු. අපි කන ගී තෝසෙ එකක තියෙන රසම තමයි. හැබැයි මැද්ද අල, ළූණු, කැරට්, ගෝවා තෙල් දැමුමකින් පිරලා. තෙල් දැමුමට රම්පෙ, කරපිංචා එහෙමත් දාලා නියම සුවඳක් එනවා. තෝසෙ එක ගතෙල් රසෙන් නම් අනූනයි. සාම්බාරු හොදි ටිකකුයි වඩේ සම්බෝල ටිකකුයි එක්ක තොසෙ කෑල්ලක් උගුරෙන් පල්ලෙහාට යනකොට බත් එක දීලා තෝසෙ එක ඉල්ල ගන්න හිතෙනවා.

අනුමිතිය

බඩ පැලෙන්න කෑවත් සරස්වතී ලොජ් එකේ කෑම වල සුවඳ එද්දි ආයෙ වාඩි වෙන්න හිතෙනවා. ඒ තරම් කෑම වල රස. අනික මස් මාළු නැතුව මෙච්චර රස කෑම වේලක් හදන්න පුළුවන් කියන්නෙ කොච්චර දෙයක්ද. ඔෆිස් ලඟ තිබිලත් මේ තැන මට මීට කලින් සෙට් වුනේ නෑනෙ. මස් මාළු නැතිව බත් ටිකක් කනවනම් සරස්වතී ලොජ් එක හොඳ තැනක්.


TIP

Brush up on your Tamil if you want the waiter to sneak you an anecdote or a kitchen secret or two.

Address

191 Galle Road, Colombo 4

Directions

Just 10m below from Vishaka road.

Contacts

Report Inaccuracy

Open 6.30am to 10.30pm Daily

Cuisine

South Indian

Price Range

Less than 200

Ratings Breakdown

Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

Their lunch meals are really worth the money. Filling and delicious, you even get free bananas, and yogurt on Fridays. The place can get packed around lunch time so do check out the upstairs room for seating. I didn't know this existed a while back 😅

G
1

5/5

0

Gulfjobshunt

Good place. very clean. foods are very delicious. you should visit here

G
1

5/5

0

Giules

+ Long standing establishment known for good food.
+ Lot's of customers, means food is fresh all the time.
+ Opens quite early in the morning.
+ Possibly the best tea I've had in the city.
+ Probably the best South Indian I've had in the city.
+ Value for money.

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

Their lunch meals are really worth the money. Filling and delicious, you even get free bananas, and yogurt on Fridays. The place can get packed around lunch time so do check out the upstairs room for seating. I didn't know this existed a while back 😅

G
1

5/5

0

Gulfjobshunt

Good place. very clean. foods are very delicious. you should visit here

G
1

5/5

0

Giules

+ Long standing establishment known for good food.
+ Lot's of customers, means food is fresh all the time.
+ Opens quite early in the morning.
+ Possibly the best tea I've had in the city.
+ Probably the best South Indian I've had in the city.
+ Value for money.

See 11 Comments