Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Saveira Indian Restaurant

185, 5 Havelock Rd, Colombo 005


Colombo's newest Indian joint that's surprisingly very affordable.



ගැස්රයිටිස් හැදිල, නහුතෙටම අමාරුවෙලා.. යාන්තම් හොඳ වුණා විතරයි. ඉතින් දැන දැන එක්කගෙන යන්න පුළුවන්ද කියන්නකො යාළු සෝස්, මිරිස් අම්බානක දාලා කෑම හදන රෙස්ටුරන්ට් එකකට, කෑමට? ම්.. කරන්නම දෙයක් නැති තැන මම ගූගල් එකෙත් හොයල හොයල, යමු සයිට් එකත් පීරල තමයි යාන්තම් ඔන්න තැනක් ගලපගත්තෙ. හැබැයි ඉතින් ගලපගත්ත අනික් පැත්තට කෝල් එකක් නම් ගැහුව අරයට, විස්තරේ කියන්න හනි හනිකට!

“මෙහ්.. ෂේප් එකේ කන්න පුළුවන් තැනක් තියෙනව හැව්ලොක්වල. අනං මනං සැර ජාති එහෙම නැතුව. ඒ නිසා ඔයා බම්බ වලින් බැහැල, කෙලින්ම වීල් එකක් අරගෙන එනවද එතනට, මම ලොකේෂන් එක එවන්න”

“හ්ම්..

හා හා.. ඒනං ඉතින් මොනව කරන්නද, ලෙඩත් වුණානෙ.

මෙහ්, ඒක නෙවෙයි එතන මොනවගේ දේවල්ද දන්නෑනේ තියෙන්නෙ?”

“තියෙන්නෙ..?

තියෙන්නෙ අඹ අච්චාරුයි, කොච්චි සම්බෝල, රොටියි වගේ ඒවා. මගෙන් අහගන්න එපා..

ඉන්ඩියන් කඩයක්. බත් තියෙනව එච්චරයි”

මං කියන්නෙ, ලැජ්ජාවක් නැති හැටි මුන්ට! මෙච්චර අමාරුවෙලත්. අනේ මංදා ඉතින් කෙල්ලොනෙ.

කොහොම කොහොමින් හරි දෙන්නම, එකම ටයිම් එකටම වගේ රෙස්ටුරන්ට් එක ළඟට. සෙට්වෙලා ඉතින්.. ආයෙ හරි බරි ගැහිලි නෑ, කෙලින්ම ඇතුලට. ඒකත් ඉස්සරහට හමුවෙච්ච සේවක මිත්‍රයගෙ සුහද පිළිගැනීමත් එක්ක හොඳ සුවපහසු මේසයකටම ඈ..

වාඩි වෙලා අනික් පැත්තටනෙ, මෙන්න බොලේ අර සේවක මිත්‍රය අපේ ළඟ! ‘ගුඩ් ආෆ්ටනූන්’ පාරක් එහෙමත් දාලා මෙනු 2කුත් දුන්නෙ ඕං අතටම. ඒ විතරක් නෙවෙයි, අපි ඒවා බලල කෑම තෝරනකම් ළඟට වෙලා හිටියත් එක්ක. ඉන්න අතරට කෑමවල රසවල්, සැර ගතිය එහෙම හැම දෙයක්ම අපිට කියල දීලා, හොඳ සපෝට් එකකුත් දුන්න කෑමටික තෝරන්න. ඇත්තටම ඒ මිත්‍රයගෙ සේවාවට නම් තරු 5යි ඈ.. කවුරු කිව්වත්.

ඒ විදියට දාපු ඕඩරේ විනාඩි 10ට මේසෙට ගේන්නත් සේවක මිත්‍රය හරි හරියට වැඩ කළා වෙන්න ඕන. හැරත් ඒ අතරට වතුර, පිඟන් කෝප්ප අඩු පාඩු සියල්ලමත් මේසෙට ගලපලා..

කෑම ටික මේසෙට ගෙනාවට පස්සෙ තමයි ආවෙ ගැම්ම! ෂැහ්, බලන්න එපැයි මට්න් බිරියානියෙ (රු. 620) සුවඳයි, කට්ල්ෆිෂ් චෙට්ටිනාද් (රු. 720) එකේ පාටයි, මට්න් රොගන් ජොෂ් (රු. 690) එකේ සුවඳ,රස, පාට සියල්ලමයි.. චිකන් රයිස් ඇන්ඩ් කරියත් (රු. 250)? ආයෙ දකිද්දි කටට කෙල උනන ගානයි යාළු. ඉතින් එහෙම තියෙද්දි බල බල ඉඳියිද කියන්නකො කවුරු වුණත්. ගත්ත දෙන්න දෙපැත්තෙන්.. හාවක් හූවක් නෑ ඕං. කොටින්ම කියතොත් කටවල් 3, 4කට සැරයක් තමයි ඔලුව ඉස්සුවෙත්. ඒකත් අර කාපුව පල්ලෙහාට බහින්න ඕන නිසා මිසක්.

සත්තයි, ඒ තරම් රසයි හොඳේ. කීරි සම්බාහාලෙ බතයි, නූලට සෙට්වුනු බිරියානි මික්ස් එකේ රසයි, පදමට තැම්බිච්ච තඩි මට්න් කෑලියි.. පංකාදු පහයි, හයයි, හතයි! වැඩිය ඕන නෑ, බිරියානියට ආපු සම්බල්, හොදි එහෙම දාගන්නත් සිහියක් නෑ. මොකද බතේ රසේ කිසි අඩුවක් නෑනෙ.

හැරත් අර කට්ල්ෆිෂ් එකේ ග්‍රෙවි ටිකක් එක්ක එයින් කෑල්ලක් දෙකකුත් එකතු වුණාම.. හොදි ඕන නෑ ඉතින්. හැබැයි එකක්. ඒ කට්ල්ෆිෂ් එකේ තඩි කට්ල්ෆිෂ් කෑලි තොගයක් තිබ්බට, ඒවයෙන් එන කට්ල්ෆිෂ් රසේ පොඩි මදි ගතියක් තිබ්බ. මගෙ හිතේ අර ඉන්ඩියන් ටයිප් නිසා, කුළුබඩු රස වැඩි වෙලා වෙන්න ඕන.

ඒත් ඒකට මට්න් එකනෙ. කිරි අප්පේ.. සුපිරිම ඈ. ටොප් මට්න් රස. සැරත් ගානට. කුළුබඩු අඩුම කුඩුම පදමත් තිතට, ඒත්.. ඒකෙ හොද්දේ… පොඩි සෝස් මොනවහරි වැඩි ගතියක් තියෙනව වගේ. අනේ මංදා ඉතින්..

ඔක්කොමත් හරි රයිස් ඇන්ඩ් කරි එකත් හරි කිව්වලු. කෙලින්ම එළවළු ජාති 5ක්. කිරි, තුනපහ නූලට දාලා හදපු පරිප්පුවයි, පැණිරස ඇඹුල් රස තකට තක ගැලපෙන අඹ චට්නියයි, සාමාන්‍යයෙන් හොඳ රසක් තිබ්බ බටු මෝජුවයි, ම්.. බෝංචියත් නරකම නෑ. මොකද ඒකටත් හොඳ හැටි කිරි, අමු තුනපහ ටික දාලනෙ. එතකොට.. ඉන්ඩියන් රසට හදාපු චිකන් පලුවකුත් තිබ්බ. යාන්තම් තන්දුරි වගේ රසක් එක්ක හොඳ කුළුබඩු රසකුත් ගැලපෙන්න.

ඒ නිසාම ඉතින් රයිස් ඇන්ඩ් කරියෙත් ඉතුරු නෑ. පිඟාන නිකම් හෝදල වගේ. වැඩේ කියන්නෙ ඒ විදියට, ඉස්මුරුත්තාව එනකම් කාලා, ඩෙසට් එකට ඕඩර් කරපු වටලප්පමත් (රු. 180) මල් හතට තිබ්බාම.. මගෙ මතකෙ හැටියට නම් තඩි වටලප්පම් කප් එක හැඳි 6ට 7ට ඉවරයි, හ්ම්..

ඊට පස්සෙ ඉතින්.. හෙල්ලෙන්න බෑ. විනාඩි 10ක් විතර ඉඳල තමයි වාහනයකුත් දාගත්තෙ, ඕ..න්න!

ඒ නිසා ඔයාලත් ගියාට කමක් නෑ පරිස්සමට හොඳේ. කාලා වැඩිවෙලා...

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment