Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Savoy 3D Cinema

12 Savoy Building, Galle Road, Wellawatte, Colombo 6


The new Savoy 3D cinema is just...wow. It's huge, the seats aren't falling apart and the screen is HD. That's right, no more trembling, blurry projections. Just a crystal clear, blazingly vibrant, enormous screen.



සැවෝයි සිනමාහලේ අලුත් ත්‍රිමාන (3D) චිත්‍රපට ශාලාව විස්මයජනකයි. එය ලොකුයි. සීට් හොඳයි. තිරයත් විශේෂයි (HD). ඔව්, තවදුරටත් වෙව්ලන, බොඳවුණ රූප නැහැ. අති පැහැදිලි, හරිම ප්‍රාණවත්, දැවැන්ත තිරයක්.

අපේ ප්‍රශංසාව හැඟීම්බර එකක් වෙන්න පුළුවන්. ඒත්, ඇත්තෙන්ම හොඳ සිනමාහලක චිත්‍රපටයක් බැලූ පසු එහෙම විය යුතුයි. කොළඹ සිනමාශාලාවල බොහෝවිට තිබෙන්නේ දුර්වල ප්‍රක්ෂේපණයක්. ශබ්ද පද්ධති හොඳ නැහැ. අසුන් හොඳ නැහැ. බිමත් කිළිටියි. අධික වියදම් දරා මෑතදී නවීකරණය කරන ලද මැජස්ටික් සිටි සිනමාහලවත් සැවෝයි තරම් හොඳ නැහැ. එහි තිරය කුඩායි. ශබ්ද පද්ධතිය සාමාන්‍යයි. ඒත්, ඔවුන්ට පුළුවන් වී තිබෙනවා සෙනග ගෙන්වාගන්න.

සැවෝයි තිරය මැජස්ටික් සිටියේ තිරයට වඩා ඉතා හොඳයි. එහි රූප විචිත්‍රයි. ශබ්දයේ ගැඹුර හා පැහැදිලිතාව වැඩියි. ඔවුන් හොඳ ශබ්දවාහිනී සඳහා මුදල් ආයෝජනය කරලා. හොඳ ශ්‍රව්‍ය, දෘෂ්‍ය අත්දැකීමක් ලබන්න අවස්ථාව සැවෝයි ඔබට විවර කරදෙනවා.

අපි Dredd 3D චිත්‍රපටය බැලුවා, සැවෝයි එකෙන්. අන්තිම දිනයට කලින් ඔබටත් එය බලන්න පුළුවන් වුණානම් හොඳයි. එය සරළ කතා තේමාවක් සහිත සරළ චිත්‍රපටයක්. ඒත්, එය විශිෂ්ටයි. දෘෂ්‍ය ප්‍රයෝග පුදුමඑළවනසුළුයි. එය බැලීමෙන් අපි ගොඩක් සතුටුවුණා. අපි සාමාන්‍යයෙන් ත්‍රිමාන චිත්‍රපටවලට කැමති නැහැ. මේ දිනවල හැම චිත්‍රපටයකම වගේ ත්‍රිමාන පිටපතුත් නිකුත්වෙනවා. ඒත්, Dredd 3Dහි ත්‍රිමාන තාක්ෂණය හොඳින් පාවිච්චි කරලා. I

ඇත්තෙන්ම එය විශිෂ්ට චිත්‍රපටයක්. සැවෝයි එය මනාලෙස ප්‍රදර්ශනය කරනවා. සෙනගත් අඩුයි. ඒ දැවැන්ත තිරය ඉදිරිපිට LEDවලින් ආලෝකවත් කරන ලද ශාලාවේ තනියම වගේ වාඩිවී සිටිනවිට දැනෙන සතුට! ප්‍රවේශපත් අන්තර්ජාලයෙන්  මිළදී ගන්නත් පුළුවන්. 

TIP

They serve beer, though at Rs. 200 a can. Don't get annoyed at the gormless staff, the cinema is worth it.

Address

12 Savoy Building, Galle Road, Wellawatte, Colombo 6

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 9:30 AM to 10:30 PM

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments