Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

Schakasz

56, Stratford Avenue, Colombo 6


Schakasz is a little cafe in Kirulapone exclusively for desserts. They've got everything from creme brulee to chocolate ganache cake, in large portions.



බත් කාලා අතුරුපසක් නොකෑවොත් අපිට නම් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ නිසාම ගොඩක් කෑම කඩවල්වල ශීතකරණ ඇතුලෙ අතුරුපස වර්ග දෙක තුනක් නම් වරදින්නෙ නෑ. කොහොම වුනත් හරිහමන් අතුරුපසක් රස බලන්න නම් සමහර වෙලාවට වෙන තැනක් හොයාගෙන යන්නත් සිද්ධ වෙනවනෙ.

'ෂකාස්' කියන්නෙ අන්න එහෙම හොයාගෙන යන අයට හොඳ අස්වැසිල්ලක්. අපූරු සුහදශීලීබවකින් යන එන අයව පිළිගන්න මේ කඩේ පිහිටල තියෙන්නෙ වැල්ලවත්තෙ ස්ටැෆර්ඩ් අැවනියු එකේ. සුදු පාට බිත්ති ටිකයි, වීදුරු ජනේලවල තියෙන අපූරු කැටයම් ටිකයි නිසා දැක්ක ගමන් 'ෂකාස්' එක හඳුනගන්න පුළුවන්. බැලූ බැල්මට නිදහසේ පාඩුවෙ අතුරුපසක් රසවිඳින්න ඉඩ තියෙයි කියල හිතන්න බැරි වුනාට කඩේ ඇතුලෙ වගේම එළිමහනෙත් දහදොළොස්දෙනෙක්ට විතර වාඩිවෙන්න පුළුවන් මේසපුටු දාලා තමයි හදල තියෙන්නෙ.

අතුරුපස කඩවල් අතරෙ මෙච්චර කාලෙකට නම් දරාපු 'යුමි', 'බේකස් බයි බෙලා', ' බටර් බුටීක්' වගේ කඩ අතරට අලුතෙන් එකතුවුණු 'ෂකාස්' එක දැන්නම් සෑහෙන්න ඉහල මට්ටමක තමයි තියෙන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි මෙයාලගෙ මෙනුවෙ තියෙන 'කේ‍රම් බෘෘලේ', 'චොකලට් මෑඩ්නස්' වගේ අතුරුපසවල තියෙන අනර්ඝ රසය නිසා. අනික අතුරුපස දීසියෙ ප්‍රමාණයත් එක්ක බැලුවාම ගෙවන මුදලටත් සෑහෙන්න සාධාරණයි.

මෙයාලගෙ 'හොට් චොකලට්' (රු. 430) එක තමයි ගොඩක්ම විශේෂ. කොළඹ පැත්තෙ ගන්න තියෙන උණු චොකලට් අතරින් ෂකාස් එකේ හොට් චොකලට් එක සෑහෙන්න උඩින් තියෙනව කියල කියන්න පුළුවන්. දෙන්නෙක්ට විතර ඇති වෙන්න ලොකු මග් එකක මේසෙට එන මේ චොකලට් පානය චොකලට් රසෙන් නම් අනූනයි. ඒ විතරක්ද චොකලට් රස නොමැකෙන්නයි රස පදමට හිටින්නයි නියම ගාණට සීනි එකතු කරලා පැණි රස ගතිය මතු කරපු මේ හොට් චොකලට් එකේ උඩින් දාලා තියෙන මාෂ්මෙලෝස් නිසා තරමක ඝනකම ගතියකුත් තියෙනවා.

'ෂකාස් ක්‍රෙම් බෲලේ චීස්කේක්' (රු. 450) කියන්නෙත් උණු චොකලට්වලට දෙවනි නැති රසම රස අතුරු පසක්. ඒ විතරක් නෙවෙයි රස වර්ග කීපයක් ම එකතුවෙලා රසවත් වුනු මේ චීස් කේක් එකේ මෘදු ගතිය වගේ ම චීස් රසත් උපරිමෙන්ම තියෙනවා. හැබැයි ඒ අතරින් එන තද කස්ටඩ් රස තමයි හොඳටම දිව පිනවන්නෙ. ඒ විතරක් නෙවෙයි යටින්ම තියෙන ක්‍රිස්පි බිස්කට් තට්ටුවයි උඩින්ම තියෙන ළාවට පිළිස්සුණු කැරමල් තට්ටුවයි කේක් එකේ චීස්, කස්ටඩ් රසවල් ඉස්මතු කරන්නෙ දිව පිනායන පැණිරසක් මිශ්‍ර ක්‍රිස්පි ගතියකින්. කැරමල් තට්ටුවට උඩින් තියෙන රාස්බෙරි ටික නම් කේක් එක හැඩ කරන්න ම එකතු වුනු දෙයක් වගේ. සුදු පාට, කහ පාට කේක් එකට තද රතු පාට රාස්බෙරිවලින් ගේන ලස්සන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දැක්කාම කටට කෙල උනනවා. ලාවට පිළිස්සිලා දුම් දදා තියෙන කැරමල් කෑල්ලක රසට ශීතකල රාස්බෙරි වලින් එන සීතලෙන් එකතු වෙන රස, දිව පිනවන අපූරුව බලන්න නම් ෂකාස් ක්‍රෙම් බෲලේ එකක් කාලම බලන්න ඕන.

'Kahlua චීස්කේක්' (රු. 450) කියන එක තමයි ෂකාස්ලගෙ ප්‍රසිද්ධම චීස් කේක් එක. වැඩි ඉල්ලුම නිසාමද කොහෙද මේ චීස් කේක් ජාතිය ඇණවුම් කරල ගෙන්න ගන්නත් පුළුවන්. සාමාන්‍ය චීස් කේක් එකක් වුනාට උඩින් දාලා තියෙන ලොකු 'Kahlua මූස්' තට්ටුව නිසා හරිම ප්‍රණීත රසක් තමයි එන්නෙ. හොඳම කතාව කියන්නෙ ෂකාස් එකට ආපු අයගෙන් මේ වෙන කොට වැඩි ම දෙනෙක්ම කාලා තියෙන්නෙ මේ චීස් කේක් එකලු.

ස්ට්‍රෝබෙරි පැනකොටා ජාර් (රු. 380) කියන්නෙ ෂකාස් එකේ තියෙන තව අපූරු අතුරු පසක්. හැබැයි ඒක එක එක්නොගෙ රස පදම අනුව ගැලපෙන්න නොගැලපෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් ඒකෙ තියෙන ස්ට්‍රෝබෙරි කූලී තට්ටුව නම් සීනි දාලා පදම් කරපු ස්ට්‍රෝබෙරි රසින් අනූනයි.

අවාසනාවට මෙතන චොකලට් ෆජ් කේක් (රු. 450) එක නම් ටිකක් සවුත්තුයි. මොකද කේක් එකේ ක්‍රීම්, ෆජ් මිශ්‍ර කරලා හදපු යටම තට්ටුව ටිකක් විතර කර වෙලා. අමුතු හයිය ගතියකුත් තියෙනවා. ඒ විතරක් ම නෙවෙයි, සමස්ථයක් විදියට ගත්තාම මුළු කේක් එකම ටිකක් හයිය ගතියෙන් වැඩියි. හැබැයි ඉතින් නියම චොකලට් රසින් නම් උපරිම කේක් එකක්. පැණි රස ගතිය ටිකක් අඩු වුනාට ක්‍රීම් රස නිසා ලොකු අවුලක් ඇත්තෙමත් නෑ.

මේ හැරුණාම 'බේක් නොකරපු චීස් කේක්' කියල එකකුත් ෂකාස්ලා ලඟ තියෙනව ඒකත් හරිම රසයි කියල තමයි ආරංචිය. ඇත්තටම මෙයාලගෙ චීස් කේක් නම් මුළු කොළඹ පුරාම ප්‍රසිද්ධයි. අපේ 'යමු' එකේ කට්ටිය අතරෙත් චීස් කේක් කිව්වොත් ඉතින් ෂකාස් තමයි. ඔයාලත් ඔය යන එන ගමනෙ දවල් කෑමෙන් පස්සෙ හොඳ අතුරුපසක් හොයනව නම් වැල්ලවත්තෙ ෂකාස් එක ඒකට නියම තැනක් වේවි.


TIP

Not a lot of seating, you may be better off getting take-away.

Address

56, Stratford Avenue, Colombo 6

Directions

It's right next to the Stratford Avenue Barista, before Cafe Che - look for light teal canopies.

Contacts

Facebook Instagram

Report Inaccuracy

This place has closed down

Cuisine

Western Bakery

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Sweets Beverages Brownies Cakes Iced Coffee Bites

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
N
2

5/5

0

Nowell R.

Was looking for a nice quiet coffee place when I found this hidden gem. Lovely atmosphere and gives you a sort of homely feeling. Not exactly spacious but the place was relatively empty as I went there on a Wednesday evening.

B
6

4/5

0

BaileyDar

I loved the place. It is not that spacious but it looks so tidy with white furniture and all. It looks like an English country side house. Cakes were yummy too.

N
2

5/5

0

Nowell R.

Was looking for a nice quiet coffee place when I found this hidden gem. Lovely atmosphere and gives you a sort of homely feeling. Not exactly spacious but the place was relatively empty as I went there on a Wednesday evening.

B
6

4/5

0

BaileyDar

I loved the place. It is not that spacious but it looks so tidy with white furniture and all. It looks like an English country side house. Cakes were yummy too.

See 34 Comments