Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

Sea Fruit Bar and Coffee Lounge

95, Wijerama Mawatha, Colombo 07.


Identity crisis. Is this seafood? A coffee lounge? A fruit bar?



මෙතන නම දැක්ක හැටියේ නං අපිට හිතුණෙ මොකද්ද මේ මුහුදු පලතුරු සීන් එක කියල. Sea Fruit Bar and Coffee Lounge කියලනේ නමේ තියෙන්නෙ. (පස්සෙ යමු එකේ කොමෙන්ට් කරපු මිත්‍රයෙක්ගෙන් තමයි දැනගන්න ලැබුණේ තැන කරගෙන යන පවුලේ තාත්තා, පුතා සහ දුවගේ මුලකුරු වලින් තමයි ඒක හැදිල තියෙන්නෙ කියල) මෙතන කාලෙකට ඉස්සර කැෆේ පස්කුචි කියල තැනක් තිබුණා. පස්සෙ ඒක සී ෆ්රුට් බාර් එක කියල වෙනස් වුණා. ඒකට නං අපේ වැඩි මනාපයක් තිබුණේ නැහැ. දැන් ඊට අවුරුද්දකට පස්සෙ වෙනසක් වෙලාද කියල බලමුද?

තැන

තැන නං වෙනස් වෙලා නැති පාටයි. විජේරාම මාවතේ තියෙන මේ තැනේ තාම පැස්කුචි කාලේ ඉඳලම ආපු පුටු මේස තමයි තාමත් තියෙන්නෙ. ඉතින් ඔය සාමාන්‍යයෙන් කොෆි ෂොප්වල තියෙන මෝස්තර වගේ තමයි. අපිට මැනේජර් මහත්මය කියපු විදියට විජේරාම මාවතේ අලුත්වැඩියා නිසා මේ අයට තැන විවෘත කරගන්න බැරුව හුඟක් අමාරු වෙලා තියෙනවා. මේ ලඟදි තමයි ඔක්කොම පිළිවෙළට සකස් වෙලා තියෙන්නෙ. අපිත් එක්ක හුඟක් වෙලා කතා කළා රෙස්ටෝරන්ට් එකට කෑම ගේන තැන් ආදිය ගැන. සේවක මණ්ඩලේ නං හරි සැලකිල්ලයි. අපිට හොඳට සැලකුවා. ඒ ගැන නං කිසි වැරද්දක් කියන්න බැහැ. දැන් බලන්න තියෙන්නෙ කෑමවල වැරද්දක් නැද්ද කියල.

කෑම බීම

මෙතන නැති කෑමක් නෑ වගේ. මෙනුවේ බටහිර කෑම වට්ටෝරු ඔක්කොම වගේ තිබුණ. සැලඩ්, සුප්, සැන්ඩ්විච්, පැස්ටා, සිෆුඩ් ඔක්කොම තිබුණා. කෙළින්ම රු.7000 විතර වෙන කකුළු, පොකිරිස්සෝ කෑමත් තිබුණා.

අපි ඉස්සෙල්ලම රස බැලුවෙ මිනේස්ට්‍රෝනි සුප් එක (රු.350) සුප් එක හරිම රසයි. මේක හදන්න ගන්නේ එළවළු, පැස්ටා, ස්ටොක් වතුර. ඒකත් එක්ක ආපු ගාලික් පාන් එක්ක කෑවම පංකාදුයි. සීතල දවසක ගියොත් මේක උණු උණුවෙම රස බලන්න.

ඊළඟට මේසෙට ආවේ Tiger Red Prawn with Lemongrass Curry එක. (රු.1400). මේකට ඉස්සෝ හොඳ යහමින් දාල තිබුණා. අනික පොඩි බන්දේසියක නෙමෙයි ආවෙත්. තරමක විසාල භාජනේක පුරවල තමයි මේ කරිය ආවේ. කරියක් කියල නම ගහල තිබුණට මේක ඇත්තටම මිරිසට උයපු ඉස්සෝ හොද්දක්. කෙළින්ම පාන් බාගයක් එක්ක තමයි මේසෙට එන්නෙ. අපි හරිම ආසාවෙන් මේක කෑවේ. ඇත්තටම හොද්ද විතරක් එව්වනං වුණත් අපි නරකක් කියන එකක් නැහැ, ඒත් දාන හැන්දක් හැන්දක් ගානේ ඉස්සෙක් දෙන්නෙක් අහුවෙන්න තරම් ඉස්සෝ දාල තිබුණා. ඒක නං සෑහෙන්න වටිනවා. දෙන්නෙකුට වැඩිත් එක්ක. අඩුවෙන් කන තුන් දෙනෙකුට වුණත් ඇති කියල හිතෙනවා.

මට ආපු සර්ලොයින් ස්ටේක් (රු.1850) එක ගැන නං එච්චර හොඳක් කියන්න බැහැ. පෙපර් සෝස් එකනං රසයි. ඒත් මස් පෙත්ත කොච්චර හයියද කියන්නේ මට මේක කපන්න කියත් තලයක් ඉල්ල ගන්න හිතුණ. හැබැයි එකක් කියන්න ඕනේ. මේ හැම එකක් එක්කම ආපු ෆ්රයිස් නං පංකාදු පහයි.

බොන්න කියල අපි කෝපි බීම දෙකක් ගත්තා. හරියටම කියාගන්න බැරි නමක් තියෙන Gianduio එකයි (රු.450) ජැමෙයිකා අයිස් කෝපි එකයි (රු.500). ජමෙයිකා කියල නම තිබුණත් අයිස් කෝපි එකනං අපි හැමදාම බොන ලංකාවේ අයිස් කෝපි එකක් වගේමයි. අනිත් කෝපි එක බොන්න නං ටිකක් මහන්සි වෙන්න වුණා. උඩින් දාපු ක්‍රීම්, චොක්ලට් ටික කාලම තමයි කෝපි එකට බහින්න පුළුවන් වුණේ. හොඳ කෝපි එකක්. පැණි රසට කැමති අයටයි මේක.

අවසානයට

කලින් වතාවක සී ෆ්රුට් එකට අපෙන් වැඩි කැමැත්තක් නොලැබුණත් මේ පාර නං සැබෑ වෙනසක් අපි දැක්ක. කෑමේ හැබැයි. තැනේ නෙමෙයි. ප්‍රධාන කෑම වේලකට නැත්තං කෙටි කෝපි බීමකට වගේ දේකට වුණත් සී ෆ්රුට් බාර් එක ගැලපෙනවා.

Address

95, Wijerama Mawatha, Colombo 07.

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Western Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Salad Beef Sandwiches

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment