Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Sen Saal (Battaramulla)

267, Kaduwela Road, Battaramulla


Sen Saal was one of the very first large scale bakeries to establish themselves in Battaramulla. Since then they have added a restaurant at the back where they serve things like Lasgna, Rice and Curry, Nasi Goreng, Fried Rice and even the elusive Lamprais. They also do submarines and fresh fruit juices. Having lived in Battaramulla for so many years now, I was excited about writing a good review to rep the town. But oh my god, this is going to be the furthest thing from a good review!



සෙන් සාල් කියන්නේ බත්තරමුල්ලේ පිහිටුවන ලද මුල් කාලයට අයත් මහා පරිමාණ බේකරි අතරින් එකක්. කෙටි කෑමහලක් එක්ක විවෘත කරන ලද එයට දැන් විධිමත් අවන්හලකුත් එක් වෙලා. ලසඤ්ඤා, බත් හා ව්‍යංජන, නාසි ගුරාං,‍ ෆ්‍රයිඩ් රයිස් විතරක් නොවෙයි, ඔවුහු ලැම්ප්රයිසුත් පිරිනමනවා. ඔවුන් ළඟ සබ්මැරීන් සැන්විච් හා පලතුරු යුෂ වර්ගත් තිබෙනවා.

එක් කාලයක සෙන් සාල් තමයි බත්තරමුල්ලේ හොඳම පේස්ට්‍රි පිරිනැමුවේ. මම හැම සති අන්තයකම වගේ මගේ උදය ආහාරය ගත්තේ එතැන. කෙටි කෑම තවමත් හොඳ වුණත්, සෙන් සාල් නගරයේ හොඳම බේකරිය ය කියන කීර්තිය නැතිව ගිහින‍්. එය අත්පත් කරගෙන තිබෙන්නේ නුදුරින් පිහිටුවන ලද අලුත් තැනක් වන ක්ලැසිස් (Klassy’s) විසිනුයි. කෙටි කෑම සඳහා දැඩි බඩගින්නක් තිබේනම්, සෙන් සාල් තවමත් විශ්වසනීය තැනක්. හැබැයි, අනෙකුත් කෑම වර්ග ගැන නම් අපට එහෙම නිර්දේශ කරන්න බැහැ.

එහි ගොස් දිවා ආහාරය අරගෙන පිටුපස පිහිටි ඔවුන්ගේ නවීන විලාසිතාවේ පුංචි අවන්හල පිළිබඳ විමසා බලන්න මම තීරණය කළා. මට හිතෙන හැටිය‍ට එතැන ඉස්සරට වඩා සෙනග අඩුයි. ඒ ඇයිද කියා දැනගන්න මට උවමනා වුණා.

මම ඇණවුම් කළා ලැම්ප‍්රයිස්. කෙසෙල් කොළයක ලස්සනට දැවටූ එහි මිළ රු. 320යි. රු. 300ක් මිළ වන මාළු ෆ්‍රයිඩ් රයිස් පෙනුමින් කටට කෙළ උනවනවා. මම ඇණවුම් කළා අලි පේර යුෂ වීදුරුවකුත්. එහි මිළ රු. 145ක්. ඒක නම් හරිම රසයි. පෙනුම, පැහැය ආදී හැම එකක් ම හරි ගානට. එය සකසන්න පාවිච්චි කළ අලිගැ‍ටපේර හොඳට ඉදිලා. හැබැයි, ලැම්ප්රයිස් හා මාළු ෆ්‍රයිඩ් රයිස් නම් බලාපොරොත්තු සුන් කරනසුළුයි.

ඒ ලැම්ප්රයිස් එක තමයි, මා කාලා තිබෙන නරක ම එක. මට මගේ පිඟානේ තිබෙන කිසි දෙයක රසයක් දැනුණේ නැහැ. සාමාන්‍ය ප්‍රමිති‍යේ ලැම්ප්රයිස්වල අඩංගු විය යුතු තැම්බූ බිත්තර, වම්බටු,  ළූනු තෙම්පරාදුව හා කට්ලට් ආදිය එහි තිබුණත්, ඒවායේ රසයක් නැති තරම්. රු. 320ක් වැනි මිළකට එය අධි මිළ බලාපොරොත්තු සුන් වීමක්.

මාළු ෆ්‍රයිඩ් රයිසුත් ම්‍ධ්‍යම මට්ටමට වඩා පහළ. ලැම්ප්රයිස්වලට වඩා රසින් හොඳ වුණත්, මේ බතේත් රසක් නැහැ. සෞඛ්‍යාරක්ෂිතබව ගැනත් සැක තිබෙනවා.

සෙන් සාල් යනවා නම් කෙටි කෑම හා යුෂ වර්ග පමණක් රස විඳින්න. එතකොට වරදින්නේ නැහැ. අනෙකුත් කෑම වර්ග නම් වැඩක් නැහැ. කණගාටුයි, සෙන් සාල්. මම කලක් ඔබව අගය කළ කෙනෙක්. ඒත්, ඔබේ චෙෆ් ඔබව පහතට ඇද දමලා.

TIP

They do good short eats and bread
All Reviews

Sen Saal was one of the very first large scale bakeries to establish themselves in Battaramulla. Since then they have added a restaurant at the back where they serve things like Lasgna, Rice and Curry, Nasi Goreng, Fried Rice and even the elusive Lamprais. They also do submarines and fresh fruit juices. Having lived in Battaramulla for so many years now, I was excited about writing a good review to rep the town. But oh my god, this is going to be the furthest thing from a good review!

සිංහල සෙන් සාල් කියන්නේ බත්තරමුල්ලේ පිහිටුවන ලද මුල් කාලයට අයත් මහා පරිමාණ බේකරි අතරින් එකක්. කෙටි කෑමහලක් එක්ක විවෘත කරන ලද එයට දැන් විධිමත් අවන්හලකුත් එක් වෙලා. ලසඤ්ඤා, බත් හා ව්‍යංජන, නාසි ගුරාං,‍ ෆ්‍රයිඩ් රයිස් විතරක් නොවෙයි, ඔවුහු ලැම්ප්රයිසුත් පිරිනමනවා. ඔවුන් ළඟ සබ්මැරීන් සැන්විච් හා පලතුරු යුෂ වර්ගත් තිබෙනවා. කලක් තිස්සේ බත්තරමුල්ලේ ඉන්න මට නගරයේ තැනක් ගැන හොඳ විවරණයක් ලියන්න ඕනෑ වුණා. ඒත්, මේ මොනවද?


Similar Places

Have you visited this place?

Write your own review!
See 21 Comments