3/5

Sen Su Food

21/D, Narahenpita Rd, Colombo 005


A take-away only rice and curry place.


නම චීනෙන් කෑම අපෙන්..

රියල් ශ්‍රී ලංකන් චයිනීස් කන්න, යන්න නාවල හංදියට.

ආ.. ඒ ගියාට වැඩක් නෑනෙ ඉතින්. එතන කන්න බෑනෙ. තරහ නැතුව අරගෙන එන්න හොඳේ. හැබැයි ඉතින් වගකීමෙන් කිව්වහැකි, අරගෙන ආවට පාඩු නෑ. මොකද පෝෂන් එකේ සයිස් එකයි, මස් මාලු එළවළු තොගයයි එක්ක බැලුවාම.. පංකාදු පහයිනෙ!

ඇත්තටම මේක අහඹු සිදුවීමක්!

මම ඊයෙ දවල් කෑමට යන්න නැගිට්ටනෙ. එතකොටම, ඔන්න අපේ චතුරත් එනව, කොහේදා් ඉඳන් මොනවදෝ බරට බරේ අරගෙන...

“හෝව් හෝව් හෝව්.. යන්න එපා. තව කෑම තියෙනවා.. ඉඳාන්, මාත් එනව”

බෑ කියන්නද ඉතින්. පස්සෙ දෙන්නත් එක්ක ගියා උඩට. ගිහින් ඔන්න විශ්විත් එනකම් ඉඳල, පටන් ගත්ත පළවෙනි එක ලිහල කරල.

“ඒ.. නාසි? (රු. 350) ෂැහ්, මරු ආ” විශ්විට හරිම සන්තෝසයි.

කිව්වට මටත් එහෙමම තමයි. ඊටත් කටක් දෙකක් කද්දිනෙ. යාළු ඒක නම් සුපිරිම ඈ.. පොඩි අවුලකට කියල තිබ්බෙ අර ඔරිජිනල්ම නාසි රස නැති එක තමයි. ඒත් ඒකට තිබ්බා.. ශ්‍රී ලංකන් චයිනීස් රස නොම්මර එකටම! අනික කැරට්, ලීක්ස්, ලූණු කොළ, මිරිස් අඩුම කුඩුම වලින් අඩුවක් කියලද. අර පොඩ්ඩක් තෙල් වැඩි එක මිසක්. කොහොම වුණත් බතට මික්ස් වෙලා තිබුණ, පොඩි පොඩි බැදපු චිකන් කෑලි, සොසේජස් කෑලි නිසා.. ඒ අඩුපාඩුත් කොහෙන් ගියාද නෑ. අනික බත උඩින් රසම රස බුල්සායි එකකුත්නෙ.

ඒකෙන් පස්සෙ අපි දිග ඇරියෙ ෆ්‍රයිඩ් රයිස් එක (රු. 260).

යාළු ඒක.. දිග ඇරිය විතරයි මෙන්න උඩින්ම, ඩෙවිල් චිකන් පලුවක්! අනික ඒකෙ සයිස් එකත්..

බතත් හදල තියෙන්නෙ පුන්නි සම්බා හාලෙන් නිසා සුවඳයි රසයිත්.. පංකාදු පහටමත්. එළවළු, මිරිස් අඩුම කුඩුමත් නූලට දාලා හදපු බත් එකේ.. ඇටවලත් පොඩි ෆ්‍රයිඩ් ගතියක්නෙ. ඉතින් චොප්සියයි, චිලි පේස්ට් එකයිමත් ඇති ඒක අඩියටම හින්දන්න. ඒත් අර චිකන් පලුව අපරාදෙ නිසයි අපි ඒකත් රස බැලුවෙ.

අන්න.. වැඩේ කොට උඩ ගියපු වෙලාව. පදමට ගැඹුරු තෙලේ ෆ්‍රයි කරල, සෝස් අඩුම කුඩුම වලින් රස කරල, හදපු ඒ චිකන් පලුවේ.. රස කියන්න!

අන්තිමට රයිස්, නයිස්.. එක ඇටයක් නෑ හොයාගන්න.

එහෙම කාලා කොහොමද තව රයිස් ඇන්ඩ් කරි එකකුත් (මාළු: රු. 150) දිගඇරෙද්දි. ඇඬෙනව නේද?

ඒත් එහෙමයි කියල ඒකට බෑ කියන්නද?

කරන්නම දෙයක් නැති තැන එළවළු ටික හරි පොඩ්ඩ පොඩ්ඩ රස බලනව කියල ඔන්න විශ්වියි මායි..

“කිරි කොස් එක හොඳා..යි. කිරි වගේම ගම්මරිස්, සුදුළූණු ටිකත් ලෝබ නැතුව දාලා, පදමටම හින්දල තියෙනවා”

“ඔව් ඔව්.. ඒ වගේම මෙන්න මේ ලූණු තෙල් දැමුමත් සුපිරි..

ඒ අර ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ පාන්වල බටර් ගාලා, සීනි සම්බෝල උඩින් දාලා කන්නෙ. අන්න ඒ වගේ හදන්න නම් කියාපුම සීනි සම්බෝල ඈ..”

“සත්තයි කියාන්..” ඒ පාර කට්ටියම සීනි සම්බෝලෙට.

ඒ අතරෙ මම හෙමි හෙමිහිට බැස්ස, ලොකුවට ලොකුවෙ මැද්දෙ තිබ්බ මාළු කෑල්ලට.

ෂැහ්, ටොප්නෙ. ලුණු ඇඹුල් ගොරක ටික හොඳටම දාලා තියෙනව. ඒ විතරක් නෙවෙයි, මිරිස් තුනපහ ටිකත්.. හරියට අපි ගෙදර හදනව වගේ. ඇත්තටම ඒකත් එක්ක පරිප්පු චුට්ටකුත් ගැලණාම රස ඩබල්.

ම්.. කොළ මැල්ලුමට නම් තිබ්බෙ රාබු කොළ. පොල් දාලා එහෙම මලවල. නරකම නෑ ඉතින්. ඒත් මං කියන්නෙ ගොටුකොළ, මුකුණුවැන්න ටිකක් වගේ තිබ්බ නම් ඊට වැඩිය හොඳයි ඈ..

ඒ හැරුනාම තව..

තව මොනව තියෙන්නද?

තිබ්බත් කන්නද?

ඉස්මුරුත්තාවට රෝහල් ගතවෙන්න වෙන්න.

ඒ නිසා ඔයාලත් මතක තියාගන්න, ‘සෙන් සු’ යනකොට දෙන්නෙක්ට එක කෑම එකක් වගේ ගන්න, ලොකු බඩගින්නක් නැත්නම් ඕං..!

Address

21/D, Narahenpita Rd, Colombo 005

Contacts

Closed right now

Cuisine

Sri Lankan Sri Lankan Chinese

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3


Latest