Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Senanayake Book Shop

No 366 Galle Road Wellawatte


While it's not quite as charming as Maradana's second hand strip it's much better laid out and the books seems to be curated- classics at the back, pulp and pop towards the front and a box of more serious contemporary novels on one side.



අපි මෑතදී ලිව්වා, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පාවිච්චිකළ පොත් විකුණන කඩ ගැන. එක්දාස්නමස්ය අසූගණන්වල සීතල යුද්ධ ත්‍රාසජනක කතා, අර්ධ කාමුක නවකතා පිංචවල් හා වෙනත් පොත් අට්ටි ගණන් අතර අවුස්සා ඔබ කියවන්න කැමති යමක් සොයාගැනීම ආස්වාදනීයයි. ඒත්,

මෑත දිනෙක අපි ගොඩවුණා වැල්ලවත්තේ සේනානායක පොත්හලට. එහිදී අපට ලැබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් පාවිච්චිකළ පොත් අත්දැකීමක්. මරදානේ පාවිච්චිකළ පොත්කඩ තරම් ආකර්ශනීය නැතිවුණාට මෙතැන පොත් වඩා හොඳින් අසුරලා. එහි පොත් හොඳින් වර්ගකරලා. සම්භාව්‍ය කෘති පිටුපසට වන්නට. ජනප්‍රිය නවකතා ඉදිරියට වන්නට. වඩා බැරෑරුම් අද්‍යතන නවකතා එක් පැත්තක. විශිෂ්ට කවර නිර්මාන සහිත පනස්ගණන්වල කව්බෝයි නවකතාවල අපූරු එකතුවකුත් තිබෙනවා පැත්තක.

තත්පර කීපයක පිරික්සුමෙන් මට හමුවුණා ඔස්කාර් වයිල්ඩ්, ෆිට්ස්ජෙරල්ඩ්, ටෲමන් කැප්ටෝ, ජේම්ස් ජොයිස්.  ඔන්න වැටෙයි, මෙන්න වැටෙයි කියා බය හිතෙන මීටර් දෙකක් උස පොත් කන්දක් මැද තිබී තෝමස් මෑන්ගේ මැජික් මවුන්ටන් පොත හමුවීමෙන් මම උද්දාමයට පත්වුණා. මරදානේ පැය භාගයකදී සොයාගත් දේට වඩා කියවන්න වටින දේ මම මෙතැන විනාඩි දහයක් ඇවිස්සීමෙන් සොයාගත්තා. මිළත් අඩුයි. මිත්‍රශීලී කාර්යමණ්ඩලය කේවෙල් කිරීම අරඹනවා රු. 100න් හෝ 200න්, පොතේ තත්වය අනුව. මම නම් කියන්නේ රු. 100 පොතකට තවත් මොන කේවෙල්කිරීම්ද? හදිසියට පාවිච්චි කළ පොතක් මිළදීගන්න මීට වඩා හොඳ තැනක් නැහැ.

TIP

Don't under estimate the value of a second hand book as a gift. For a friend, parent, or boss who already seems to have everything rather than bankrupting yourself at Gandhara try busting out a thoughtfully selected second hand book - the Prince for a particualrly Machiavellian boss, a field guide to the birds of Ceylon for a nature loving aunty.... Unique and thoughtful sometimes wins out over big and bling

Address

No 366 Galle Road Wellawatte

Contacts

Report Inaccuracy

Closed right now

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 13 Comments