Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

September

Delivery only


A home baker who puts some interesting twists on usual brownies.



සමුදෙන්නත්..

සමුගන්නත්…

එය සමරන්නත්, හරි අපූරු ගැලපීමක් තමයි බ්‍රවුනිස් කියන්නෙ.

ඉතින්.. ඒ නිසාම වෙන්න ඕන,

අපේ සෙනුරිගෙයි බිලාල්ගෙයි නික්ම යාමේ දුක, තුනීවෙන රසයක් එයාලගෙ අන්තිමට දවසට එකතු කරන්න, විශ්වි හොඳම තැනකින් රසම බ්‍රවුනිස් තොගයක්ම ඕඩර් කලේ.

‘සැප්තැම්බර්’ අමුතුම නමක් වගේම, මෙයාලගෙ බ්‍රවුනිසුත් හරිම අමුතුයි. අනික මේ බවුනිස්වල එක එක රස තොගයක්ම එනව කියලත් ආරංචියි.

ඒත්.. අපිට ආවෙ රාස්ප්බෙරි බුවුනිසුයි, JD බ්‍රවුනිසුයි විතරයි.

කොහොමහරි ඉතින්.. සමුගැනීමේ කතාව එහෙම අවසන් වුනාට පස්සේ.. ඔන්න ඉස්ඉස්සෙල්ලාම කියල සෙනුරිටයි, බිලාල්ටයිම දුන්න බ්‍රවුනි පෙට්ටි දෙක, වැඩේ පටන් ගන්න කියල.

දීලා.. රවුමෙ එනකොට තමයි යාලු මාත් කෑල්ලක් ගත්තෙ.

ඇත්තටම ඒක JD එකක්. වැඩිය ඕන නෑ, JD දාලා කියල කටක් කද්දිම තේරෙනව. හැබැයි හරිම පොඩ්ඩක් වගේ. මොකද.. ඒකෙ චොක්ලට් රස හොඳටමනෙ. අනික උඩ හරියත් ලාවට වගේ කර වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන ඒ බ්‍රවුනි එකේ මෘදු ගතිය නම් නොම්මර එකටම. ඊටත් හොඳම චොක්ලට් එකකින් තමයි පදම අරගෙනත් තියෙන්නෙත්.

ඉතින්.. තව චුට්ටක් JD වැටුන නම්.. කියලමයි මගෙ හිතේම!

මම එච්චරටම කැමති නැති, ‘රාස්ප්බෙරි’ එකෙනුත් නොකා බැරි නිසා ඔන්න කෑල්ලක් කෑවා.

ඇත්තටම..

රාස්ප්බෙරි රසින් අනූනයි කියන්නෙ යාළු. ෂැහ්!

මට නම් එච්චර ඇල්ලුවෙ නෑ. ඒත්.. බෙරි රසට කැමති කෙනෙක්ට නම් මං හිතන්නෙ, ඒ තරම් බ්‍රවුනි එකක් වෙන නැති තරම් වෙයි.

අනිත් කාරණය තමයි ඒ බ්‍රවුනි කෑලිවල සයිස් එකයි, සම්පූර්ණ එකේ සයිස් එකයි බලද්දි..

ගාණෙ හැටියට නම්.. මේ වගේ පුංචි සාදයකට, නැත්නම් ඩෙසට් එකට තියාගෙන කන්න වුනත්…

නියමෙටම ගැලපෙනව ඈ..!

Price Range

More than Rs.1500

Dish Types

Brownies

Cuisine

Home Baker

Ratings Breakdown

Overall Rating
4
Service Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment