High level road, Nugegoda
Closed right now
Think its the best babath curry in Colombo
කාගෙවත් කතා මොකටද?
හැරත් උපරිම වුණොත් බඩ පොඩ්ඩක්... නෙ?
ඉතින් ආයෙ සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ යාළු, දැම්ම ඔෆිස් එකට ඔන්න මෙන්න කියල තියෙන සෙරන්ඩිබ් එකෙන් ඕඩරයක්. ඇත්තටම වෙන දෙයක් නිසා නෙවෙයි, ඒකෙ රස බාබත් කරියක් තියෙනව කියල ආරංචි නිසා. හැබැයි... අනිත් කාරණය නම්...
පෙළක් අය කියනවනෙ මේ කඩේ කෑම හරි නෑ කියල.
ඇත්තටම එහෙම වෙන්න පුළුවන් තමයි. ඒත් අපිට බෑනෙ ඒවා නොකා එක එක සහතික දෙන්න?
ඊටත් දෙපාරක් නොහිතා ම දාපු ඕඩරෙත් අරගෙන ඩිලිවරි මල්ලි මග එනව කියල දැක්කෙත් ගොඩ වෙලාවකට පස්සෙ. ඇයි ඉතින් දස අතේ කල්පනාවනෙ... ‘කෑම හොඳ වෙයිද, නරක වෙයිද?’
කොහොමහරි ඉතින් ඒ කල්පනාවෙ ම මම පල්ලෙහාට ගිහින් කෑම ටික අරගෙනත් ආවා. ඇවිල්ල ඔන්න චන්දනත් එක්ක එකතු වෙලා හර හරියට... මේසෙ උඩට!
තියල හිටං ඉස්සෙල්ලා ම අතගැහුවෙ රයිස් ඇන්ඩ් කරියට (රු. 200).
ඇත්තටම ලොකු දෙයක් නම් තිබ්බෙ නෑ. පොල් සම්බෝලයි, බාබතුයි, පරිප්පුයි, වම්බටුයි, අල බැදලයි. ඒත් ඉතින් සම්බා හාලෙ බත නිසා රස හොඳයි. එළවළු ගැන නම් විශේෂයෙන්ම කියන්න දෙයක් ඇත්තෙම නැතත්... බාබත් කරියට නම් තරු පහයි යාළු. සත්තයි උණු උණු පෝරණු පාන් ගෙඩියක් වගේ තිබ්බ නම් තරු විසික් වෙනව ආයෙ. අනික බාබත් එක තොගයක්නෙ ඒකෙ. හොඳ හැටි මිරිස් තුනපහ වගේම, ඇඹුලුත් දාලා, තරමක් හිඳෙන්න... හොද්දත් තියෙන්න, ෂැහ්! පිස්සු ආ... අවංකයෙන්ම.
ඒත්... මසාලා කොත්තුවෙ (රු. 550), අර ගොඩක් තැන්වල වගේ... මසාලා නෑ, අනිත් හැම එකම තියෙනව. තඩි කොත්තුවකුත් එක්ක. කරි චිකන් පලුවකුත් දාලා. එළවළු අඩුමකුඩුමත් මදි නොකියන්න. වැඩේ කියන්නෙ මිරිස්, අමුමිරිස්, මාළු මිරිස්... එතකොට චිලි පේස්ට්, ඒවයිනුත් අඩුවක් නෑ.
ඒත් ඒකෙ ඇති රසකුත් නෑ. අනේ මන්දා.
අන්න ඒකට ෆ්රයිඩ් රයිස් එක (රු. 350). කහ පාටයි හොඳේ. මම මුලින්ම හිතුවෙ බිරියානි කියල. ඕඩරේ මාරුවෙලාද දන්නෙ නෑනෙ. ඒත් කට දෙක කද්දි නම්... පංකාදු පහයි. ඇඟිලි පුරුකක් විතර සයිස් බීෆ් කෑලි, ගැඹුරු තෙලේ බැදල, දාලා තියෙනව එක 12-13ක් විතර. ඒ අතරට කැරලි වෙන්න දාපු බිත්තර, ලූණු, කැරට්, ලීක්ස්...
ඔක්කොමත් හරි බතෙත් හොඳ හැටි ෆ්රයි ගතිය තියෙන එකනෙ වැඩේ. රස කාරක නම් දාල ද කියල හොයන්න අමාරුයි. ඒත් රයිස් එකේ රස නම් නොම්මර එකයි.
අපරාදෙ ආ... කෑම සවුත්තු ඇති කියල හිතල ටිකක් ගෙනාවෙ.
ෂැහ්! කරපු මෝඩ කමක්. ඇයි අප්පේ... අර බාබත් එක මතක් වෙද්දි ආයෙ ගිහින් ගේන්න හිතෙන ගානයිනෙ.
Closed right now
Cuisine
Dish Types
Rice Noodles Eggs Seafood Kottu Biriyani Rice And Curry Fried Rice Beef Chicken Fried Chicken Fish Cuttlefish Naan Parata Bites Roti
Ratings Breakdown
A Sri Lankan Chinese hotel which has delicious babth & types…
Just beef.. everything is delicious!
Delete Comment