Artwork for KARAMU TOP BANNER

3/5

Seth

673/A, Kohalwila Road, Kelaniya


A popular family restaurant at Kelaniya that serves up some ok-ish food.



පහුගිය සති අන්තේ සෙනසුරාදාවේ අපි කට්ටියක් කැලණිය හරියේ පොඩි රවුමක් ගැහුවා. ඔය රවුම ඉවර වෙනකොට හවස 1 විතර වෙලා ඇති. තද බඩගින්නකුත් දැනුණ නිසා, ආයේ කොළඹට යනකම් ඉවසගෙන ඉන්න පුළුවන්කමක් අපි කාටවත් තිබුණේ නැහැ. ඔහොම ඉන්න අතරේ අපි ෆේස්බුක් එකේ අරහෙට මෙහෙට සර්ච් කරකර වට පිටේ තියෙන රෙස්ටෝරන්ට් මොනවද කියලා පොඩ්ඩක් හෙව්වා. අන්න එතකොට තමයි අපට සෙත් රෙස්ටෝරන්ට් එක ගැන දැනගන්න ලැබුණේ.

ෂහ්! ෆේස්බුක් එකේ රිවිව්වල හැටියට නම් මෙතැන සුපිරි තැනක්. හැමෝම වගේ 5/5 දීලා විතරක් නෙවෙයි කෑම බීම, මිල ගණන්, සර්විස් එක ගැන සෑහෙන්න අගය කරලා තිබුණා. ආයේ බලන්න දෙයක් නැහැනේ; නැග්ගා වාහනේට, විනාඩි දහයෙන් අපි සෙත් එක ළඟ.  

තැන

සෙත් එක තියෙන්නේ කැලණියේ කොහොල්විල පාරේ. මේක ෆැමිලි රෙස්ටෝරන්ට් ටයිප් එකේ එකක්. එක සැරේ තිස් දෙනෙක්ට විතර සුව පහසු විදියට වාඩි වෙලා කෑම ගන්න පුළුවන් විදියට මෙතැන ඉඩ සලස්වලා තියෙනවා. මේ දවස්වල නත්තල් සැරසිලිත් එක්කාසු වෙලා නිසා තවත් හැඩයි.  

කෑම බීම

බත්, නූඩ්ල්ස්, පැස්ටා, කොත්තු, කරි වර්ග කීපයක් ම එකතු කරලා හදපු මෙනුවක් සෙත් රෙස්ටෝරන්ට් එක සතුයි. බීමට නම් විශේෂ දෙයක් නැහැ. කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ දේවල් විතරයි තියෙන්නේ. ඉතින් ඔය අතරින් අපි චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු.320) එකකුයි, ඩෙවිල්ඩ් චිකන් (රු.400) එකකුයි, සීෆුඩ් පැස්ටා (රු.450) එකකුයි ඕඩර් කළා.

චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ ලොකු අවුලක් නම් නැහැ. ඒ වුණාට පොඩ්ඩක් සීසනින් කළා නම් තමයි වටින්නේ. අඩු තරමේ ඔය ගම්මිරිස් පොඩ්ඩක්, ලුණු පොඩ්ඩක් හරි එකතු කළා නම් සාමාන්‍ය බතකට වඩා රසක් එනවනේ. මේකේ තිබුණේ නිකන් ම බතක්. ලූණු කොළයි, හීනියට ලියපු කැරටුයි, බිත්තර කෑලියි ටිකක් දාලා තිබුණා. චිකන් තිබුණේ යන්තමට. ඔය පින්තූරේ තියෙන බතට උඩින් දාපු දුඹුරු පාට චිකන් කෑලි ටික පේනවනේ? මුළු බත් එකට ම තිබුණේ ඒ චිකන් ටික විතරයි.

ඩෙවිල්ඩ් චිකන් කරි එක සෑහෙන්න හොඳයි. මතුපිටින් ගනකමට තිබුණු මේ චිකන් කෑලි ඇතුල් පැත්තෙන් හරි ම සොෆ්ට්. යහමින් සෝස්, කුළුබඩු එකතු කරපු ගතිය මේවයෙන් හොඳට ම තේරුණා. අනික රු.400ට චිකන් කෑලි 10ක විතර පෝෂන් එකක් ලැබෙනවනේ. ඒක නිසා තුන්දෙනෙක්ට වුණත් අවුලක් නැතුව බෙදාගෙන කන්න ඇහැකි.

කියන්නත් කණගාටුයි, අපට කන්න ලැබිලා තියෙන පැස්ටාවලින් අවුල් ම එකක් තමයි සෙත් රෙස්ටෝරන්ට් එකේදී කන්න වුණේ. ස්පයිසි ගාලික් සෝස් එකතු කරපු චීසි සීෆුඩ් පැස්ටා කියලා කිව්වට, ඒ හැටි ඔපයක් මේකේ තියෙන වගක් නම් අපට දැනුණේ නැහැ. මොකද චීස්වල තියෙන්න ඕනේ ක්‍රීමි ගතිය වෙනුවට මේකේ තිබුණේ දියාරුවට තියෙන කිරි වගේ දෙයක්. ස්පයිසි ගාලික් සෝස් රසක් ආවෙ ම නැති තරම්. ඇත්තමයි පහුගිය සුමානේ රු.400ට අපි කෑව ඩබල් චීස් කොෆී ඇන්ඩ් ඩයින් එකේ පැස්ටා එකත් එක්ක සංසන්දනය කරලා බලනකොට සෑහෙන්න ම අපරාදේ.  

සර්විස් එක

සර්විස් එකේ නම් ඒ හැටි වරදක් තිබුණේ නැහැ. කෑම බීම සේරම මේසෙට එන්න ගියේ විනාඩි දහයක් වගේ. ස්ටාෆ් එකේ අයත් හරි ම ප්‍රසන්න විදියට කතා බහ කරනවා.

අවසාන වශයෙන්

අපට පෙනුන විදියට මේ අවට ඉන්න ගොඩක් දෙනා කෑම අරගෙන යන්න මෙතැනට එනවා. මොකද දවල්ට මේ කට්ටියගේ රයිස් ඇන්ඩ් කරි සෙට් මෙනු (රු.110 ඉඳලා ඉහළට) එකකුත් තියෙනවනේ. ඉතින් බජට් එක ලිමිටඩ් වෙලාවක, කැලණිය අවටින් බඩ පුරවගන්න තැනක් ඕනේ වුණොත්, සෙත් කියන්නේ ඒකට ගැලපෙන තැනක්. 


TIP

The Deviled chicken curry is pretty good.

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

673/A, Kohalwila Road, Kelaniya

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Overall Rating
5
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment