Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Shack Pizza

472F, Matara Road, Dewata, Galle


Pizza counterpart of the Shack Beach Cafe.



වැල්ලේ කකුල් ඔබාගෙන, මුහුදු හුළං රැල්ලක් එක්ක ම කටට රහට පීසා කෑල්ලක් කන්න ඇත්තම්? මාස තුන හතරක් තිස්සේ කොරෝනා නිසා ඔය හීනේ බල බල ඉඳපු අපට දෙයියනේ කියලා ගාලු යන්න පොටක් පෑදුණේ දැන් දවස් කීපයකට කලින්. මේ කියන්නේ Shack Pizza එක ගැන. මේක අපි කවදත් ආස කරපු Shack Beach Cafe එකේ කාණ්ඩෙගේ ම වැඩක්. 

තැන

Shack Beach Cafe එකටම යා වෙලා තමයි මේක තියෙන්නේ. බීච් එක පැත්තෙන් වගේ ම ගාලු පාර පැත්තෙනුත් මෙතැනට යන්න පුළුවන්. ගාලු පාර පැත්තෙන් යනව නම් මුලින් ම ඔයාලට මුණගැහෙන්නේ මේ කට්ටියගේ ෂොප් එක. ඔය ටීෂර්ට්, තේ වර්ග, surfingවලට උවමනා වෙන උපකරණ එහෙම මෙතනින් මිල දී ගන්න ඇහැකි. 

බීච් එක තරම් චිල් එකේ ඉන්න පුළුවන් තවත් තැනක් නැති තරම්නේ. ඉතින් ඒ චිල් වයිබ් එක අඩුවක් පාඩුවක් නැතුව ම මෙතැන  තියෙනවා. ඕනේ නම් පීසා එක හැදෙනකන් බීච් එකේ පොඩි රවුමක් දාන්න, පොඩියට surfing පාරක් දාන්න වුණත් ඔයාලට පුළුවන්. Surfing දන්නේ නැත්තන් ඒවා උගන්වන ඉස්කෝලයකුත් මෙතැන තියෙනවා.

පීසා 

අපි ගත්තා පීසා දෙකක්. එකක තිබුණේ  චිලී බීෆ් සහ තන්දූරි චිකන් (රු.1500). අනික බුෆාලා සහ ෆෝ-චීස් (රු. 1600).

පීසා දෙකේ ම ක්‍රස්ට් එක සිරා. හෙන ම ක්‍රිස්පි ඒ වගේ ම දර දාපු පෝරණුවකින් හදපු රස සහ සුවඳ හොඳට ම තිබුණා. අනික දාලා තිබුණ ටොපින්ග්ස් තොගේ! කන කටක් කටක් ගානේ තන්දූරි චිකන් කෑල්ලක්, බීෆ් කෑල්ලක් ෂුවර්!

තන්දූරි චිකන් සයිඩ් එකේ රවුමට කපපු මාළුමිරිස් කෑලිත් යහමින් දාලා තිබුණු නිසා පොඩි ක්‍රන්ච් එකක් වගේ ම ස්පයිසි රහක් ආවා. අනික මදි නොකියන්න මොස්රෙල්ලා චීසුත් දාලානේ.

නමේ පොරොන්දු වෙන විදියට ම චිලී බීෆ් එක ස්පයිසි ගතියෙන් අනූනයි. මොකද යහමින් අමු මිරිස් එකතු කරලනේ. අනික බීෆ් කෑලි පීසා එකට දාන්න කලින් ස්පයිසි මික්ස්චර් එකක මැරිනේට් කරලා ගත්තු බවක් තමයි අපට දැනුණේ. ඒ විතරක්යැ, මේ ඔක්කොම සැර ගතිය බැලන්ස් වෙන්න සීනි සම්බල් පොඩ්ඩකුත් එක්කාසු කරලා.

හැමදාම කන මාගරීටා පීසා එකට වෙනසක් ඕනේ නම්, මෙතැන තියෙන හොඳම ඔප්ෂන් එක තමයි බුෆාලා එක. හැම ස්ලයිස් එකකම බෆලෝ මොස්රෙල්ලා එකතු කරලයි මේක හදලා තිබුණේ. හැබැයි සෝස් පොඩ්ඩක් අඩු වුණා නම් තමයි හොඳ. මොකද සමහර වෙලාවල්වල අපට චීස් රස දැනුණේ ටිකක් අඩුවෙන්.

හොඳ කොලිටියේ Fior di latte, Bufeta, Blue cheese සහ Smoked Scamorza කියන චීස් හතර ලේයර් කරලා හදපු ෆෝ-චීස් එකත් මරු. හැබැයි බුෆාලා එකේ වගේ ම සෝස් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න තිබුණා නම් තමයි හොඳ.

Shack Pizza එකට ම කියලා ඩිසයින් කරපු බීම මෙනුවක් නැතත්, Shack Beach Cafe එකේ මෙනුවෙන් බොන්න යමක් ගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපි ගත්තේ Tutti Fruiti (රු. 500) එකයි Mango Lassi (රු. 500) එකයි. 

මේ දෙක ම සුපිරි. ෆ්‍රෙෂ් අඹ රහට යෝගට් රහක් මික්ස් වෙලා කුරුඳු පවුඩර් පොඩ්ඩකින් පැණිරසකුත් එකතු වෙලා එනකොට Mango Lassi එක බොන්න හිතෙන්නේ එක උගුරට. Tutti Fruiti එක හදලා තිබුණේ පැෂන් ෆෘට්, අන්නාසි, පැපොල් සහ පොල් වතුරවලින්. බඩ පිරෙන්න බීමක් ඕනේ නම් ඕක තමයි ඒකට හොඳටම හරි යන්නේ.

සර්විස් එක 

Shack Beach Cafe එකේ වගේ ම තමයි. Shack Pizza එකේ සර්විස් එක සුපිරි. කඩියෝ වගේ එහෙට මෙහෙට දුවලා විනාඩි 15ක් වගේ ඇතුළත අපේ කෑම බීම ටික ගෙනල්ලා දෙන්න එයාලා සමත් වුණා.

අවසාන වශයෙන් 

කොරෝනා බය හෙමීට පහවෙලා ගියාට පස්සේ ගාල්ල පැත්තේ රවුමක් කැරකෙන්න ගියොත්, Shack Pizza එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා හොඳද.

Address

472F, Matara Road, Dewata, Galle

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment