Artwork for New PickMe Flash banner 18 May 2021
Artwork for Chutiduwa top banners - new gifs
Artwork for PMF Free delivery campaign Artwork for Coffee post sidebar 1-Aga coffee

5/5

Shang Palace (Shangri-La Colombo)

No. 1, Galle Face, Colombo 2.


Shangri-La's signature restaurant, serving a range of traditional Chinese cuisine.



ෂැන්ග්රි ලා කියන්නේ හොංකොං රටින් පටන්ගත්ත, මේ වෙද්දී ලෝකයේ හොටෙල් 100කට අධික ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙන හොටෙල් සමූහයක්. මෙච්චර කාලයකට ලංකාවේ ෂැන්ග්රි ලා හෝටලයක් තිබුණේ හම්බන්තොට විතරයි. හැබැයි දැනට මාස කීපයකට කලින්, කොළඹත් ෂැන්ග්රි ලා හෝටලයක් ඉදි වුණා. අන්න එතැන තියෙන, චයිනීස් කෑමවලට ම වෙන් වුණු ෂැන්ග් පැලස් රෙස්ටෝරන්ට් එකේ වගතුග ටිකක් තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ.

තැන

කිව්වත් වගේ ෂැන්ග් පැලස් එක තියෙන්නේ කොළඹ ෂැන්ග්රි ලා හෝටලයේ. හරියට ම කිව්වොත් ඒකෙ තුන්වැනි තට්ටුවේ. මෙතැන ම එහාපැත්තෙ තමයි මේ කට්ටියගේ ටේබල් වන් රෙස්ටෝරන්ට් එකත් තියෙන්නේ.

මෙතැන තියෙන සුවපහසුවටත් වඩා අපට අල්ලලා ගියේ වීදුරුවෙන් එපිට පේන ලස්සන දර්ශනය තමයි. එක පැත්තකින් ගෝල්ෆේස් එක, අනිත් පැත්තෙන් බේරේ වැව. ඊට පිටිපස්සෙන් කොළඹ අහස තීරය ලස්සන කරන උසම උස බිල්ඩින් ටික. කොළඹ නගරයේ සිරියාවෙන් බාගයක් ම මෙතැනට දැකගන්න ලැබෙනවා.

කෑම බීම

ෂැන්ග් පැලස් එක වෙන් වෙලා තියෙන්නේ චයිනීස් කෑමවලට. සිචුවාන්, ඩොන්ග්බේ, කැන්ටොන් වගේ චීන ස්ටයිල්වල කෑම තොගයක් මෙයාලගේ මෙනුවේ දැකගන්න ලැබෙනවා. ඒ නිසා මෙතැන තියෙන හැමදේම බත්, කරි වර්ග නෙවෙයි. ඩිම් සම්ස්, බෙයිජිං ඩක් වගේ ඔරිජිනල් චයිනීස් ස්ටයිල් එකේ කෑම මෙතැනින් ගන්න පුළුවන්. බීමට තියෙන්නේ අයිස්ඩ් ටී, කොක්ටේල් වර්ග, සහ මොක්ටේල් ජාති. හැබැයි අපි මෙතැනට ගියේ පෝය දවසක නිසා, ඇල්කොහොල් තියෙන කිසිම බීමක් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

අපි අපේ කෑම වේල පටන්ගත්තේ Prawn Bean Curd Roll with Chives and Cheese (රු.900) එකෙන්. මේක ඇත්තට ම ස්ප්‍රින්ග් රෝල් එකක් වගේ. හැබැයි සාමාන්‍ය ස්ප්‍රින්ග් රෝල් එකක තරම් ගනකම දැවටුමක් මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒක හදලා තියෙන්නේ බීන් කර්ඩ්වලින්. ඒ නිසා මේ කෑම එකේ තියෙන්නේ හරි ම ලයිට් ගතියක්. රෝල් එක ඇතුළ පුරවලා තිබුණේ ඉස්සෝ සහ චීස්වලින්. කෑම රුචිය ඇති කරගන්න වගේ ම, ඉතුරු කෑමවලට බඩේ ඉඩ තියාගන්නත් කියාපු කෑම.

ආයේ කතා දෙකක් නෑ, ෂැන්ග් පැලස් එකේ තියෙන Yangzhou Fried Rice (රු.850) තමයි මෙච්චර කාලෙකට අපි කාලා තියෙන හොඳ ම ෆ්‍රයිඩ් රයිස් එක. චිකන්, ඉස්සෝ විතරක් නම් මදැයි, බිත්තරත් මේ බතට එක්කාසු වෙලා තිබුණනේ. බතේ තෙල් ගතියක් ඇත්තෙත් නැහැ. ලූණු කොළ, ග්‍රීන් පීස්, කැරට්, ඊළඟට ස්වීට් කෝර්න් එහෙමත් අඩුවක් පාඩුවක් නැති වෙන්න මේ බත් එකට එකතු කරලා තිබුණා. සීසනින් එකත් හොඳටෝ ම හොඳයි.

හප්පටසිරි! අපි ගත්ත Kung Pao Chicken (රු.1100) එකේ චිකන් කෑලි තරමට ම රෝස්ට් කරපු කජු තියෙනවා කියන්නකෝ! ඇත්තමයි මේක තුන්දෙනෙක් ට වුණත් හොඳට බෙදාගෙන කන්න පුළුවන් තරමේ චිකන් කරියක්. චිකන් කෑලි සේරම ගිලිලා තිබුණේ පංකාදු පහේ සෝස් එකක. ස්පයිසි ගතියක් වගේ ම, පොඩි ටැන්ගි ගතියක් මැද්දෙන් එන පැණි රසක් මේ සෝස් එකේ තිබුණා.

Stir Fried Asparagus (රු.1200) එකත් හොඳයි, ඒත් ලොකුවට කියන්න තරම් සීන් එකක් නැහැ. මොනවා වුණත් මේකේ එළවළු සේරම මාර ම ෆ්‍රෙෂ්. හොඳ ක්‍රන්චි ගතියට තිබුණා. මට නම් මේකේ වැඩිපුර ම අල්ලලා ගියේ නෙළුම් අල ටික තමයි. කොහොම වුණත් යෙලෝ බීන් සෝස් එකක ගිල්වලා එන නිසාදෝ හෝ මේකෙත් පොඩි ටැන්ගි ගතියක් තිබුණා.

දැන් කියන්නම්කො ඩෙසර්ට් එක ගැන. මේක තමයි කතාවේ හොඳ ම කෑල්ල. අපි ගත්තේ Shang Palace “Dragon's Breath Mango Sago with Coconut” (රු.900) එකක්. අම්මපා! මේක නම් මල් හතයි ඈ! මෙච්චර කාලෙකට කාලා තියෙන ඩෙසර්ට් අතරින් හොඳ ම, සහ වෙනස් ම විදියේ ඩෙසර්ට් එකක් තමයි මේක. මේ ඩෙසර්ට් එක හදලා තියෙන්නේ අඹ, ජම්බෝල, ටින් කිරි, කිරි, පොල් කිරි සහ සව් හාල්වලින්. තව උඩින් මාශ්මෙලෝ ටිකකුත් එක්කාසු වෙනවා. අඹවලින් එන ෆෘටී ගතියයි, ජම්බෝලවල ඇඹුල් රසයි, මාශ්මෙලෝවල පැණි රසයි තුන ම එක්කාසු වෙනකොට පංකාදු පහයි.

අපි බීමට ගත්තේ Shangri-La Iced Tea (රු.450) එකකුයි, Cappuccino (රු. 400) එකකුයි. කැපුචිනෝ එක නම් ඇත්තට ම හරි නැහැ. උකුවට තිබුණට මේකෙන් ආවේ කර වෙච්ච කෝපි රසක්.

හැබැයි අයිස්ඩ් ටී එක සිරා. මේක හදලා තිබුණේ තේවලට කුරුඳු, සහ දොඩම් පෙති දාලා. මේ තේ වර්ගයත් ෂැන්ග්රි ලා කට්ටියගේ ම නිෂ්පාදනයක්. හරි ම රිෆ්‍රෙෂින් ගතියක් මේ අයිස්ඩ් ටී එකෙන් ආවා.

සර්විස් එක

ෂැන්ග් පැලස් එකේ සර්විස් එක ගැන නම් අපි හුඟක් සන්තෝසයි. රෙස්ටෝරට් එකට ඇතුළු වෙද්දී තිබුණු උණුසුම් පිළිගැනීම මෙතැනින් පිටවෙද්දීත් අපට දැනුණා. අනික හොඳ ම දේ තමයි, ලොකු ඉන්ටර්නැෂනල් චේන් එකකින් එන රෙස්ටෝරන්ට් එකක් වුණත්, මෙතැන වැඩ කරන අයට අපේ භාෂාව අමතක වෙලා නැති එක. කීප විටක් ම ඇවිදින් කෑමවල රස ගුණ ගැන විස්තර අහන්න මේ අය අමතක කළේ නැහැ.

අවසාන වශයෙන්

ඔතෙන්ටික් චයිනීස් කෑම අත්දැකීමක් ගන්න ඕනේ වුණොත්, ෂැන්ග් පැලස් කියන්නේ ඒකට හොඳ ම තැනක්. ගණන් හිලව්වල තත්ත්වයත් එක්ක හැමදාම කන්න පුළුවන්කමක් නොතිබුණත්, මේක ඇත්තට ම එක සැරයක් හෝ ගිහින් එන්න වටිනවා.

TIP

Try the Mango Sago with Coconut and melt in your seat.

Address

No. 1, Galle Face, Colombo 2.

Directions

It's on the 3rd Floor of the hotel. Take the left when you get off the elevator.

Contacts

Facebook E-Mail Website Instagram

Report Inaccuracy

Similar Places

User Reviews
M
3

4/5

0

Mystica

Egg fried rice excellent. Typhoon prawns with deep fried garlic dried red chilli very good very generous with prawns. Szchezuan pork ribs so so. Very good value for money. Inattentive service. No refill green tea or chilled water offered.

M
3

4/5

0

Mystica

Egg fried rice excellent. Typhoon prawns with deep fried garlic dried red chilli very good very generous with prawns. Szchezuan pork ribs so so. Very good value for money. Inattentive service. No refill green tea or chilled water offered.

See 4 Comments